(ගයාන් සූරියආරච්චි)
යුක්තිය මෙහෙයුම යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 705 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් 143g 600mg, අයිස් 134g 578 mg, ගංජා 2kg 888 g , මාවා 3kg 339 g , මත්පෙති 255 ක් අත්අඩංගුවට ගෙන තිබේ .
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 553 දෙනා අතරින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 05 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 03 ක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 152 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 27 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 122 ක්ද සිටි. අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 03 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යලි අද (4) සිට සාමාන්‍ය පරදි ක්‍රියාත්මක වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘යුක්තිය’ අපරාධකරුවන් 705ක් අල්ලයි