(සුජිත් හේවාජුලිගේ)
රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
සියලු දෙනා පක්ෂ පාට මේ අවස්ථාවේදී ඔලු වලින් අයින් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
වර්තමාන ජනාධිපතිවරයා සමග තමා වසර පහක් ආණ්ඩු කළ බවත් තමා එතුමාගේ හැටිද එතුමා තමාගේ හැටිද හොඳට දන්නා බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’මේ වෙලාවේ දේශපාලනඥයන්ගේ කළු සුදු බලන්න හොඳ නෑ’’
ganegoda Wednesday, 17 August 2022 01:11 PM
අනිත් අයගේ හොරකම් ගැන කියවමින් නේද ඔහේ එදා ජනාධිපති වෙලා හිටියේ...? ඔයා දඟලන්නේ කොහොම හරි ඇතුළට රිංගගෙන හොරුත් එක්ක කරට අතදාගෙන ජනතාවගේ බදුසල්ලි වලින් ඔහේත් සුඛෝපභෝගිව ජීවත් වෙන්න නේද? ඕකෙන් අපේ රටට වෙන සුගතිය මොකක්ද?
fairoos Wednesday, 17 August 2022 01:32 PM
රට මේ තත්වයට වැටෙන්න ඔබතුමාත් වගකියන්න ඕනේ. රාජපක්ෂවරුන්ට එදා හරි දඬුවම් දීලා තිබ්බොත් රට අද මෙහෙම වෙන්නේ නැහැ..
ණයට දීපු දෙය කාලා Wednesday, 17 August 2022 02:44 PM
ඔයත් ඒකාලේ දෙනකම් බලාගෙන හිටිය කෙනෙක් නේද? ඔයත් මොනවද රට මේ තත්වයට වැටෙනකම් ඔයා වෙනුවෙන් කලේ කියලා රටටම පේනවා,,! ණයට දීපු දෙය කාලා දිවේ රස වැනුවා!
BamunuarachchiWednesday, 17 August 2022 08:17 PM
ගම්මිරිස් හොයාගෙන මෙරටට ආපු මේ හම්බයින්ගෙන් ඕවා අහලා වැඩක් නැහැ. බස් එකේ, සීට් එකේ ටිකක් ඉඩ දුන්නාම බස් එක පැද්දෙන කොට මුළු සීට් එකම අල්ලා ගන්නවා වගේ... මොවුන් බලන් ඉන්නේ දේශපාලන හෙල්ලීම් වලදී කොහෙන්ද කෑල්ලක් අල්ල ගන්නේ කියලා...!
BamunuarachchiThursday, 18 August 2022 06:35 AM
ඒක නම් හරි මෙයාගේ කාලේ තාමා මුස්ලිම්වරු ඇමැති කම් කලේ.
samaadi Wednesday, 17 August 2022 02:30 PM
මේ ග්‍රාමසේවක මහත්තයා නේද ඒ දවස්වල මඩුවලිගයක් අතට අරන් බැංකු හොරෙක් පස්සෙන් දිව්වේ..?
Hafeel Wednesday, 17 August 2022 04:01 PM
ඔයාත් එකයි, රනිලුත් එකයි. දෙකක් නැහැ. ඔයාලට තියන්නේ කළු විතරයි. සුදු නම්, ගෑවිලාවත් නැහැ...
Sunil Wednesday, 17 August 2022 04:06 PM
හරියට හරි.. මේ වෙලාවේ ඔවුන්ගේ පාට බලන්නේ නැතුව හැතිකරේම එළවන්න ඕනේ...
ravin Wednesday, 17 August 2022 04:36 PM
අනේ ඔවු... එහෙම හිතලා මෙයාව ආපහු ගෙන්න ගන්න. ඉතිරිවෙලා තියෙන ටිකත්...?
ruwan Wednesday, 17 August 2022 06:04 PM
බලන්න දෙයක් නැහැත කළු විතරයිනේ
විපරමා Wednesday, 17 August 2022 11:05 PM
මෙතුමා ජනපතියා වෙලා හිටපු කාලේ රනිල් අගමැති. පස්ස දොරින් මහින්දයාට අගමැතිකම පූජාකරලා රටම ගිනි ඇවිලුවා. තමුන් නිකම්ම නිකම් මන්ත්ර්රී කෙනෙක් කියලා මතක්වෙලා? සර්ව පාක්ෂික ආණ්ඩුවක ඇමති කෙනෙක් වෙන්න කලු, සුදු වගේ හීන දකිනවා ඇති...