IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


මෝදි- අනුර සිරිමා බෝධිය වඳිති

(අංජුල මහික වීරරත්න)

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව අද (6) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්හ.

උඩමළුව වෙත පැමිණි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමි බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

අටමස්ථානාධිපති හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාදය පළ කළහ.

අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා, එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය. මේ අතර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ඉදිකෙරුණු අභිනව මකර තොරණ විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

රුවන්වැලි සෑය චෛත්‍යාරාමාධිකාරී  ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලාද,  විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (2)

මෝදි- අනුර සිරිමා බෝධිය වඳිති

SIRI Sunday, 06 April 2025 03:26 PM

අගමැති සහ ජනාධිපති දෙපළ සමඟ එදා උඩමළුවට වඩින්න ඇත්තේ අටමස්ථානාධිපති නායක ස්වාමින්වහන්සේ විසින් අනුමත කරනලද, වගකීමක් සහ යමක් කමක් දන්නා තෝරා බේරාගත් නායක ස්වාමින්වහන්සේලා වියයුතුයි. එතැනට ගිය කැමරා කරුවන් හරහා මුළු ලෝකයම බලා සිටියදී මෝදි අගමැතිවරයා එක්ක එක ස්වාමින්වහන්සේ නමක් තම ජංගම දුරකතනයෙන් "සෙල්ෆි ඡායරූප" ගත්තු එකෙන් මුළු පින්කමේම අගය බාල්දු කළා කියලයි මට නම් හිතුනේ. මෝදි කියලා කීවාට එයා මෝඩයෙක් නොවේ. බුද්ධ දේශනා හොඳින් දන්නා ඒවා අගේ කරන කෙනෙක්. අනිවාර්යයෙන්ම "මේ වගේ අයද බුදුන්වහන්සේගේ මේ උතුම් ධර්මය ආරක්ෂා කරන්න ඉන්නේ" කියලා ඒ වෙලාවේ අගමැතිතුමාට හිතෙන්න ඇති. අපේ නායක ස්වාමින්වහන්සේලාට ගමේ උපාසක අම්මලා එක්ක කරන පින්කම් සහ රාජ තාන්ත්‍රික මට්ටමේ උදවිය සමඟ කරන පින්කම් වල වෙනස තේරුම් ගන්න බැරි නම් එවන් උත්සව වලට සහභාගි නොවන එක වාඩාත් යහපත් කියලා තමයි අපට නම් කියන්න වෙන්නේ...

:       1       19

Jayasekara Monday, 07 April 2025 09:30 AM

මේ වගේ අති උතුම් පින්බිමක මහ බෝ සමිදුන් වැඩ වසන උඩ මලුවේ සෙල්ෆි ගහපු එක නම් හරිම අශෝබනයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොලීසිය කියා පැමිණ සජබ අපේක්ෂක නිවස කොල්ල කාලා
2025 අප්‍රේල් මස 07 318 0

මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බල වේගයෙන් තරඟ වදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා


ජල ව්‍යාපෘති අතරමඟ නැවතී ලක්ෂ 59ක් වතුරේ
2025 අප්‍රේල් මස 07 236 0

කුරුණෑගල , ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කළ අඹන්පොල හා කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් එම ව්‍යාපෘතිවල ඉ


පළාත් පාලන ආයතන 114 ක තැපැල් ජන්ද පත්‍රිකා පැකට්ටු අද තැපෑලට
2025 අප්‍රේල් මස 07 77 0

පළාත් පාලන ආයතන 114 කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


සවස් කාලයේදී තැනින් තැන වැසි
2025 අප්‍රේල් මස 07 113 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


එක්සත් ජනපද තීරු බද්ද අපනයන කර්මාන්තවලට බලපාලා
2025 අප්‍රේල් මස 07 1139 3

ඇමරිකා එක්සත් ජනපදයේ අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් අපනයන මත පදනම් වූ කර්මාන්ත අඩපණ වීමේ පෙර නොවූ විරූ අවදානමකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇතැයි නිදහස් වෙළඳ ක


මැතිසබේ කුස්සියට පීඑච්අයිලා පනිති
2025 අප්‍රේල් මස 07 752 3

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාර්ලිමේන්තුවේ මුළුතැන් ගේ මුළුමනින්ම පරීක්ෂා කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවසර දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 469 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 496 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 983 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site