(නිමල කොඩිතුවක්කු)
මේ රට සිංහල බෞද්ධ බහුතරය තියෙන ඒකීය රටක් බවත් එය කාටවත් වෙනස් කළ නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැසීය.
ත‍්‍රස්තවාදයක යළි ඇති නොවන තැනට වැඩ කිරිම සියලූම දේශපාලඥයින්ගේ වගකීම බැවින් රට සාමකාමීව ඉදිරියට ගෙනයාමට සියලූ දෙනා කැපවිය යුතු බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මඟින් ක‍්‍රියාත්මක කරන වැවිලි සවිය - සසුනට එළියක් වැඩසටහනට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නවින් දිසානායක මහතා මෙසේද කීය.
‘‘මේ රට සිංහල බෞද්ධ බහුතරය තියෙන ඒකීය රටක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. අපේ සිංහල බෞද්ධ රටේ අනෙකුත් ජන කොටස් වලට සිංහල බෞද්ධ බහුතරයට හා සමාන සියලූම අයිතිවාසිකම් තිබෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. අපේ මූලික නීතිය වන ව්‍යවස්ථාවෙන් සියලූම ජන කොටස් වලට එක හා සමාන මානව අයිතිවාසිකම් අපි ලබා දී තිබෙනවා.
අනාගතයෙත් අපි එලෙසම ඒ අයිතිවාසිකම් ලබා දෙනවා. අපි එය ආරක්ෂා කරනවා. මේ ජන සමාජයේ සැමට එක හා සමානව ලබා දී තිබෙන අයිතිවාසිකම් ඇරෙන්න කිසිම ජන කොට්ඨාසයකට විශේෂිත අයිතිවාසිකම් නෑ.
සිංහල බෞද්ධයන් හැටියට අපිට තියෙන එකම රට තමයි මේ රට. ඒ නිසා අපිට ඉතාමත් ඕනෑකමින් ආදරයෙන් ගෞරවයෙන් කියන්න පුළුවන් මේ අපි ඉන්න එකම රට සිංහල බෞද්ධ රටක් කියලා. ඒකේ කිසිම ප‍්‍රශ්නයක් නෑ.
මංගල සමරවීර මැතිතුමා සිදුකළ කතාවක් ගැන දැන් මාධ්‍ය මගින් විටින් විට පල වෙනවා. ඒ කතාව ඒ ඇති වූ වතාවරණය තුළ සිට බැලිය යුතුයි. ඒක වැරදියට එළියට ආවේ.
ඒක පක්ෂයේ මතය නෙවෙයි. අපේ එක්සත් ජාතික පක්ෂය සියලූම ජාතීන් එක්ව අගය කරන පෝෂණය කරන පක්ෂයක්. එහි ජාති භේද නෑ. එම නිසා මංගල සමරවීර මහතා කීව ඒ කතාවෙ ගැම්මක් හෝ ගැඹුරක් ඇති කියලා මම විශ්වාස කරනවා.
මේ රටේ තියෙන ආගම් අතර සුහදතාවය ආරක්ෂා කර ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා ද කියන ගැටලූව අද තියෙනවා. අපි හදවතට තට්ටු කරලා පක්ෂ දේශපාලනයකින් තොරව ඒකට පිළිතුරක් දිය යුතුයි. ඒ නිසා ප‍්‍රභාකරන් වැනි බිහිසුණු යක්ෂයෙක් මේ රටේ නිර්මාණ වුණා.
2005 බලයට පත්වූ මහින් රාජපක්ෂ මහතාට පුළුවන් වුණා සාර්ථකව ඒ බිහිසුණු යක්ෂයාව මේ රටෙන් තුරන් කරන්න. ඒ අවස්ථාවේ අපිත් පක්ෂ දේශපාලනයෙන් තොරව එතුමා සමඟ එකතු වුණා. එහිදී අපිට ගොඩක් චෝදනා ආවා.
කරූ ජයසූරිය මැතිතුමාට මට අපි පක්ෂය අමතක කළා ,
2005 බලයට පත්වූ මහින් රාජපක්ෂ මහතාට පුළුවන් වුණා සාර්ථකව ඒ බිහිසුණු යක්ෂයාව මේ රටෙන් තුරන් කරන්න. ඒ අවස්ථාවේ අපිත් පක්ෂ දේශපාලනයෙන් තොරව එතුමා සමඟ එකතු වුණා. එහිදී අපිට ගොඩක් චෝදනා ආවා.
කරූ ජයසූරිය මැතිතුමාට මට අපි පක්ෂය අමතක කළා , පක්ෂය පවා දුන්නා ඔය වගේ කතා මැසිවිලි චෝදනා අපට කළා. නමුත් අපි එතුමත් එක්ක එකතු වුණේ මේ රට ත‍්‍රස්තවාදයෙන් මුදවා ගන්න.
මේ රටේ නැවතත් ලේබලයක් ගහන්න පුළුවන් යම්කිසි ත්‍රස්තවාදයක් ආපහු එනවා ද නැද්ද කියලා අපිට විශාල වේදනාවක් දැනෙනවා ඒ නිසයි අපි කියන්නේ අපි පරෙස්සම් විය යුතුයි.
උන දේ අපිට හරි ගස්වන්න බෑ. නමුත් වගකිව යුතු දේශපාලඥයෝ විදිහට නැවතත් කිසිම ත‍්‍රස්තවාදයක් මේ රටේ හිස ඔසවන්න බැරි වෙන්න අපි ක‍්‍රියා කළ යුතුයි යැයිද අමාත්‍යවරයා එහිදි පැවැසීය.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මේ රට සිංහල බෞද්ධ බහුතරය තියෙන ඒකීය රටක්