IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මේ දැරිය දැක්කොත් පොලිසියට කියන්න

(ඉන්දිකා රාමනායක)

යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් සිඟම් යැදීම සදහා පවුලේ අය සමග පැමිණ සිටි වයස අවුරුදු 2 යි මාස 6 ක දැරියක, එහි සිටි තවත් යාචක කාන්තාවක  පැහැරගෙන ගොස් ඇති බව යාපනය මුලස්ථානය පොලිසිය පවසයි.

වවිනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය සිය මව, මිත්තනිය හා වසර 1 1/2 වන බාල සොහොයුරා සමග ඉකුත් 6 වැනි දින නල්ලුර් ප්‍රදේශයට පැමිණ යාචක සේවයේ යෙදී සිට මුදල් එකතු කරමින් සිට ඇති බව පොලිසිය පවසයි.

සැකකාර කාන්තාව මඩකලපුවේ සිට පැමිණි බවට ඇය ප්‍රකාශ කර ඇති බව පොලිසිය කියයි.

දැරියගේ මව දැරිය මිත්තනිය බාර දී ඇය මුදල් එක්රැස් කිරීමට ගොස් සිටියදි මඩකලපුවේ සිට පැමිණ බව කියන සැකකාර කාන්තාව කඩයට යන බව පවසා මිත්තනියගෙන් දැරිය ඉල්ලාගෙන පිටවගොස් ඇති අතර, මේ දක්වා සැකකාරිය හා දැරිය යළි පැමිණ නොමැති බවද පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් දැරියගේ මව  යාපනය මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම සැකකාරිය හා දැරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නොමැති . මේ සම්න්ධයෙන් පොලිසිය දැරියගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඡායාරූපයේ සිටින දැරිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් ළගම පොලිස් ස්ථානයට හෝ යාපනය මුලස්ථානය පොලිසියේ 021-2222222 , 0213211257 යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.

 



අදහස් (1)

මේ දැරිය දැක්කොත් පොලිසියට කියන්න

රා ෂණ්මුගනාදන් Sunday, 17 September 2023 05:17 AM

මේ වගේ දේවල් වැඩි වශයෙන් සිදුවන්නේ ගොඩක්ම ජනයා ඉන්න තැන්වල...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 137 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 966 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 533 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3382 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2511 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4509 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site