නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයට අනුයුක්තව සේවය කරන සේවකයන් අට දෙනකුගේ දුරකථන විස්තර වාර්තා ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා දුරකථන සමාගම් තුනකට අද (30) නියෝග කළේය.
මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමට අදාල සම්පූර්ණ නොකරන ලද වාහන ලියාපදිංචි කිරීමේ පොත් දොළහක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට එම කාර්යාලයේ සේවය කරන සේවකයන් ගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට අවසර ලබාදෙන ලෙස බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
පොත් අස්ථානගත වූ කාර්යාලයේ සී සී ටීවී දර්ශන සවිකර නොමැති හෙයින් කාර්යාලයේ තිබූ ඇඟිලි සටහන් අනුව ඉදිරි විමර්ශන සිදු කරන බවත්,සැප්තැම්බර් මස 25 වැනි දින සිට මේ දක්වා කාර්යාලී වැඩ කරන එම සේවකයන්ගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට අවසර ලබා දෙන ලෙසත්,බොරැල්ල පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කාර්යාලය තුළට පිටස්තරින් පැමිණි පුද්ගලයකු විසින් මෙම පොත් සොරකම් කර ඇත්ද? නැතහොත් කිසියම් පාර්ශවයක් අස්ථානගත කර ඇද්ද යන්න පිළිබඳ අනාවරණය කර සැකකරුවන් හඳුනා ගැනීමට ඉදිරි විමර්ශන සිදු කරන බවද පොලිසිය සඳහන් කළේය.
එක පෙළට තිබූ අංක සහිත පොත් දොළහක් මෙසේ අතුරුදහන් වී ඇති බව පොලිසියේ අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයට අනුයුක්තව සේවය කරන සේවකයන් අට දෙනකුගේ දුරකථන විස්තර වාර්තා ලබා
දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීමට සඳහා පැමිණි කාන්තාවක් සැකකරුට දීමට යට ඇදුමේ සඟවා ගෙන සිටි ජංගම දුරකථනයක් සහ දුම්කොළ සුරුට්ට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය යැවූ කෝටි ගණනක වටිනා ඖෂධ තොගයක් මාස දෙකකට අධික කාලයක් තිස්සේ සෙල්සියස් අංශක 45ක අධික උෂ්ණත්වය තුළ දුම්රිය වැග
පාර්ලිමේන්තුව හොරු ගුහාවක් බව කියන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ දී අද (30)පැවසීය.
නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයකු මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 74 ක් සමග පසු අද මතුගම ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගත් බව මතුගම ප
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අටකගේ දුරකතන විස්තර ඉල්ලයි