IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මුං ගොවියාට හොඳ කලක්


(කාංචන කුමාර ආරියදාස)

ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශීය මුං ඇට කිලෝවක් සඳහා  රුපියල් 760 ත් 780 ත් අතර ඉහල මිලකට ලබාගැනීමට මේ දිනවල හැකි වී ඇති බව දේශිය මුං ගොවීහු පවසති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය වගාකරුවන් ශක්තිමත් කිරීම සඳහා විදේශ රටවලින් මුං ඇට ගෙන්වීම නවතා දැමීම නිසා මුං වගාව බොහෝ ගොවීන් සිදුකළ බව දේශීය මුන් ගොවිහු කියති.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩි වශයෙන් මෙවර මුන් වගා කොට මේ දිනවල අස්වැන්න නෙලීම ආරම්භ කොට තිබේ.

විල්ගමුව ප්‍රදේශයේ මුං වගාකරුවෝ මේ දිනවල පවතින දැඩි අව් රශ්මියේ මුං ඇට පෑහීම වෙන්කර ගැනීම පිරිසුදු කර කරගැනීම ආදී කටයුතුවල නිරතවන අයුරු එහි ගිය අපට දැක ගැනීමටට හැකි විය.

ලග්ගල විල්ගමුව ප්‍රදේශයේ මුන් ගොවීන් කියා සිටින්නේ පසුගිය වසරවල මුංඇට සඳහා රුපියල් දෙසිය සිට රුපියල් 350 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි කර ගැනීමට හැකියාව තිබුණු බව ය

 



අදහස් (20)

මුං ගොවියාට හොඳ කලක්

janahitha Saturday, 07 August 2021 09:36 AM

මුංගොවියා නැතිනම් ඉන්නේ පාර හදන අයද? පටලැවිල්ලක්නේ වෙලා තියෙන්නේ...

:       100       59

mangalaSaturday, 07 August 2021 03:38 PM

කොට්ටෝරුවෙක් වගේ කොටන්න කලින් හරියට බලලා කියවලා කොටන්න ඉගෙනගත්තා නම් හොඳයි. කොහොමත් මේ කොටන බොහොම දෙනෙක් මොලේ තියෙන අය නෙමේ කියලා පේනවා... කොටලා තියෙන මොංගල් අදහස් දැක්කාම... අනික තමයි මේ මිලට ඉරිසියා කරන්න එපා.. මේ මිනිස්සු විඳින දුක දන්නේ නැතුව...

:       130       172

වී ගොවියෙක් Saturday, 07 August 2021 06:21 PM

මුං ගොවියාට හොඳ කලක්, මෙම ගොවින් මුං වගාකරන ලද්දේ රසායනික පොහොර තහනම පැනවීමට පෙරද? නොඑසේ නම් මුං ගොවියා කාබනික පොහොර වගාවට යොදා ගත්තේද?

:       1       29

CITIZEN Saturday, 07 August 2021 11:04 AM

දේශීය භාණ්ඩයක මිල ඉහළයි කියන්නේ අනික් පැත්තෙන් පාරිභෝගිකයා නේ පරාද? මිල ඉහළ යාම සාර්ථකත්වය මනින දෙයක් වෙන්නේ කොහොම ද? දෙගොල්ලොම පුලුවන් තරම් සම බිමක තියන එක තමයි සාර්ථක ආර්ථික ක‍්‍රමයක ලක්ෂණය වෙන්න ඔ්නේ.

:       1028       479

RaveendraSaturday, 07 August 2021 12:02 PM

ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. අප නම් ආර්ථිකය පිලිබදව මළපොතේ අකුරක්වත් නොදන්නෝ බව පළමුව සදහන් කරන්නෙමු. එනමුත් අපගේ නොතේරෙන මොලය දැනෙන එක අදහසක් පමණක් සදහන් කිරීමට කැමැත්තෙමු. එය 200% ම වැරදි වියහැක.එනමුත් එම අදහස මෙහි සදහන් කිරීම යෝග්‍ය යයි සිතෙන බැවින් සදහන් කරන්නෙමු. අප මෙය පිටරටින් ඉතා අඩුමිලට හෝ වැඩිමිලට ගෙනත් පාරිබෝගිකයාට ලබා දුන්නත් ඒ මුදල් යන්නේ ඍජුවම පිටරට ගොවියාටය... එය හොදද නරකද යන්න තීරණය කිරීම කොමිස් ගැනීම පිළිබද පස්චාත් උපාධිය දැරූ දේශපාලුවන් මෙන්ම ඉහල නිලධාරින් යයි කියන බුරුවන් තීරණය කල යුතුය. දේශීය ගොවියාට වැඩිමුදලක් ලැබුනත් ඒ මුදල් අප රට තුලය. එමගින් පාරිබෝගිකයාට යම් යම් අපහසුතාවයන් ඇති වෙනු නියතය.දේශීය දෙය අගය නොකරන මෙන්ම යම් යම් අපහසුතාවයන්, කැපකිරීම් නොකරන ජාතින් කිසිදා දියුණු වුනේද නැද්ද යන්න සොයා බැලීමෙන් ඒ පිලිබදව හොද අවබෝදයක් ලබාගත හැක.දියුණු වුනු සෑම රටක් දෙස බැලීමේදී ඒ ඒ රටවල පුරවැසියන් අනේකවිද දුක් ගැහැට විද දිනුවා හැර කිසිවක් දිව්‍යලොකෙන් ලැබුනා නොවන බවත් සදහන් කරන්නෙමු.

:       704       1635

CITIZENSaturday, 07 August 2021 12:40 PM

ඔබගේ අදහසට ස්තූතියි. 1. වැසියන්ගේ කැප කිරීමෙන් පමණක් දියුණු වූ රටක් ලොව ඇත්නම් පෙන්වා දෙන්නැයි ඉල්ලා සිටිමි. ජපානය උදාහරණයකට ගැනීමට පෙර පරමාණු බෝම්බයෙන් පසුව ඔවුන් දියුණු වූයේ කෙසේදැයි පළමුව සොයා බලන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. 2. මම ආර්ථිකය හදාරා තිබෙන අයෙක් නොවෙමි. නමුත් ලංකාව වැනි කුඩා වෙළදපලක, පාරිභෝගිකයන් වන අප මත අධික පිරිවැයක් පටවා, අනෙක් පසින් දේශීය ගොවියාට හොද මිලක් ලැබේ යැයි සතුටු විය නොහැකි බව නම් දනිමි. අප උත්සාහ කළ යුත්තේ මෙරට භාණ්ඩ හැකිතාක් අපනයනය කිරීමට යොමුවීම බව තේරුම් ගනිමින් සිටිමි. රට ඇතුළතම පමණක් මුදල් සංසරණය වීම ආර්ථිකය නගා සිටුවීමට ප‍්‍රමාණවත් නොවන බව ඔබද දන්නවා බව සිතමි.

:       72       771

Raveendra Saturday, 07 August 2021 11:28 AM

අනේ මේ අහිංසක ගොවි මහත්ම,මහත්මීන්ට යහපතක්ම වේවා....

:       1       165

saman Saturday, 07 August 2021 11:37 AM

මුන්ට කන්න සල්ලි කොහෙන්ද .කුලී වැඩක් හොයාගෙන මුන් ඇට කිලෝ එකක් ගත්තහම හරිද ?

:       918       24

raheemSaturday, 07 August 2021 06:47 PM

සමන් මහත්තයා, දුප්පත් මිනිස්සුන්ට ගරහන්න එපා... උන්, මුන් කිය කියා... මේ අය මහන්සි වෙලා යමක් හම්බකරනකොට මිනිස්සුන්ව උනන්දු වෙන වචනයක් කියන්න.

:       25       240

Prase Saturday, 07 August 2021 11:47 AM

ඔන්න අපේ ගොන් හරක්ට දැන්වත් තේරෙනවා ද ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ අත මිට සරු කරන්න ,පිට රටින් ගෙන්වන්න ඉඩ දුන්නම අපේ මිනිස්සු ගොවිකම අත් හරිනවා. ජය වේවා .සියලුම ආනයන තහනම් කර යුතුමයි .

:       487       1561

ගමේ එකාලාSaturday, 07 August 2021 05:45 PM

ගොවියන්ගේ මහන්සියේ ප්‍රතිඵල. ජනාධිපතිතුමා ඇතුලු පවුලේ හතර වරිගයම ඉන්න අය අතමිට සරුසාර කරගත්තු විදිය නම් කියලා වැඩක් නැහැ....

:       143       84

saali Saturday, 07 August 2021 12:09 PM

මුං වේලන්න පාලමක් හැදුවේ ඇයි ?

:       56       81

පූජා. Saturday, 07 August 2021 12:13 PM

ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශීය මුං ඇට කිලෝවක් සඳහා රුපියල් 760 ත් 780 ත් අතර ඉහල මිලකට ලබාගැනීමට මේ දිනවල හැකි වී ඇති බව දේශිය මුං ගොවියන් පවසනවානම්, එය ඉතාම සතුටුදායක පුවතක්....ගොවියන්ගේ මහන්සියට ඉහළම මිලක් ලැබුන අවස්තාවක්...ඒ වාගේම දේශීය පාරිභෝගිකයන්ටත්, මෙවැනි මුදලකට මුංඇට මිළදී ගන්නට හැකිද යන්නත් සලකා බැලිය යුත්තක්.....මොකද මේ දවස්වල සාමාන්‍ය පාරිභෝගිකයා පාන් කියාගන්නවත් බැරිව ඉන්න නිසා.. ඔයාලට පුලුවන් නම් පිටරටවල් වලටත් ඔබලාගේ නිශ්පාදන එවන්න.."මුංඇට කිරිබත්" කන්න පෙරේත අය ඉන්නවා ඔය කියන රටවල්වල ඕනෑතරම්...

:       6       145

මුණසිංහ Saturday, 07 August 2021 01:39 PM

මුං ඇට කිලෝවකට 700ක් නොවෙයි 2000ක් දුන්නත් තව දෙයි කියාවි. ලංකාවේ මුං ගොවීන් කීදෙනෙක් ඉන්නවද? ඒවා පාරිභෝජනය කරන අය කී දෙනෙක් ඉන්නවාද? එතනයි ගැටළුව. අද කඩෙන් ගත්තා 500ක් රුපියල් 450 කට. එතකොට මාසෙටම අපිට එතැනින් එහාට යන්න බැහැ. ඊට පස්සේ මුං ඇට මිලදී ගන්න පාරිභෝගිකයා අකමැත්තෙන් හරි පස්ස ගහනවා. මෙන්න මෙතන දී තමයි රජයක් මැදිහත් වෙන්න ඕනෑ. සාධාරණය ගොවියාටත් පාරිභෝගිකයාටත් දෙගොල්ලන්ටම ඕනෑ. වගාවට යන පිරිවැය අඩු කරන්න රජය මැදිහත් වෙන්න ඕනෑ. කිලෝවකින් 500ක් වගේ අයුතු ලාභයක් ගොවියා ගන්නවා නම් ඒකත් වැරදියි...

:       20       121

sanka Saturday, 07 August 2021 03:16 PM

ඕනෑම දෙයක සැපයුම සීමා කිරීමෙන් සැපයුම්කරුගේ මිල ඉහල යාම සාමාන්‍ය තත්වයකි. එය මුං ගොවීන්ට ඉහළ මිලක් යනුවෙන් අතිශයෝක්තියට නගන අයවලුන් තේරුම් ගත යුත්තේ මීට පසු මුං කෑමට හැකිත්, සුඛෝපභෝගි පන්තියේ අයවලුන්ට මිස සාමාන්‍ය අයට නොවන බවයි..

:       1       88

Keppetipola Saturday, 07 August 2021 04:09 PM

දැන් තියෙන බඩුවල ගණන් හැටියට ඔය කියන මුදලට හුඟ දෙනෙකුට මුං ඇට ගන්න මුදල් නෑ.

:       55       511

යාපා Saturday, 07 August 2021 04:20 PM

සර් ෆේල් නේද?

:       109       83

සිරි Sunday, 08 August 2021 08:53 AM

මුං ගොවියොද

:       0       1

kamal Sunday, 08 August 2021 09:18 AM

මේ ගාණට මුං අට කන්න පුළුවන් සර් ගේ පවුලට විතරයි

:       0       0

janahanda Sunday, 08 August 2021 09:21 AM

අනුන්ගේ පහනින් එලිය බැලීම. පාර හැදුවාම එතන මුං වේලනවා .කොහොමද මොලේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 63 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 193 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 479 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 250 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 341 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 396 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 583 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site