IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


යුක්රේන ජනපති රුසියානු අපරාධකරුවන්ගේ ලැයිස්තුවට

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාවේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා කටයුතු කළේය.

යුක්රේන ජනාධිපතිවරයා අපරාධමය වරදක් සිදුකර ඇති බවට රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් වේ. 

සෙලෙන්ස්කිගේ සම්පූර්ණ නම, උපන්දිනය, උපන් ස්ථානය සහ ඡායාරූපයක් රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රදර්ශනය කර ඇත.

නමුත් සෙලෙන්ස්කිගේ නම අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඔහු කළ වරද කුමක්දැයි රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කිසිදු සඳහනක් කර නොමැත.

 



අදහස් (2)

යුක්රේන ජනපති රුසියානු අපරාධකරුවන්ගේ ලැයිස්තුවට

Rohana Sunday, 05 May 2024 07:46 PM

වරද රුසියාවට පක්ෂපාතී නොවීමනෙ. කෙසේවෙතත් රුසියාව සමඟ යුද්ධයට පැටලුන සෙලෙන්ස්කි මෝඩයෙක් නෙවෙයිද? යුක්රේනයට වෙලා තියෙන විනාශයෙන් කවදා කවදා ගැලවෙන්නද කියල හිතාගන්නත් අමාරුයි.

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 05 May 2024 10:15 PM

රුසියාවේ ඒකාධිපති, මිනීමරු පුටින්ගේ රජය අපේ මහදැනමුත්තා ගත් තීරණ වලටත් වඩා, මුළු ලෝකයම හාස්‍යයට බඳුන් කරන තීරණයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඔහු විසින් වසර දෙකකටත් වඩා ඉහත දී අසල්වැසි, සාමකාමී රටක් වූ යුක්රේනය සිය අවි බලයෙන් සතියකින් අල්ලා ගන්නා බවට වහසිබස් දොඩවමින් ආක්‍රමණය කළ හැටි ලෝකයට අමතක නැත. 150 000 කට වැඩි රුසියානු සොල්දාදුවන් සංඛ්‍යාවක්, සිය මව්රට බේරා ගැනීමට සටන් වැදි අභීත යුක්රේන හමුදාවට බිලිදී, දහස් ගණන් අහිංසක යුක්රේන සිවිල් වැසියන් අමු අමුවේ සමූල ඝාතනය කර, විශාල දෙපල රැසක් සිය බොම්බ මගින් විනාශ කරපු පුටින් උන්මත්තකයා... සිය මව්රට, පුටින් ත්‍රස්තවාදියාගෙන් බේරාගැනීමට සටන් වැදි වොලොඩොමියර් සෙලෙන්ස්කි. "රුසියානු අපරාධකරුවන්ගේ" ලැයිස්තුවට එකතු කිරීම මොහුගේ පාක්ෂිකයින් පවා සමච්චලයට පත්කර, හෙලා දැක ඇත... මෙවැනි දරුණු අපරාධකාරී උන්මත්තකයින් (පාලකයින්) සමස්ත ලෝක සාමයටම තර්ජනයක් නොවේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 339 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 171 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 401 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 460 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1395 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 369 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site