IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


මං ඉන්නෙ පොලිස් කොමිසම ගැන ’’අදිමදියක’’

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව විසින් ඉල්ලා ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරී මාරු කිරීම්වලට අදි මදි කරන පොලිස් කොමිසම ගැන තමාද සිටින්නේ "අදි මදියක"බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හොරණ දී පැවසීය.

එම කිසිදු මාරුවීමක් ඉල්ලා ඇත්තේ  තම පෞද්ගලික ආරක්ෂාවට හෝ පෞද්ගලික ව්‍යාපාරයක් සඳහා නොවේ යැයි කී ජනාධිපතිවරයා ජන වරම ඉටුකිරීමේ අරමුණින් ඉල්ලා ඇති එම මාරු වීම් කොමිසම සාධාරණව ඉටු කර දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙන බවද සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ගැන දන්න පරීක්ෂණ මෙහෙය වූ දක්ෂ නිලධාරීන් 650ක් මාරු කළ බව කී ජනාධිපතිවරයා එම නිලධාරීන් නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ඒමට තමාට වුවමනා වූ බව සඳහන් කළේය



අදහස් (11)

මං ඉන්නෙ පොලිස් කොමිසම ගැන ’’අදිමදියක’’

ravin Monday, 20 January 2025 03:15 PM

අපිට කියන හැටියට නම් කොමසාරිස්වරු ස්වාධීනලු. කිසියම් පක්ෂග්‍රාහී අය කොමිසමේ ඉන්නවද කියන ප්‍රශ්න පොදු ජනයා තුළ ඇතිවීම වැළකිය හැකිද?

:       29       47

Wijepala Monday, 20 January 2025 04:21 PM

සමහර දිස්ත්‍රික්වල/ පළාත් කාර්‍යාල වල සිටින කොමසාරිස්ලා නම් කියන්නේ ඔවුන්ට ස්වාධීනව කටයුතු කරන්න දෙපාර්තමේන්තු ප්‍රධානීන් අවහිර කරනවා කියලයි. ඒ ගැන බලනවා නම් හොඳයි...

:       30       22

දිමුත්Monday, 20 January 2025 04:24 PM

මම නම් හිතන්නේ ඔය කිසිම කොමිසමක් "ස්වාධීන" වෙන්නේ නැහැ. ඒවායේ ඉන්න මිනිස්සු ස්වාධීනව වැඩ කරන්නේ නැත්නම්. ඒ නිසා වඩා වැදගත් ස්වාධීන ක්‍රමවේද ශක්තිමත් කිරීමයි...

:       25       15

රම්බොඩ Monday, 20 January 2025 03:26 PM

ගෝඨාභය කියන්නේ ආරක්ෂක අංශයේ ඉතා පළපුරුද්දක් තිබුණු දක්ෂ නිලධාරියෙක්. එතුමා කළ මාරුකිරීම් නැවත හරවන්න හදන්නේ මොන විද්‍යාත්මක හේතු මතද දන්නේ නෑ.

:       41       75

fairoosTuesday, 21 January 2025 11:05 AM

ඒ පළපුරුද්දෙන් පාස්කු ප්‍රහාරයත් සැලසුම් කරලා ඇති නේද ? අනේ බයියෝ ඉන්නකම් රට හැදිල්ල බෝරු."

:       1       3

karolis Monday, 20 January 2025 04:15 PM

ඔයා ගැනත් මිනිස්සුන්ගේ අදිමදිය වැඩි වෙනවා. දැක්කේ නැතෙයි... සමුපේ ඡන්ද ප්‍රතිඵල? පුංචි ඡන්දෙටත් එහෙම වෙන්න කලින් මොකක් හරි කරන්න වෙයි. වැඩිකල් බොරුවෙන් ජීවත් වෙන්න බෑ දැන් කාලේ...

:       31       72

ගුණරත්න Monday, 20 January 2025 08:51 PM

ඔය මහත්තුරුන්ට ඕන විදියට මාරුවීම් කරන්න දෙන්නේ නැහැ කියල අවුලෙන් ඉන්නවද? එක වෙනස් කරන්න ප්‍රස්නයක් නැහැ, මොකද අවශ්‍ය බලය ඔය මහත්තුරුන්ට තියෙනවා. එත් මතක තියාගන්න වෙන ආණ්ඩු ආවත් මේ ආණ්ඩුවම හිටියත් දේශපාලකයෙකුගේ කෝපයට ලක්වෙන නිළධාරීන්ට මාරුවීම් ලැබේවි. ඉස්සර එහෙම තමයි වුනේ

:       26       13

Toni Monday, 20 January 2025 11:16 PM

නූතන යසකාල තිස්ස දැන් ග්‍රැෆෙට් වලින් මිනිරන් හදලා ඉවරයි

:       0       8

Malika Tuesday, 21 January 2025 05:48 AM

කොමිසමේ ඉහළ පොලිස් නිලධාරින් මාරු කරන විදිය ගැන තව හොයලා බලන්න. මීගමුව නගරයේ තිබුණ අකටයුතුකම්, කුඩු ව්‍යාපාර, ස්පා මුවාවෙන් කරපු ගනිකා මඩම් වහලා නගරය පිරිසිදු කරපු පොලිස් අධිකාරියේ හිටපු ලොක්කා මාරුකරලා. දැන් ඔන්න ආපහු එහේ පරන ඒවා එකින් එක මතු වේගෙන එනවා. අලුතින් ඇවිත් ඉන්න අය පගාවට ආපහු පරන අයගේ ඒවට ඉඩ දීලා. සුදධ කරලා දුන්නම ඒ විදියට රකින්න බැරි නිලධාරින් ගැන ඔබතුමා හොයලා බලන්න.

:       0       5

Jamal Tuesday, 21 January 2025 09:06 AM

කයියනායක කියන්නේ නිකන් නෙමෙයිනේ

:       2       10

Senarath Tuesday, 21 January 2025 09:10 AM

මෙයාලාටත් අවශ්‍ය තමන්ටම අවශ්‍ය විදියට නැටවෙන කොමිසමක් කියන එක නේ මේ කියන්නේ. එහෙම කොමිසමක් තිබුණා නම් මහජනතාවට අවුරුදු 3ක් යනකම් විදුලි බිලේ සහනයක් ලැබෙන්නෙ නැහැ. ජනතාවට චන්දය දුන්නෙ දීපු පොරොන්දු ඉටුකරන්න විතරයි, ගැලරියට කතා කරලා පොඩි සොමියක් තමන්ගේ පාක්ෂිකයන්ට දෙන්න නෙවෙයි. හාල් කිලෝව 100ට අඩුවෙන් දෙන්න පුළුවන් කියලා කියුවා, ඒ උනත් කරේ තව 10ක් පාරිභෝගික මිල වැඩි කරලා රට හාලෙනුත් ජනතාව හුරගෙන්න කන්න අවශ්‍ය පරිසරය හැදුවා."

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි
2025 අප්‍රේල් මස 30 283 0

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද



ට්‍රම්ප් බලයට ඇවිත් දින 100 යි
2025 අප්‍රේල් මස 30 221 0

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක


ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්ෂ 45ක රන්බඩු සොරාගෙන
2025 අප්‍රේල් මස 30 905 0

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්


ඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේ
2025 අප්‍රේල් මස 30 207 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.


සෞඛ්‍ය නොතකන දන්සල් අවලංගුයි
2025 අප්‍රේල් මස 30 299 0

වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 189 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 56 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1083 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site