(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වූ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙන් අද (06) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් මෙවර අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරිණි .
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වූ සිව් වන අවස්ථාව මෙය වන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා ඓතිහාසික සබඳතා තවදුරටත් තර කර ගැනීමත් දෙරට අතර බහුවිධ හවුල්කාරිත්වය තව දුරටත් ශක්තිමත් කර ගැනීම මෙම රාජ්‍ය සංචාරයේ දී සිදු විය.
එසේම, පළමුව අසල්වැසියා යන ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය සහ මහාසාගර් දැක්මට අනුව රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමිවන බවද මෙම සංචාරය අතරතුරදී ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා යළිත් තහවුරු කළේය.
ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඇතුළු ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටියහ.
කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වීමෙන් කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව වැඩ බලන පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න ම
තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකුගේ අත් බෑගය තුළ වූ දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරා ගත් චීන ජාතිකයන්
යාපනය විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා 2023 වර්ෂයේදී ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් පැමිණීම තහවුරු කිරීමෙන් තොරව රුපියල් කෝටි තුනකට ආසන්න වටිනා අ
මේ දිනවල සූර්යා ශ්‍රී ලංකාවට මුදුන්වීම හේතුවෙන් දැඩි හිරු රශ්මියක් පවතින බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පොදු දේපළ පනත යටතේ පවරන ලද නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද හත්වන දින බදුල්ල මහේස්ත්‍ර
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
මෝදි ලංකාවට සමු දෙයි
Asiri Sunday, 06 April 2025 08:04 PM
එතකොට ආගමන, විගමන කටයුතු නැද්ද?
PereraMonday, 07 April 2025 03:01 AM
රාජ්‍ය නායකයින් ආගමන විගමන කටයුතු වලින් නිදහස් . ඒක ලොව පුරා ජාත්‍යන්තර නීතිය අනුව පිළිගත් සම්මතයකි