IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


යුගදනවි ඇමෙරිකාවට පැවරීමේ තීරණයට ජවිපෙනුත් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් නැමැති සමාගමකට ලබාදීමට අමාත්‍ය  මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි  ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති හා අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ යන මහත්වරුන් අද (26)  අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළහ.

නීතීඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

පෙත්සමේ උත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ හා කැබිනට් මන්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය, වෙස්ට්කෝස්ට් පවර් පුද්ගලික සමාගම, ලක්දනවි සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ඇතුළු 43 දෙනෙකු නම්කර සිටිති.

කැබිනට් මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් 6 වැනිදා ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසත් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම වළක්වන වැන්ඩාමුස් රිට් ආඥාවක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (4)

යුගදනවි ඇමෙරිකාවට පැවරීමේ තීරණයට ජවිපෙනුත් පෙත්සමක්

Bamunuarachchi Tuesday, 26 October 2021 01:56 PM

ජෙප්පෝ මොකටද පෙත්සම් නොගහ හිටියේ...? නිකන් ඉන්නෙපා කෝම කෝම හරි ගහපල්ලා බන් පෙත්සම්...

:       0       0

Demuni Uduwara Tuesday, 26 October 2021 06:10 PM

එය අනිවාර්යයි!

:       0       0

Demuni Uduwara Tuesday, 26 October 2021 06:34 PM

එය අපගේ පරම යුතුකමයි!

:       0       0

සෙනෙවිරත්න Tuesday, 26 October 2021 09:50 PM

ජවිපෙ රටේ ප්‍රශ්න ගැන අවබෝධයෙන් කටයුතු කරනවා. ජවිපෙ නැත්නම් රටේ සමහර දේවල් වෙච්චි හැටිවත් හොයන්න බැරිවෙනවා. ඒත් සමහර කුහකයො ඒක පිළිගන්න සූදානම් නැහැ. සේරම වැරැදි විදියට පේනවා කියනවා. මම අහන්නෙ වසර හැත්තෑවක් මොන⁣ දෙයද හරියට කරල තියෙන්නෙ? එහෙම කලානම් මෙහෙම වෙනවද? නාහෙ ලඟට ගිලිලා, වැසිකිලියක් හදන්න සිමෙන්ති කොට්ටයක් ගන්න කඩවල් ලඟ බලාගෙන ඉන්න වෙලා, මහාපරිමාණ වැඩ කොහොම කරනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1051 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 5 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 401 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 240 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 843 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 257 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 342 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site