IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මේ වසරේ රට බංකොලොත් බවින් මුදා ගන්නවා

(අංජුල මහික වීරරත්න)

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාව මගින් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී  සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමිනි. 

මෙහිදී යාපනය ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණි. මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා ද එක්ව සිටියේය.  අනතුරුව ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ කුසලතා විදහා දැක්වෙන සංස්කෘතිය ප්‍රසංගය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්විය.



අදහස් (17)

මේ වසරේ රට බංකොලොත් බවින් මුදා ගන්නවා

සෝමේ Saturday, 25 May 2024 06:05 PM

ඇයි 2048 දී නෙමෙයි ද ? අහ් අමතක වුනා ඡන්දේ තියෙන්නේ මේ අවුරුද්දේ නේ. කැරට් හරි ලාබයි වගේ දැන්...!

:       10       30

කසුන් Saturday, 25 May 2024 06:40 PM

තවම ජේ වී පී එකෙන් මේකට බැනලා නැහැ. පුදුමයි...

:       30       10

Muthu Saturday, 25 May 2024 07:42 PM

තාම ඉවර නැද්ද මුදාගෙන......දැන් මේ අවුරුද්දෙම තුන් හතර පාරක් ඕක කිව්වා නේද....

:       3       32

PATTA hora Saturday, 25 May 2024 07:58 PM

චක්.... පිනා හිතන්නේ මිනිහගේ අතලොස්සක් අනුගාමිකයෝ වගේ අලුකුත්තේරු හරක් මුලු රටේම ඉන්නේ කියලා. ගත්ත ණය නොගෙවා, ආර්ථිකය අකුලලා, මධ්‍යම පාන්තිකයා පවා දුප්පතුන් ගේ ගොඩට ඇදලා දාලා, රටේ සුලු කර්මාන්ත වහලා, අපනයන කර්මාන්තය 75% කට වඩා කඩා වට්ටලා තව තවත් ණය අරන් පෙන්වන මේ සෙප්පඩ විජ්ජාව ට රැවටෙන උන් ඒ හරක් විතරයි. ඕවා පාලිතයටයි, වජිරයාටයි කියනවා.

:       4       29

Dharmatileke Saturday, 25 May 2024 08:12 PM

එක වේලාවකට කියනවා මමයි රට ගොඩදැම්මේ කියලා දැන් කියනවා තව එකක්

:       3       23

kotiya Saturday, 25 May 2024 09:41 PM

ඒ මඟුල් නෙමෙයි. ඇයි මූ වමතින් අතට අත දෙන්නේ? බාලදක්ෂයෙක්ද?

:       0       13

ජගත් ලියනගේ Sunday, 26 May 2024 07:33 AM

මමත් ඕක කල්පනා කරා . පස්සේ මතක් වුනා . ඔය මනුස්සයට ඉක්මනින් වම දකුණ මාරු වෙනවා . ( උදාහරණයක් ජනාධිපති ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ඡන්දයකින් පත් වීම )..

:       0       7

හාමු Sunday, 26 May 2024 08:49 AM

දකුණතින් අතට අත දෙන්නේ පැලැන්තියේ අයටයි රාජ්‍ය නයකයෝන්ටයි විතරයි , ඡන්ද දායි අඩුකුලේ පරහැත්තට අත දෙන්නේ නොකරම බැරි හින්ද ,එක හින්ද වමත පාවිච්චි කරනවා ,ඇයි අවුල්ද ?

:       0       6

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 26 May 2024 05:26 AM

මූවපොලොව පලාගෙන මේ මොහොතෙම අපායට යන්න ඕනේ. යකෝ 1977 ඉදලම කරන්න බැරිවූදේ දැන් කොහොමද කරන්නේ?

:       1       6

සෙනෙවිරත්න Sunday, 26 May 2024 06:15 AM

කසුන් කියන්නෙ මොලේ අමාරු කාරයෙක් වගේ, කවුරුත් පක්ෂ නමින් මෙතන විරෝධතා සටහන් කරන්නෙ නැහැ. හැබැයි ජවිපෙ විරෝධතාව මහ ඉහළින් සලකනවට බොහෝම කැමතියි. මාලිමාවට බිය වන්නෙ හොරුන් සහ හොරුන්ගෙන් ලාභ ප්‍රයෝජන ගන්න ඉන්න අය විතරයි .

:       1       9

Perera Sunday, 26 May 2024 06:43 AM

මුන් ගහන බොරු මුන්ට මතක නැ. දැන් මාස දෙක තුනක් ඉස්සෙල්ලා කිව්වා රට බංකොලොත් නැ කියලා

:       0       7

Ranjith DISSANAYAKE Sunday, 26 May 2024 08:45 AM

අනේ රනිල් වික්‍රමසිංහට දැන් හදිස්සියි ලංකාව බංකොලොත් භාවයෙන් ගොඩ ගන්න. ප්‍රශ්නය වන්නේ ඔහු තම පාලන සමයේදී කළේ කුමක්ද යන්නයි. ශ්‍රී ලංකාවේ නායකයන් වෙනත් රටවලින් ණය ගැනීම පාලනය කරන්නේ කෙසේදැයි ඔහු කිසිවිටෙක සිතුවේ නැත. ඒක කවදාවත් වුණේ නැහැ, රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල එක්ක එකතු වෙලා ලෝකේ වටේ වෙන ජාතීන්ගෙන් ණය අරගෙන මේ රට අගාධයට ගෙන ගියා.

:       0       8

රංබොඩ Sunday, 26 May 2024 09:20 AM

ඉස්සර යුද්ධය තිබුණා. එන එන කෙනා කියන්නෙ යුද්ධය නිමා කරනවා කියලා. දැන් බංකොලොත් වචනය.

:       0       5

Rata Perata Sunday, 26 May 2024 01:13 PM

මුන්ම බංකොලොත් කරනවැ.. මුන්ම බේරගන්නවා..සගපස්සෙන් යන බයියෝ හුරේ දානවා.. ඕක තමයි පහුගිය අවුරුදු 50ක් වුනේ

:       0       3

lakvidu Sunday, 26 May 2024 01:51 PM

හම්බෝ..., යංතං ඇති, ඒක ඇහුවට පස්සෙ තමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ. දැං ඉතිං දෙයියනේ කියල ඇහැ පියාගෙන පස්ස උඩ දාගෙන එලිවෙනකං දොයි බබා කියතෑකි!

:       0       1

reks Sunday, 26 May 2024 01:54 PM

රට මුදා ගනීවි, බදු ගෙවන අය බංකොළොත් වේවි...!

:       0       2

දයන්ත Sunday, 26 May 2024 05:19 PM

මහබැංකුව කොල්ලකාලා රට බංකොලොත් කරන්න දායක වෙච්චි පිං ජනාධිපති දැන් කියනවා රට බංකොලොත් භාවයෙන් මුදාගන්නවාලු...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 647 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 538 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 135 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1802 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site