(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා ආරම්භ කළ හාස්‍යජනක ව්‍යාපෘතියකට ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ඩොලර් මිලියන 7.9 ක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වියදම් කර ඇතැයි ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය.
එපමණක් නොව තවත් හාස්‍යජනක ව්‍යාපෘති රැසක් සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය මුදල් වියදම් කර තිබෙන බවත් ඒ අතර අල් කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායමට නෑකම් කියන ත්‍රස්තවාදී කණ්ඩායමක් සඳහා ආහාර ලබාදීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක්, ඊජිප්තුවේ සංචාරක කර්මාන්තය සඳහා ඩොලර් මිලියන 6 වියදම් කළ ව්‍යාපෘති තිබෙන බවත් මස්ක් පැවැසුවේය.
මේ ආකාරයෙන් අනවශ්‍ය ලෙස වියදම් කළ ව්‍යාපෘති රාශියක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
දශක ගණනාවක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ වියදම් කිසිවෙකු අධීක්ෂණය කර නොමැති බවත් තවදුරටත් ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් මසක් පැවැසුවේය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීයව තිබෙන සියලුම කාර්යාලවලට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් අද (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අනිවාර්ය නිවාඩු යැවීමටත් දින 30 ක් තුළ එලෙස අනිවාර්ය නිවාඩු ලබන පිරිස් නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමටත් ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය පසුගියදා නියෝග කළේය.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා ආරම්භ කළ හාස්‍යජනක ව්‍යාපෘතියකට
කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසය
හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නි
නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (6) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මෙරට හාස්‍යජනක ව්‍යාපෘතියක් ගැන ඊලෝන් මාස්ක් හෙළි කරයි