IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


‘‘මේ බජාර් එකට මල්ලී‘‘ තහනම් නියෝගයක්

(මනෝප්‍රිය ගුණසේකර)

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පද රචනය කොට පැමිණිලිකාර රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍ය වල මුදා හැරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ජැක්සන් ඇන්තනි මහතා අධ්‍යක්ෂණය කළ ”ඇඩ්ර්ස් නෑ” චිත්‍රපටය සඳහා රචනා කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය කිසිඳු අනුමැතියකින් තොරව වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍ය වල මුදා හැරීම තුළින් සිය බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලද්දේ ‘සරෙගම ෆිල්ම්ස්’‘, සන්තුෂ් වීරමන් හා සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් යන ආයතන වලටය.

තම බුද්ධිමය දේපළ හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලමින් බුද්ධිමය දේපළ පනත යටතේ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා විසින් සංගීතවත් කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පද රචනය කොට ඇතැයිද පැවසීය.

 

 



අදහස් (7)

‘‘මේ බජාර් එකට මල්ලී‘‘ තහනම් නියෝගයක්

Samitha S. Aluthgamage Wednesday, 31 May 2023 05:11 PM

බුද්ධිමය දේපළ පනත තව තවත් බලවත්ව ක්‍රියාත්මක විය යුතුයි. කෙනෙකු දුක්විඳ හා කැපවීමෙන් කරනු ලබන නිර්මාණයක් තමන්ගේ මෙන් භාවිතා කරන නිර්මාණ හොරුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි...

:       1       55

Rohana Wednesday, 31 May 2023 05:12 PM

ජේෂ්ඨ කුහකයින් දෙන්නෙක් සහ කණිෂ්ඨ හොරු දෙන්නෙක්.. හැබැයි ඔය කට්ටිය ඔක්කෝම එකට තමයි සෞභාග්‍යයේ දැක්ම ගේන්න කඩේ ගියේ...?

:       24       47

senaWednesday, 31 May 2023 06:27 PM

කුහකයි කියන්න බැහැ... නිර්මාණ කරණයෙන් ජීවත් වෙන මනුස්සයෙක්ගේ නිර්මාණ හොරාගත්තාම ඒ මනුස්සයා ජීවත් වෙන්නේ කොහොමද?

:       3       39

නිහාල් Wednesday, 31 May 2023 06:41 PM

හොරුන් හොරාකනතුරු ඉවත බලාසිටීම කුහක නොමැති පුද්ගලයාගේ පුරුද්දයි. රටේ ජනතාවත් කුහක නැති මිනිසුන්ය...

:       3       14

ගමේ එකාලා Thursday, 01 June 2023 01:51 AM

හොඳ වැඩේ.ගීතය මන්කොල්ලකාපු උන්ටත් දැන් ඇඩ්‍රස් නැහැ ?

:       0       1

Sanka Thursday, 01 June 2023 05:52 AM

ගීතයක්, රචකයා, සංගීත අධ්‍යක්ෂක සහ ගායකයා/ගායිකාව යන තිදෙනාටම අයිති නැතිද? එක් අයෙක් පමණක් වාරණ නියෝගයක් ගත්තාම අනික් දෙදෙනාට අසාධාරණයක් සිදුවෙන්නේ නැද්ද? ගායකයා හෝ ගායිකාවට එම ගීතය ගායනා කරන්නවත් ඉඩක් නෑ මේ වගේ වාරණ වලින්. කොහොමත් මෙයා හරි ප්‍රසිද්ධය් වරණ ගන්න.

:       0       0

අසෝක ගුනසේකර Thursday, 01 June 2023 07:41 AM

අරගල කාරයො කියයිද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 251 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 278 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 509 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 259 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 356 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 407 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 584 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site