(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම මාසයේ ගතවූ දින 6 තුළ සංචාරකයන් 38,615 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තා පවසයි.
ඒ අනුව මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට පසුගිය 6 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ සංචාරකයන් 760.891 ක් මෙරටට පැමිණ තිබේ.
මෙම මස ගෙවුණු දින 6 තුළ මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඉන්දියවෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 17 කි. මෙම මස පළමු දින 6 තුළ ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 6,548 පැමිණ ඇත. දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් එක්සත් රාජධානියට සහ රුසියාවට හිමිව ඇති අතර එම රටවලින් පිළිවෙළින් සංචාරකයන් 5,438 ක් සහ 4,185 ක් මෙරටට පැමිණ තිබේ.
මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට පසුගිය 6 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළද මෙරටට වැඩියෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර සංචාරකයන් 124,863 ක් එම කාලය තුළදී ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇත.
එහි දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් රුසියාවට සහ එක්සත් රාජධානියට හිමිව තිබිණ. එම කාලය තුළදී රුසියාවෙන් සංචාරකයන් 97,753 ක් මෙරටට පැමිණ තිබූ අතර එක්සත් රාජධානියෙන් මෙරටට සංචාරකයන් 75,143 ක් මෙරටට පැමිණ තිබුණේය.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සමන් සපුගේ මනෝච් මුතු කුමාර නොහොත් කයිවාරු මුතු නමැත්තාගේ අපරාධ කටයුතු සඳහා සඟවාගෙන සිටි ටී56 ගිනි
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මෙරට සුන්දරත්වය විඳින්න දින හයට තිස්අට දහසක් ඇවිත්