(සුජිත් හේවාජුලිගේ)
නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කර ඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඉකුත් සතියේදී ඖෂධ කාණ්ඩ අටක්ද මේ සතියේ දී ඖෂධ කාණ්ඩ පහක් ද වශයෙන් ඖෂධ කාණ්ඩ දහතුනක් මෙසේ ඉවත් කර ඇති බව පවසන විශේෂඥ වෛද්‍යවරයා ගිය සතියේ භාවිතයෙන් ඉවත් කළ ඖෂධ කාණ්ඩ අට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද ප්‍රකාශ කළේය.
එම ඖෂධ ගෙන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර පසුගිය වසර තුනේදී පමණක් මෙලෙස ඖෂධ කාණ්ඩ තුන්සියයක් පමණ භාවිතයෙන් ඉවත් කර ඇති බවද නිව් මෝනියා රෝගී තත්ත්වයන් මොලේ උණ රෝගී තත්ත්වයන් ඇතුළු තවත් බොහෝ ආසාදන තත්ත්වයන්ට ලබාදෙන ඖෂධ ඒ අතර ඇති බවද චමල් සංජීව මහතා පැවසීය
සෑම සතියකම මේ අන්දමට තත්ත්වයෙන් බාල වීම මත ඖෂධ කාණ්ඩ ඉවත් කරන නමුත් මෙම ඖෂධ ගෙන්වීමට අදාළව කටයුතු කළ නිලධාරීන් සම්බන්ධව හෝ ඖෂධ හඳුනා ගැනීමට නිසි වැඩපිළිවෙළක් ස්ථාපනය කිරීමට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ දක්වා සමත්ව නැතැයි හෙතෙම සඳහන් කරයි.
සතිපතා මේ අන්දමට බාල ඖෂධ ඉවත් කිරීමෙන් රටේ භාණ්ඩාගාරයට බරපතල හානියක් වන අතර මේවා සම්බන්ධ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවද ඔහු සඳහන් කරයි.
ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණයට සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන මැදිහත්වී මේ තත්ත්වය ලබන වසරේ ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් සාර්ථක ක්‍රමවේද වෙනසක් ගැන විශ්වාසය තැබිය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.
ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සහ ජාඇල මාර්ගයේ සැතපුම් 16 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුතු සඳහා මේ මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා වස
ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක් ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන නත්තල් කැරොල් ගී ප්‍රසංගය කම්කරු අමාත්‍ය හ
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්‍රදේශයට ආසන්නව රාත්‍රී කාලයේදී ඇණ ගැසූ ලෑලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර්වල ඇනීමට සලස්වා වාහනවල පැමිණි පුද්ග
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සර්වජන බලය පක්‍ෂයේ සාමාජිකත්වය අද (23) ගත්තේය.
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන ජනවාරි මස 2 වැනිදා (බ්‍රහස්පතින්දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරටට ගෙන් වූ තවත් ඖෂධ 13ක් ප්‍රමිතියට නෑ
හසක Monday, 23 December 2024 10:39 AM
ප්‍රමිතියයක් නැති කට්ටියගෙන් ප්‍රමිතියයක් ඇති වැඩ බලාපොරොත්තුවෙන්නෙ කොහොමද? මේ අයව තෝරපු අයටත් වගකීමෙ කොටසක් එනවා. මේවට සම්බන්ධ නිලධාරීන්ට දඬුවම් වශයෙන් නීතිමගින් ඉක්මනින් ඔවුන්ගේ සහ ඔවුන්ගේ ප්‍රතිලාභීන්ගේ දේපල රාජසන්තක කලයුතුයි.