IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


’’මා නොහිටින්න ජනපතිවරණෙකුත් නෑ’’

(අංජුල මහික වීරරත්න)

2022 ජූලි මාසයේදී රටේ නීතිය හා සාමය ස්ථාපිත  කළ නිසා 2024 සැප්තැම්බර් 21දා ඡන්දය භාවිත කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට  රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ මෙරට සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනමන බවද ජනාධිපතිවරයා කීය.

නීතිය හා සාමය තහවුරු කරමින් රටේ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සහාය ලබාදීම ජනාධිපතිවරයා ලෙස තමාගේද, මැතිවරණ කොමිසමේ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ද වගකීම බව ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය  විවෘත කිරිමේ අවස්ථාවට පෙරේදා (13) සහභාගී වෙමිනි.

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු කිසිදු අයුරකින් රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කරන ලෙස ද සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය කඳවුරට පැමිණි ජනාධිපතිවරයා  සමරු ඵලකය නිරාවරණය කර විශේෂ මෙහෙයුම් විධානය  විවෘත කොට භට නිවාස පරීක්ෂා කිරීමට ද එක් විය.  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද මෙම විශේෂ ක්‍රියාකාරි මධ්‍යස්ථානය විවෘත කිරීම විශේෂ කාර්ය බලකායේ තවත් සුවිශේෂි පියවරක් ලෙස සඳහන් කළ හැකියි. එදා එල්ටීටීඊ ත්‍රස්තවාදය සමඟ සටන් කිරීම සඳහා මඩකලපුව ප්‍රදේශයට යැවු  මෙම කණ්ඩායම අද ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කරන විශේෂ කාර්ය බලකායක් බවට පත්ව තිබෙනවා.  ඒ වගේම ලොව පුරා ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. අද ලෝකය එදාට වඩා වෙනස්. ඉදිරියේ දී එය තවත් වෙනස් වෙනවා. 2030 වසර වන විට මේ රටේ ආරක්ෂාවට මෙම බලකායෙන් සිදු කරන සේවය කුමක්ද කියා හඳුනාගෙන එහි නවීකරණයක් කළ යුතුව තිබෙනවා. එහිදී තාක්ෂණය වැඩි වශයෙන් භාවිතයට ගත යුතුයි. අද සෑම අංශයක්ම තාක්ෂණය මත ක්‍රියාත්මක වෙනවා.

සාමාන්‍ය අපරාධ සහ විශේෂ අපරාධ අතර අද වෙනසක් නැතිව ගොස් තිබෙනවා. එදා අපරාධකරුවන් ලෙස හැදින්වූයේ එකට එක් වූ කණ්ඩායමක්. නමුත් අද එය  ඔවුන් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරමද අද කණ්ඩායම් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා. එම නිසා මෙම නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ගෙන යා යුතු වැඩපිළිවෙළ අප අලුතින් සිතා සකස් කළ යුතුයි.

පාතාලයේ ඕනෑම අයෙකුට අද තිබෙන නව තාක්ෂණය භාවිත කළ හැකියි. එම නිසා ඒවා පාලනය කිරීම සඳහා වෙනම නීති ගෙන ඒමට සිදු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය පාලනය සඳහා ද එක් ආයතනයක් යටතේ නව නීති ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා. පොලිස්, හමුදා සහ සිවිල් සියලු ආයතන එකට එක් කරගනිමින් මත්ද්‍රව්‍ය විරෝධි විධාන පනත යටතේ නව ආයතනයක් ස්ථාපිත කර ඊට බලතල පැවරීමට මා බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය නම් මෙම කණ්ඩායම දීර්ඝ වශයෙන් මෙම කටයුතුවල යෙදවිය හැකියි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සමාජය විනාශ කිරීමට ඉඩ දෙන්න බැහැ. 

රටේ ජනතාවට නීතිය හා සාමය යටතේ ජීවත්වීමට ඉඩ දීම  මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් බව කිවයුතුයි. එයත් නිතියට ඇතුළත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අපට අද මෙම මැතිවරණය පැවැත්වීමට හැකිවී තිබෙන්නේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා වී තිබෙන නිසයි. අපේ ව්‍යවස්ථාව ආරක්ෂා වී තිබෙන නිසයි. අපි නව ආණ්ඩුවක් පත් කර ගන්නේ ව්‍යවස්ථාව අනුවයි. 

1931 වසරේ සිට සර්ව ජන ඡන්ද බලය සහ ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත්තේ ශ්‍රී ලංකාව පමණයි. මානව හිමිකම් උල්ළංඝණය වූ බවට සහ වෙනත් චෝදනා තිබෙනවා. නමුත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් තිබෙන්නේ ශ්‍රී ලංකාව පමණයි. අප මෙම ක්‍රමවේදය ආරක්ෂා කරගත යුතුයි. කිසිවිටෙකත් එය කැඩීමට ඉඩ දිය යුතු නැහැ. දේශපාලන පක්ෂ අතර කෙතරම් ප්‍රශ්න තිබුණද මැතිවරණ ප්‍රතිඵලවලින් පසු ජය පරාජය පිළිගෙන ආණ්ඩු මාරු කරගන්නවා. එය කළ හැක්කේ මෙම වාතාවරණය තිබෙන නිසයි. 

නමුත් මීට වසර දෙකකට පෙර මේ රටේ ආණ්ඩුව බිඳ වැටීමට ගියා. ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය අත්පත් කරගෙන අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ගිනි තබා අගමැති කාර්යාලයත් අත්පත් කරගෙන පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට අරගලකරුවන් උත්සාහ කළා. 

නමුත් අපේ යුද හමුදාව ඇතුළු නීතිය ආරක්ෂා කරන සියලුදෙනා ගත් පියවර නිසා එදා අපිට පාර්ලිමේන්තුව අහිමි වී යාම වළක්වා ගැනීමට හැකි වුණා.  මම ආණ්ඩුව භාරගෙන රටේ ආර්ථිකය ස්ථාවර කර බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ නිසා අද අපට රටේ මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ පිළිබඳ අප ආඩම්බර විය යුතුයි. නමුත් එදා මේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර නොගත්තා නම් කුමක් සිදු වෙයිද කියා විමසිය යුතුයි

අද මේ මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබී තිබෙන්නේ අප එදා ගත් පියවර නිසයි. අද බංග්ලාදේශයේ ආණ්ඩුව පන්නා දමා තිබෙනවා. ආණ්ඩුව භාරගන්න කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැහැ. 
මන්ත්‍රීවරුන් ඝාතනය කරනවා. ආරක්ෂක ලේකම්වරයාට, අගවිනිසුරුවරයාට, මහ බැංකු අධිපතිට  රටින් පිටවෙන ලෙස දැනුම් දී තිබෙනවා. හෝටල් ගිනි තබා විනාශ කර තිබෙනවා. ඒ රටේ තවමත් සාමාන්‍ය තත්ත්වයයක් ඇති වී නැහැ. 

නමුත් අපේ රටේ ආරක්ෂක හමුදාව ලෙස ඔබ එදා ගත් පියවර නිසා අප එම තත්ත්වයෙන් බේරුනා. 

 මගේ මිත්‍ර මුහම්මද් යුනුස් මැතිතුමාට මගේ සුබ පැතුම් පළ කරන අතර බංග්ලාදේශය තුළ කඩිනමින් නීතිය හා සාමය ස්ථාපිත වේවායි ද කියා ප්‍රාර්ථනා කරනවා.  කිසිවිටෙක එයින් ඉවත්විය යුතු නැහැ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද අදහස් දැක්වීය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, සිංගප්පූරු රජයේ නීතිය හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය කේ. ශම්මුගම්, නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක  මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (11)

’’මා නොහිටින්න ජනපතිවරණෙකුත් නෑ’’

ජගත් ලියනගේ Wednesday, 14 August 2024 02:09 PM

රනිල් නිකං චාලි චැප්ලින් වගේමයි...

:       21       40

සෙනෙවිරත්න Wednesday, 14 August 2024 03:00 PM

ඉස්සරහා ඉන්න අයගේ ප්‍රතිචාරය බිංදුවයි. පච විද්දාට පිළිගන්න කෙනෙක් නැහැ. රට කාපු අයම ගොඩ ගත්තලු... විහිලු කතා..!

:       13       37

Jagath Wednesday, 14 August 2024 03:07 PM

දාන්න පුළුවන් හැම මුට්ටියක්ම ජෝකර් කෙනෙක්ම දාලා ජනාධිපතිවරණය නවත්තා ගන්න තමයි ගේම ගැහුවේ. ඒ ඔක්කෝම වැරදුණා කියලා දැනගෙන දැන් කියනවා මම නැතිනම් ඡන්දයක් නෑ කියලා. කොහොමත් තව පෝයවල් දෙකයි... 21 වැනිදාට උදෙන්ම ඡන්දය දාගෙනම කොට්ට මෙට්ට ලෑස්ති කරගෙන ගෙදර යන්න ලෑස්ති වෙන්න රනිල්...

:       12       35

DHARMATILEKE Wednesday, 14 August 2024 03:29 PM

මා නොහිටින්න බැඳුම්කර වංචාවකුත් නෑ.

:       9       35

ගමේ එකාලා Wednesday, 14 August 2024 04:07 PM

රනිල් නොහිටින්න දුශිත පවුල් පාලනේ අයට, පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ට යන කලදසාවකුත් නැහැ...

:       9       28

Rata Perata Wednesday, 14 August 2024 05:02 PM

සම්පූර්ණ කතාවම දාන්න මාර උත්සාහයක් අරගෙන තියෙනවා වගේ... ඒත් ඇත්ත නම් රනිල් තමයි ජනපතිවරණය නවත්වන්න හැම උත්සාහයක්ම ගත්තේ... අනිත් එක ජන අරගලයක් බලය යොදලා නවත්තලා තව කයිවාරු ගහනවා.

:       8       24

පිනා Wednesday, 14 August 2024 06:08 PM

රනිල් නොහිටියා නම් බැඳුම්කර වන්චාවකුත් නැහැ. රට බංකොලොත් වෙන්නේත් නැහැ..!

:       7       21

Rohana Wednesday, 14 August 2024 09:50 PM

ජනාධිපතිවරණ ජය කෙසේවෙතත් මේසැරේ නම් ස්ථිරවම විශ්‍රාම යන්න වෙනවා...

:       0       0

Nishan Thursday, 15 August 2024 07:07 AM

ඔබ නොහිටින්න අද අපිට රටකුත් නෑ.

:       0       2

Perera Thursday, 15 August 2024 09:21 AM

අරගල නොතිබෙන්න තමුන්ට ඔය පුටුවේ වාඩි වෙන්නවත් ලැබෙන්නේ නැහැ

:       1       0

M.K.M.Aslam Thursday, 15 August 2024 10:24 AM

රනිල් කියන්නේ චරිතාංග බලයක් තියෙන හොඳ නායකයෙක්.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අග්බෝපුර අනතුරකින් අයෙක් මරුට: 26ක් රෝහලට
2025 අප්‍රේල් මස 14 1298 1

මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්


ලංගමෙත් වාර්තා ගත ආදායමක්
2025 අප්‍රේල් මස 14 1996 3

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ


කෝටි හතරක කුඩු ගුවන්තොටෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 14 927 0

රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන


අධිවේගයේ ආදායම කෝටි 13 පනී
2025 අප්‍රේල් මස 14 672 1

අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං


ජී.එස්පී ප්ලස් කණ්ඩායම මේ මස අග දිවයිනට
2025 අප්‍රේල් මස 14 688 0

ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස


රතිඤ්ඤා අනතුරුවලින් ගැලවෙන්න ඇස් රෝහලෙන් උපදෙස්
2025 අප්‍රේල් මස 14 282 0

රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 263 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 868 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site