IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘‘මේ අයවැය හිස් ලියවිල්ලක්‘‘

(නිමල කොඩිතුවක්කු)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රට හමුවේ ඉදිරිපත් කළේ සෝමාලියානු, ඉතියෝපියානු පන්නයේ අයවැයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

මෙවර අයවැයෙන් ජනතාව අපේක්ෂා කළ කිසිදු සහනයක් නොතිබූ බවත් එය ජනතාව රැවටූ හිස් ලියවිල්ලක් පමණක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

2002 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

"රටේ ජනතාව අපේක්ෂා කළේ ප්‍රගතිශීලී අයවැයක්.නමුත් ලැබුනේ හිස් ප්‍රලාපයක්. ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්.නමුත් ලැබුණේ ප්‍රතිගාමී පුස්සක්. මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ.අයවැය හිගය අවම කරන සැලැස්මක් නෑ. ජීවන වියදම උද්ධමනය නිමා කරන්න වැඩපිළිවෙළක් නෑ. ජන ජීවිත ගොඩනගන වැඩපිළිවෙළක් නෑ. ගොවියා නගාසිටුවන ක්‍රමවේදයක් නෑ. ආදායම් උත්පාදන ක්‍රමවේදයක් නෑ. කෙටියෙන් කීවොත් මේ අයවැය, රට ඉතියෝපියාවක් කරන අයවැයක්. එහෙමත් නැත්නම් සෝමාලියානු පන්නයේ අයවැයක්. මේක ජනතාව රවට්ටපු අයවැයක්.

කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන වැඩපිළිවෙළක් නැති හිස් ලියවිල්ලක්. කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින ජනතාවට අයවැයෙන් තවත් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ විතරක් නෙවේ, රාජ්‍ය සේවකයින්ට, පෞද්ගලික අංශ සේවකයින්ට වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්. කොටින්ම කීවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට උවමනා විදිහට හදපු ලියවිල්ලක් විදියට අපි මේක දකිනවා.

 



අදහස් (15)

‘‘මේ අයවැය හිස් ලියවිල්ලක්‘‘

අතුල සෞදි Friday, 12 November 2021 07:08 PM

අපේ වි. නායකතුමාගේ ලියවිල්ල නම් අයවැයට කලින්ම සූදානම් කරපු බව නම් පැහැදිලියි.

:       7       64

RaveendraFriday, 12 November 2021 08:30 PM

"රාජ්‍ය සේවකයින්ට, පෞද්ගලික අංශ සේවකයින්ට වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්". මෙම වාක්‍යයෙන්ම හොඳින් පැහැදිලි වෙන්නේ පුතාණෝගේ උගත් බුද්ධිමත් මොලය ළදරුවෙකුගේ තරමටවත් වර්ධනය වී නොමැති බවට... මුළු ලෝකෙම උඩු යටිකුරු වෙලා තිබෙන අවධියක මෙවන් පොල්බූරු අඥාන කථා ගොනාට කියවීමට පිළියෙළ කරදුන් තකතීරු ලේකම්ට තෑගිදීමට වටින්නේය.

:       11       66

SUNIL MILANO Friday, 12 November 2021 07:56 PM

හිස්බස් දොඩවන මෙවන් අයට සෑම දෙයක්ම පේන්නේ හිස්වම තමයි.

:       11       69

ajithFriday, 12 November 2021 11:26 PM

සජිත් අයවැය ඡන්දයේදී රජය පරාජය කරනු ඇත....

:       1       0

මහසෙන් Friday, 12 November 2021 08:55 PM

ඔබ නිවැරැදි සියල්ල දත් උතුමාණෙනි. මේ ගෙවුණු අවුරුදු 70 ගාණටම මේ රට නිවැරදි ලෙස පාලනය කළේත්, නිවැරැදි අයවැයක් ඉදිරිපත් වුණෙත් ඔබගේ පියණෝගේ කාලේ පමණයි... නේද උතුමාණනි?. එන්න ඊළඟ පාර රට බාර ගන්න. ඔයා වගේ කෙනෙක් විතරයි අඩු...

:       6       52

Kithsiri Friday, 12 November 2021 10:45 PM

ඔහු ඉතියෝපියාව ගැන කිසිවක් දන්නේ නැහැ...

:       2       46

RaveendraSaturday, 13 November 2021 06:11 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. ඇත්තෙන්ම මේ "උගතානෝ" නම් හිස් කළයකි. "රැකියාව සඳහාම පමණක් දේශය පාලනය කිරීම" තෝරා ගත්තේ ඉතාමත් පහසුවෙන් ජිවත් වීමටයි. පුතාණෝ තාත්තාගේ අඩිපාරේ යන බුද්ධියෙන් අගතැන්පත් නිසාවෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් පිළිබඳව නිවැරැදි විස්තර නොදන්නා ළදරුවෙකුයි. අප පුතාණෝගේ ඥාණය පිළිබඳව අනුකම්පා කරමු.

:       2       4

චන්දන Saturday, 13 November 2021 07:04 AM

මෙයා කට ඇරියොත් නා ගන්නවා. මොලේ පාවිච්චි කරලා කතා කරනවා නම් කියන්න දේවල් තිබෙනවා. ඒත් මෙයාගේ බුද්ධිමත් බව අනුව ඒක තේරුම් ගන්න බැරි බව පේනවා.

:       0       2

Saththaya Saturday, 13 November 2021 07:59 AM

කව්ද දන්නේ නැහැ හිස් සහ පුස්...?

:       0       2

Nihal Saturday, 13 November 2021 08:57 AM

ප්‍රංශයේ කෝපි එකක් ලංකා මුදලින් 385ක්.. පඩියට සාපේක්ෂව මිල අධිකයි... පෙර මිල 200ක් පමණ...

:       1       1

Chinthaka Saturday, 13 November 2021 09:13 AM

ලෙඩ උපාධියෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ..

:       0       0

සලීම් Saturday, 13 November 2021 10:03 AM

වහල්ලුන්ට විපක්ෂනායක තුමාගේ කතාව තේරෙන්නේ වැරැදි පැත්තට... වහල්ලුන්ට ඕනේ හොරුන්ව බලයට ගේන්නමයි. මොකද රටට හෙන ගැහුවත් බයියන්ට හොරුන්ගෙන් වාසියි. මොකද ඒකනේ විපක්ෂ නායකතුමා මොන හොඳ දේ කිවුවත් අපහස කරන්නේ...

:       4       1

baleemSaturday, 13 November 2021 02:00 PM

ඔව් ඉතින් ඔයාලා වගේ සුළු ජාතියේ අය හින්දා තමයි පුතාණෝ විපක්ෂ නායක වුණේ... මෙයා බලයේ ඉන්නකොට නිවාස අධිකාරියේ කොච්චර නම් මුදල් ගසා කෑවාද?

:       1       3

ජල්තර Saturday, 13 November 2021 11:10 AM

සාමාන්‍ය පෙළ වාණිජ වගේ...

:       0       4

ආලපාලු පචවක Saturday, 13 November 2021 03:19 PM

අයවැය 8 විතරක් පාස් අයට තේරෙන්නේ නැතුවට මොනවා කරන්නද? අපොස (සා.පෙ) වත් පොඩියට පාස්වෙලා තිබුණා නම් දිය කරලා පොවන්න තිබුණා.. එතකොටවත් තේරෙයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 224 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 293 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 346 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 270 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 314 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3049 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25026 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18849 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site