IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මෙවර සාපෙළ විශිෂ්ටයෝ

(යොහාන් භාසුර)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග සමත්ව සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

දෙවන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමංසා ජයනදී රත්නවීරට හිමිව ඇති බවත් සිව්වන ස්ථානය සිසුවියන් තිදෙනෙකු හිමි කරගෙන ඇති බවත් ඒ මහතා කීය.

කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ සෙශානි සෙහංසා ජයවර්ධන, නුගේගොඩ අනුලා විද්‍යාලයේ මෙතුකි චමෝදි පෙරේරා සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නදුන් පමුදිතා රණවක එම සිසුවියන් බව කී ජයසුන්දර මහතා හත්වැනි ස්ථාන නුගේගොඩ අනුලා විද්‍යාලයේ නෙම්දිනී වොනාරා අධිකාරි, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තත්සරා කාවින්දි, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ තමාෂි ධනංජනා වික්‍රමගේ සහ මාතර රාහුල විද්‍යාලයේ සකුණ සදීශාන් සමරවික්‍රම හිමි කරගත් බවද සඳහන් කළේය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කළ අපේක්ෂකයන් 452,979 න් 415,545 ක් විභාගයට පෙනී සිටි බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 91.73 ක් බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 

විභාගයට පෙනී සිටි එම අපේක්ෂකයන්ගෙන් 13,309 ක් විෂයන් නවයටම ඒ සාමාර්ථ ලබාගැනීමට සමත්ව ඇති බවත් එය විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් සියයට 4.13 ක ප්‍රතිශතයක් බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

සියලුම විෂයන් අසමත් වූ ප්‍රතිශතය සියයට 2.12 ක් බවද ඒ මහතා සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට පෙනී සිටි 322,537 ක් අතරින් 244,228 ක් උසස් පෙළ පන්තියට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලබා ඇති බව කී ජයසුන්දර මහතා එය ප්‍රතිශතයක් ලෙස සියයට 75.72 ක් වීම ඉහල මට්ටමේ සාධනයක් බව ද සඳහන් කළේය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 73.55 ක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා සිටින බවත් එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ සාධනයක් බවත් ජයසුන්තර මහතා පැවසීය.

දකුණු පළාත සියයට 78.21 ක්, නැගෙනහිර පළාත සියයට 77.36 ක්, බස්නාහිර පළාත සියයට 77.11 ක් සහ සබරගමුව පළාත සියයට 76.54 ක් ලෙස උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ සමස්ත සිසු ප්‍රතිශතය ඉක්මවා ගිය පළාත් බවට පත්ව ඇති බව කී ජයසුන්දර මහතා පැවසුවේ ප්‍රධාන විෂයයන් හය සැලකීමේ දී සම ලකුණු ලබාගැනීම නිසා පළමු ස්ථානයක්, දෙවැනි  ස්ථාන දෙකක්, හතරවැනි ස්ථාන තුනක් සහ හත්වැනි ස්ථාන හතරක් ලෙස පළමු දසදෙනා නම් කර ඇති බවත්ය. 



අදහස් (0)

මෙවර සාපෙළ විශිෂ්ටයෝ

ඔබේ අදහස් එවන්න

දියත

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 355 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 176 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 423 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 479 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1478 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 376 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site