IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


'මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'

(සුජිත් හේවාජුලිගේ )

රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන් පලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ  ඒ අනුව ජනාධිපතිවරයා  උඩුබැද්දාව බුන්නැහැපොළ ගොවිපොළ අද උදේ නිරීක්ෂණය කිරීමෙන් පසුව අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය

පසුගිය රජය පවා  කෘෂි කර්මාන්තයේ මේක කරන්න උත්සාහ අරගෙන තිබෙනවා. නමුත් මේක අමාරු කාර්යයක්. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය අරගෙන නැහැ.

ජනතාව මා පත්කළේ පරිප්පුවල ගාන බලන්නයි සහල්වල ගාණ බලන්නයි නම් මගෙන් වැඩක් නැහැ. නමුත් මේ රටේ ඊට වඩා වැඩි වෙනසක් කළ යුතුයි. විශේෂයෙන් කෘෂි කර්මාන්තයේ .

මම අහපු දවසෙ ඉඳලා පොහොර  නිකම් දුන්නා. ඒක කළේ ගොවියාගේ ජීවන තත්ත්වය නංවන්නයි . වී වලට සහතික මිල දුන්නෙත් අපි.



අදහස් (48)

'මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'

Gamaya Saturday, 23 October 2021 03:53 PM

ඒකවත් හරියට කරගන්න බැරි එකනේ ප්‍රශ්නේ මහත්තයෝ...

:       50       120

gamunuSaturday, 23 October 2021 07:04 PM

රටේ පාරිභෝගික අධිකාරියක් තිබේ. එම ආයතන සඳහා වගකිව යුතු ඇමැතිවරුන් සිටියි. කෘෂිකර්ම ඇමැතිවරයෙක් සහ නියෝජ්‍ය අැමැති වරයෙක් සිටි. මේ වනවිට රටේ ජනතාව අාහාරපාන සඳහා පෝලිම්වල සිටියි. මිල පාලනයකින් තොරව අාහාරපානවල මිල ඉහළ ගොස් තිබේ. මේ 21වැනි ශතවර්ෂය වේ. අප්‍රිකාවේ හැර ලංකාව වැනි රටක පුරවැසියාට පෝලිම්වල ගොස් අාහාර පාන මිලදී ගැනීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැත. රට වටේම මුහුද තිබේ. වෙනත් රටවල නොමැති කාලගුණ රටාවක් ලංකාවේ තිබේ. ස්වභාවික සම්පත් තිබේ. වැවු, අමුණු විශාල ප්‍රමාණයකින් ගොවිතැනට ජලය ලබාදේ. රටේ ජනගහනය මිලියන 20ක් සිටින රටක මෙවැනි දේ සිදුනොවිය යුතු බොහෝ දේ සිදුවන්නේ අකාර්යක්ෂම සහ දේශපාලනීකරණය වූ පරිපාලනය නිසාවෙනි. රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නොවන බව අපි දනිමු. ඔබ ජනාධිපතිවරයා වශයෙන් රටේ ජනතාවට වගකීම් සහිත වී කෘෂිකර්ම ඇමතිවරුන්ට සහ පාරිභෝගික ඇමැතිවරුන්ට සහ එම තීන්දු ගන්නා නිලධාරීන්ට ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්වන ලෙස දැනුම් දෙන්න. කාර්යක්ෂම තරුණ ඇමතිවරුන් පත්කරන්න. ඇමතිවරුන් සිටින්නේ රටට ජනතාවට ප්‍රතිඵලදායක සේවයක් කිරීම සඳහා වේ...

:       0       1

ranji Saturday, 23 October 2021 04:02 PM

ඒ ටික තේරුම් ගන්න ගිය කාලයක්. ඔය දකුණු අතේ රතුනූල් මිටිය බැන්ද නෝනාගෙන්වත් අහලා බැලුවොත් නරකද?

:       47       88

ප්‍රමෝද් Saturday, 23 October 2021 04:03 PM

මේ වගේ උද්දච්ච මාන්නයෙන් පිරුණු පාලකයින් නම් මේ ලංකාද්වීපයේ මෙතුවක් කල් පහල වෙලා නැතුව ඇති. මේ මනුස්සයා හිතන්නේ තමුන් කරන කියන හැම දේම හරි කියලා. රජෙක් පිස්සෙක් වුණත් එකයි, පිස්සෙක් රජෙක් වුණත් එකයි.

:       92       103

Lalith M Saturday, 23 October 2021 04:04 PM

කොහොමත් වැඩක් නෑ සර්... මොකුත්ම වැඩක් දන්නේ නැති... තර්ජනය කිරීම විතරක් දන්නා කෙනෙක් බව පැහැදිලියි...

:       58       87

Lalith M Saturday, 23 October 2021 11:06 PM

දැන්ද තේරුනේ

:       0       1

මහසෙන් Saturday, 23 October 2021 04:05 PM

කොහොමත් ඔය ජාති දෙක විතරක් නොවේ.. අනික් භාණ්ඩවලත් මිල පාලනය වෙන හැට් රට්ටු දන්නවනේ. ඔය දේ නැතුව අනික් වැඩ කරගන්න නම් ගෙනාවේ ඒ කරපුවා ගැන කියන්න. සැලැස්මක් නැතුව කාබනික පොහොර හුරු කරන්න ගිහින් එතන අවුලක්. කැබිනට් එක නොදැන ගිව්සුම් ගහලා එතන අවුලක්. ඇමතිලා ඔබ දෙන නියෝග ගණන් ගන්නෑ. එහෙන් ගහන ගැසට් රිවස්. අන්තිමේ ඔක්කොම රිවස්....

:       26       73

ලුම්බිණි Saturday, 23 October 2021 04:09 PM

ඔය ඇත්තටමද කියන්නේ?

:       63       52

මැක්ස් Saturday, 23 October 2021 04:14 PM

සැබැවින්ම එය එසේය ජනාධිපතිතුමනි, ඔබගෙන් රට අපේක්ෂා කරන්නේ සමස්ත ක්‍රමවේදයේ වෙනසකි. කිසිවකුට අනවශ්‍ය ඇගිලි ගැසීම්වලට ඉඩ නැති, දැඩි නීතිගරුක රටකි. එම තත්ත්වය ඇති කිරීමෙන් පසු හාල් පරිප්පු මිල ද නිසි තැනට පැමිණෙනු ඇත. වෙසෙසින්ම මුදලාලිලාට අවශ්‍ය ආකාරයට සියල්ල හැසිර වීමට නොහැකි වනු ඇත.

:       61       97

gampila Saturday, 23 October 2021 04:14 PM

පරිප්පු, හාල්මිල බලනවා තියා ඔහේට කිසිම දැනුමක් නැහැනේ.. ඒකනේ දැන් මුලු රටම පරිප්පුවක් කරගෙන දඟලන්නේ...

:       61       98

Nelson Saturday, 23 October 2021 04:20 PM

එහෙනම් ඒ දවස්වල හාල් කඩ ගානේ ගියේ මොකද දන්නැහැ..

:       44       105

BamunuarachchiSunday, 24 October 2021 10:00 PM

කමෙන්ට් දැක්කම හිතෙනවා අමු ගොබ්බයො කියලා. නේද ජනාධිපති තුමනී

:       1       0

ravin Saturday, 23 October 2021 04:22 PM

අනේද කියන්නේ...?

:       42       61

kamal Saturday, 23 October 2021 04:32 PM

ඒකනේ කියන්නේ සර්... මේ රංචුවට කොච්චර කිව්වත් වැඩක් නැහැ... අපි තමයි හොඳටම කළේ කියලා... දැන් ඔයාගේ වැඩක් නැතිනිසා හෙමිහිට මාරුවෙලා යන්න හොඳේ...

:       45       70

ajith Saturday, 23 October 2021 04:42 PM

ඒ විදියත් ලෙහෙසියි නේද?

:       31       49

Jude perera Saturday, 23 October 2021 04:44 PM

ඔව් ඉතින් පඹයෙක් තරම්වත් වැඩක් නැහැ...

:       29       75

pradeep Saturday, 23 October 2021 05:31 PM

නොහැක්කක් නොමැත. හැක්කකුත් නොමැත. හැක හැක නම් ගෑ හැකිය...

:       44       57

piyadasa Saturday, 23 October 2021 05:33 PM

එතකොට අර හාල් කඩේ මුදලාලිගේ පුටුවේ ඉඳගෙන කෙරුවේ මොකක්ද?

:       39       62

nuwa Saturday, 23 October 2021 05:34 PM

නෑ නෑ ඔයාව පත්කර ගත්තේ අපි තණකොළ කන්න හිතාගෙනනේ.. අපි මී හරක්නේ...

:       38       58

Nishantha Saturday, 23 October 2021 05:36 PM

ඇත්ත නේන්නම්. ඔබතුමා පත් වුනේ නඩු ටික බලවාගන්න නොවැ... ඒ වැඩේ නම් අපරාදේ කියන්න බෑ ටක්කෙටම වෙනවා...

:       38       76

ගොවිරාළ Saturday, 23 October 2021 06:34 PM

භූතානය කාබනික භෝග වගාව ප්‍රවර්ධනය සඳහා පර්යේෂණාත්මක ක්‍රියාමාර්ගයක් පටන්ගත්තේ 2003 වසරේදීය. භූතානයේ අරමුණ වූයේ 2020 වනවිට සියයට සියයක් ලෙස පරිසර හිතකාමී කාබනික භෝග වගාව ව්‍යාප්ත කිරීමටයි. නමුත් භූතාන රජයට 2020 වනවිටත් අරමුණ ඉටුකර ගැනීමට නොහැකි විය. එහෙම නම් අපට පර්යේෂණාත්මක ක්‍රියාමාර්ග කිසිවක් නොකර ක්ෂණිකව කාබනික පොහොර හුරුවී සාර්ථක ප්‍රතිඵලයක් ගතහැකිද?

:       45       44

ඩඩ්ලි සම්බා Saturday, 23 October 2021 06:50 PM

පොහොර නිකං දීලා, වතුර නිකං දීලා අන්තිමට වී ටික ඩඩ්ලිට දෙනවා. ඩඩ්ලි හිතුණු හිතුණු ගානට අපිට හාල් දෙනවා. පොහොර ගෙන්නන්නත් වියදම රටේ ජනතාවගෙන්. වැඩිමිලට හාල් අරගෙන හූරගෙන කන්නෙත් ජනතාවමයි. මොකක්ද මේ විහිලුව...?

:       0       0

සුරලොව ඇල්මන් Saturday, 23 October 2021 06:51 PM

අපේ නංගි දඹදිව ගිය වෙලාවේ එහි ගමන් ගත් බසයේ රියදුරු කිව්වලු ලංකාවේ මිනිසුන්ට කනවා හැර වෙන දෙයක් නැහැ කියලා... ඇත්තටම මැතිතුමා ලංකාවේ මිනිස්සු හැමදාම බලාහිටියේ කන්නම බව 1953 හාල් සඳහා හර්තාලය.1965-1970 අතර හාල් සේරුවක් නොමිලේ දීම 1970 දී හඳෙන් හාල් දෙනවා කියා බලය ගැනීම 1977 68ක් කන්න ඡන්දය දීම... පාන් තුනයි පනහට කන්න 1994 ඡන්දය දීම පෙන්නන්න පුළුවන්.. ඔබතුමාට ලංකාවේ 69 ලක්ෂයක් ඡන්දය දුන්නෙත් කන්නම තමයි කියන සමීකරණය ගැලපෙනවා නේද?

:       0       1

Perera Saturday, 23 October 2021 07:13 PM

නෑ..නෑ.. ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වන්නේ සීනි වංචාව, මිනීමරුවන් නිදහස් කිරිම, වගේ එ්වා විතරයි.

:       0       0

ජගත් ලියනගේ Saturday, 23 October 2021 07:20 PM

දැනට කරපු එක වැඩක් කියන්න පුළුවන් නම්.... එකක්....

:       0       0

saman Saturday, 23 October 2021 07:23 PM

මෙහෙමත් මෝඩ කතා..

:       0       0

de silva Saturday, 23 October 2021 07:57 PM

හාල් මිල ගැන බලාගන්නේ ඩඩ්ලි සිරිසේන, පරිප්පු මිල තීරණය කරන්නේ ඒවා ලංකාවට ගෙන්වන මුදලාලිගෙන් පගාව ගන්න නිලධාරීන්, ඔබතුමා සහල් සහ පරිප්පු මිල ගණන් බැලුවා කියන්න ඇත්තේ පත්තරෙන්ද.?

:       0       0

දිසා.....ගම්පහ, Saturday, 23 October 2021 08:00 PM

කාබනික පොහොර පිළිබඳ තීරණය හොද දෙයක්. එසේම කහ ඇතුලු දේශීය වගාවන් සිදු කිරීමද හොද තීරණයකි. එහෙත් කාල වකවානු ඇතිව මෙම තීරණ ගැනීම උචිත වනු ඇත.

:       0       0

chandana Saturday, 23 October 2021 08:01 PM

ඔය කියන කාබනික පොහොර සාර්ථක නම් ගොවියන්ගේ කුඹුරු ටික බදු අරන් හමුදාව දම්මලා කුඹුරු කරන්න බැරිද.?

:       0       0

Ratne Saturday, 23 October 2021 08:02 PM

සිතුවේ ගෝඨාභය වීර රජකු ලෙසයි, නමුත් ඔබ විනාශකාරී කෙනෙක් බව තහවුරු කර ඇත. පාස්කු, කොවිඩ් මරන වලට අමතරව සාගත මරන වල පව් වලින් ආරක්ෂා වීමට හැකි අයෙකුට බාර දී යන්න.

:       0       0

wimal Saturday, 23 October 2021 08:14 PM

අනේ අපිට කන්න තියෙන්නේ ඔය දෙක තමයි වේලක් හරි. ඒක ගැනවත් සොයන්න බැරිනම් අනෙත් දේවල් ගැන කුමන කතාද?

:       0       0

Kumara Saturday, 23 October 2021 08:19 PM

මේක සමහරුන්ට නොතේරෙන හැටි නේද සර්?

:       0       0

සෙනවි Saturday, 23 October 2021 08:39 PM

ඒකවත් හරිහැටි කරගන්න බැරිනං කරුණාකරල දාල යන්න

:       0       0

swene Saturday, 23 October 2021 09:53 PM

දැන් අගමැති ඒකාලේ බඩු මිල සහ ඒවායේ හිඟතාවය පෙන්නා සැපද කියලා ඇහුවේ, ඒවාට රජය වගකිවයුතු නැති නිසාද?

:       0       1

Kapila Saturday, 23 October 2021 10:19 PM

සර් තමයි හරියටම කරේ.

:       0       1

Banadara Saturday, 23 October 2021 10:33 PM

ඔබතුමා කටින් හිටවපු බතළ වැල් දැන් දිව්‍ය ලෝකෙට යනකන් වැවිල ඇති.

:       0       0

ana Saturday, 23 October 2021 11:29 PM

පවුලේ අය ඔක්කොම පාලනයේ සෑම අංශයකටම දාගෙන ඒකාධිපති වීම කිසිම කෙනෙකුගේ බලාපොරොත්තුවක් නොවේ. ලංකාවේ වෙන කවුරුත් නැද්ද?

:       0       1

Priyankara Saturday, 23 October 2021 11:55 PM

මට තේරෙන පරිදි ජනාධිපතිවරණයේදී පරිප්පු හා සහල් වලට වඩා බොහෝ දුර සිතමින් ජනතාව ඡන්දය පාවිච්චි කළහ. ප්‍රශ්නය ජනාධිපතිතුමනි, ඔබතුමාට තේරුණත් නැතත්. මෙතෙක් මට පෙනුනේ ලංකා ඉතිහාසයේ කිසි දිනෙක ඔබට ඡන්දය දුන්නේ ඇයි කියා ඔබට කිසිඳු හෝඩුවාවක් නැති බවයි.

:       0       1

beau Sunday, 24 October 2021 12:00 AM

වැඩ බැරි ඇමතිලාට ගෙදර යන්න කිව්වේ ඔබතුමා නේද.? එහෙනම් ඔබතුමත් කරුණාකරලා ගෙදර යන්න. ඔබ පටන්ගත්ත එක වැඩක්වත් කෙරිලා නැහැ.

:       0       1

sg Sunday, 24 October 2021 12:10 AM

ඔබේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය නම්, ඔබ වෙනුවෙන් නව රජයක් අවශ්‍ය යැයි මම සිතමි.

:       0       1

Nalaka Sunday, 24 October 2021 12:55 AM

තකහනියක් ජාතිය අමතල කිව්වෙ පරිප්පු, සැමන් අඩු කලා කියල. එතකොට අමතක වෙන්න ඇති තමා ජනාධිපති කියලා.

:       0       2

Perera Sunday, 24 October 2021 12:56 AM

ඔබතුමාව පත් කලේ දෙපාර්තමේන්තු ගානේ, පොළවල් ගානේ, ගම් ගානේ එහෙම යන්න විතරයි.

:       0       1

Sriland Sunday, 24 October 2021 02:18 AM

අපි ඔබතුමාව පත්කරගත්තේ ගොඩක් මහන්සි වෙලා. 69 ලක්ෂය බලාපොරොත්තු වුනේ විදේශ ආක්‍රමණ වලින් අපේ ජාතිය බේරාගනී කියලා. අපි හිතුවේ දේශීය දේ අපට ලබාදෙයි කියලා.

:       0       1

Royfedricks Sunday, 24 October 2021 04:43 AM

ඒ කතාවේ අර හාල් පරිප්පු කොටස ඉවත් කරල "මගෙන් වැඩ්ක් නැහැ' කියන කතාව පමනක් ගත්තොත් අන්න ඒක නම් සිය‍යට සීයක් ඇත්ත.

:       0       1

namali jayasingha Sunday, 24 October 2021 05:37 AM

අත්‍යවශයෙන්ම වැඩක් නැහැ. කරුණාකර මින්පිරියගේ සුරතල් බලන්න කාලයයි මේ ගත කරන්නේ. පුළුවන් කෙනෙක්ට දීලා යන්න. අපිත් කැමතියි.

:       0       1

Koks Sunday, 24 October 2021 06:27 AM

ආපු අලුත ජාතිය අමතල සැමන් ,පරිප්පු මිල අඩු කරන කොට ඕක දැනගෙන හිටියෙ නැද්ද

:       0       2

Saman Sunday, 24 October 2021 07:10 AM

ලංකාවේ ඉන්න කනබනයො සැනසුවේ නැත්තම් ඊලඟ ඡන්දෙන් ඔබතුමාට ගෙදර යන්න වෙන්නේ. ඊලගට එන අය ආපහු රසායනික පොහොර දෙයි. කරපු දේවල් වැඩක් නැති වෙයි.

:       1       1

Bamunuarachchi Sunday, 24 October 2021 02:15 PM

ඔව්, ජනාධිපතිතුමනි, ගොබ්බයින් ලෝකේ දිහා බලන ක්‍රමයක් තිබෙනවා. කමෙන්ට් වලින් එ්ක තේරුම් ගන්න. බමුණුආරච්චි අනේක වාරයක් ලියලා තිබෙනවා අපි මේ රජය පත්කර ගත්තේ ලාබෙට කන්න නොවෙයි කියලා....

:       3       0

ඔබේ අදහස් එවන්න

දියත

මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 192 1

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප


කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 245 0

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 604 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 293 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 811 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 1459 2

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site