IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


යුක්රේන ජනපතිට එන්න කියලා: දෙහි කපයි

යුක්රේනයේ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, ඇමෙරිකාව සමඟ ගිනිසුමකට අත්සන් තැබීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ධවල මන්දිරයට පැමිණියේය.

ධවල මන්දිරයට පැමිණි යුක්රේන ජනාධිතිවරයා උණුසුම් අයුරින් පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.

පසුව, ධවල මන්දිරයේ ඔවල් කාර්යාලයේ දී ට්‍රම්ප් සහ සෙලෙන්ස්කී අතරේ සාකච්ඡා පැවැත්වුණු අතර, ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ඊට එක් විය.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වී සිටින අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී, සෙලෙන්ස්කි, ට්‍රම්ප් සහ ජේ.ඩී. වැන්ස් උණුසුම් වාදයකට පැටලුණාහ.

බයිඩන් පරිපාලනය දිගින් දිගටම අවි ආයුධ සහ මුදල් දෙමින්, යුක්රේනයට ආධාර කිරීමෙන් රුසියන් යුක්රේන යුද්ධය ඔඩුදුවා ඇති බවත්, තෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වළක්වමින්, තමන් හඳුන්වා දී ඇති සටන් විරාම සාම වැඩපිළිවෙළට එක් වන ලෙසත් ට්‍රම්ප් සහ වැන්ස් දෙදෙනා සෙලෙන්ස්කිට බල කරන්න වූහ.

සෙලෙන්ස්කී කරුණු පැහැදිලි කිරීමට උත්සාහ ගත්තත්, මට උපදෙස් දෙන්න ඔබට අයිතියක් නැතැයි කියමින්, ජනපති ට්‍රම්ප්, සෙලෙන්ස්කී කී කිසිවකට ඇහුම්කන් දීමට ඉදිරිපත් වූයේ නැත.

අවසානයේ ට්‍රම්ප් සෙලෙන්ස්කී සහ ඔහු සමඟ පැමිණ සිටි යුක්රේන නියෝජිත කණ්ඩායම ධවල මන්දිරයෙන් නෙරපා දැමීමටත්, ඇමෙරිකාවෙන් වහා පිටවන ලෙසත් දැනුම් දුන් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

තමන් සමඟ එකට එක කීමට උත්සාහ ගැනීමෙන් සෙලෙන්ස්කී තමන්ටත්, ඇමෙරිකන් පුරවැසියන්ටත් අගෞැව කළේ යැයි ට්‍රම්ප්, සෙලෙන්ස්කීට දොස් නගා ඇත.

මේ අතර, ධවල මන්දිරයේ ඔවල් කාර්යාලයේ දී ට්‍රම්ප් සමග එකට එක කියමින්, ට්‍රම්ප්ට අපහාස කළ සෙලෙන්ස්කී 'මෝඩයකු' බව රුසියාව පවසා ඇත.

(අල් ජසීරා)



අදහස් (6)

යුක්රේන ජනපතිට එන්න කියලා: දෙහි කපයි

යෝගා Saturday, 01 March 2025 06:31 AM

ජෝකරයෙකුට, පචයෙකුට රට භාරදුන්නහම වෙන විනාශය අනිත් රටවලට ආදර්ශයක් වේවා.

:       22       119

ආච්චි Saturday, 01 March 2025 06:39 AM

සෙලෙන්ස්කියා මෝඩයා බව අපි ඒ දවස්වල ඉඳලාම දන්නවා. ඌටයි උගෙ ගැස්තරයන්ටයි නොතේරුනාට. ලෝකේ බල තුලනයක් කවදාවත් තිබිලා නෑ, තියෙන්නෙත් නෑ. ඒක මාක්ස්වාදීන්ගෙ හිතලුවක් විතරයි. සාමාන්‍ය පොඩි රටක ඔලුවක් තියෙන පාලකයෙක් කරන්නෙ ෂේප් එකේ බලවත් රටවල් මිතුරුකමෙන් තියාගෙන වැඩේ ඇදගෙන යන එකයි. සෙලෙන්සි නිකං රා බීපු මීයා වගේ කෑ ගහන්න ගිහින් උගෙ මුලු රටම ආගාදෙකට දැම්මා. හොඳ පාඩම කාට කාටත්.

:       12       71

රිතික් Saturday, 01 March 2025 06:41 AM

කපන්න තිබුනේ දෙහි නෙමෙයි .

:       4       62

ලුම්බිණි Saturday, 01 March 2025 07:28 AM

ට්‍රම්ප් කවුද කියල මුළු ලෝකෙටම දැන් පේනවා නේ .

:       52       31

බද්රානි Saturday, 01 March 2025 03:39 PM

තමන්ගේ රටේ ඒකීය භාවය ගැන භෞමික අඛණ්ඩතාවය ගැන පමණක් තප්පුලන සමහරක්ට අනුන්ගේ රටක ස්වාධිනත්වය පිළිබද වැටහීමක් නැති එක අරුමයක් නොවෙයි...පුටින්ට තමන්ගේ රටේ ආරක්ෂාව තරකර ගන්නවා විනා, අනුන්ගේ රටක ස්වාධිනත්වයට බලපෑම් කිරීම සාධාරණද? ට්‍රම්ප් යුක්රේනය මංකොල්ල කෑමට උපක්‍රම යොදමින් සිටිනු බව පෙනේ. රාජ්‍ය නායකයෙකුට නොසැලකිය යුතු අන්දමේ කුරිරු හැසිරීමක් ට්‍රම්ප් පෙන්නුම් කර ඇත. මේ තුල යුක්රේන හිතවාදී යුරෝපය හා ඇමරිකාව අතර අර්බුධයක් ඇතිවීම වැළක්විය නොහැකියි. අනුන් මත අධික විශ්වාසය තැබූ සෙලෙන්ස්කි අසරණවී ඇත...සෙලෙන්ස්කි තුන්වන ලෝක යුද්ධය සමග සුදුවේ යෙදෙන බවට චෝදනා කල ඇමරිකානු ජනාධිපති දැන හෝ නොදැන, තුන්වන ලෝක යුද්ධයකට පාර කපමින් සිටින බව නම් පැහැදිලියි...මම නම් ඔය රාජ්‍ය නායකයින්ට කියන්නේ යුක්රේනය නිදහස් කොට, මේ අමනයින්ගෙන් (කටින් පුටින්ලාගෙන් ) සන්නද්ධ වී තිබෙන දේශය ආක්‍රමණය කොට , මේ රට ශිෂ්ඨ සම්පන්න දේශයක් බවට නිර්මාණය කල යුතු බවයි..

:       44       5

ඩිනෙශ් පෙරෙරා Saturday, 01 March 2025 05:08 PM

මේක අරුම දෙයක් නෙමේ…. ඈමරිකන් උන් කොහොමත් ඔහිමයි… උන් ආගම උලුව උඩ තියාගෙන හිටියට උන්ගේ ආගම අනිත් මිනිහා තලා පෙලා දාන හෑටි තමා උගන්නන්නේ…. පේන්නේ නෑද්ද ජුලී චුන්ග් …? ජුලී චුන්ග් අපේ ආන්ඩුවේ උන්ටත් ඔය වගේ දෙහි කපනව හෑමදාම

:       4       22

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

12ක් රෝහලට යැවූ පේරාදෙණියේ අනතුර
2025 අප්‍රේල් මස 09 46 0

මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක


කේරළ ගංජා සමඟ අයෙක් කිලිනෝච්චි මුහුදේදී අල්ලයි
2025 අප්‍රේල් මස 09 72 0

කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ


දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 208 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 850 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 977 1

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්
2025 අප්‍රේල් මස 08 2617 0

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 750 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 600 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1049 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site