IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


යුගදනවි කොටස් ඇමෙරිකාවට දෙන්න අපි අත උස්සන්නේ නැහැ

(ඩයනා උදයංගනී)

කෙරවලපිටිය, යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහය දක්වන්නේ නැතැයි එහි මහලේකම්, බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙම ගිවිසුම හරහා ලංකාවේ විදුලිබල ඒකාධිකාරය වෙනත් රටකට යාමේ ඉඩක් ඇති බව කී මහලේකම්වරයා එම විනාශයට අත උස්සන්නට තම පක්‍ෂය සූදානම් නැතැයි සඳහන් කළේය.

මෙම ගිවිසුම තුළින් නේපාලයේ තෙල් සම්බන්ධයෙන් ඇතිවූ තත්වය මෙරට විදුලිය සම්බන්ධයෙන් ඇතිවිය හැකි බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙම ගිවිසුම හරහා ඇමෙරිකාව විදුලියදීම නතර කළොත් මෙරටට විදුලිය නැති වන බව ද කීවේය.

මේ වන විට නේපාලයට තෙල් ලබාදෙන ඉන්දියාව තෙල් සැපයුම නවත්වන විට එරටට තෙල් අහිමිවන තත්වයක් මතුව තිබෙන බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 



අදහස් (17)

යුගදනවි කොටස් ඇමෙරිකාවට දෙන්න අපි අත උස්සන්නේ නැහැ

K M jayasinghe Thursday, 23 September 2021 08:32 PM

බොරු නැතුව යන්න. දැන් දීලා ඉවරයි.

:       1       49

අනේ මන්ද Thursday, 23 September 2021 08:38 PM

තව අත උස්සන්න දෙයක් නැහැ ඒක දීලා ඉවරයි.

:       1       48

NIMALThursday, 23 September 2021 10:25 PM

මෙම ගිවිසුම හරහා ලංකාවේ විදුලිබල ඒකාධිකාරය වෙනත් රටකට යාමේ ඉඩක් නැත ඇමරිකාවට ලබාදී තිබෙනුයේ 40% කි. ඉතිරි 60% රජයට අයත් බව නොදැන සිටියාද.?

:       35       16

Nanda chithraFriday, 24 September 2021 05:42 AM

කොහොම දැනගන්නද යාලුවා. රෑ දොළහත් පහුවෙලා අත්සන් කරනකොට කාටත් හොරෙන්. ඉතින් ඔච්චරටම හොද ගිවිසුමක් ඇයි එහෙම හොරෙන් අත්සන් කරේ.. ඔයාලත් පොඩ්ඩක් විචාරශීලී වෙන්න

:       1       7

senaFriday, 24 September 2021 02:55 AM

මේ අය යලිත් චන්දය ඉල්ලගෙන ඔවුන් වෙත පැමිණෙන තුරු පක්ෂ පාට නොමැතිව රටේ ජනතව ඉවසිල්ලෙන් බලා සිටි

:       0       4

kapila Thursday, 23 September 2021 08:44 PM

දැන් දීලා ඉවරයි. මොකටද අත උස්සන්නේ නෑ කියන්නේ?

:       1       35

de silva Thursday, 23 September 2021 08:50 PM

20 ගේනකොටත් කතා කලේ ඔහොම තමා

:       2       50

Lalith M Thursday, 23 September 2021 08:58 PM

කරන්න ඕන ලොකුම එකට -20 සංශෝධනයට අත ඉස්සුවේ.

:       1       50

gunarathnaFriday, 24 September 2021 07:03 AM

දැන් තියෙනේ විදුලි බල මණ්ඩලේ ඒකාධිකාරය. ඒ කට්ටියටත් පුළුවන් ලංකාවේ විදුලිය නවත්වන්න.

:       0       4

Bernard Perera Thursday, 23 September 2021 10:52 PM

අත්සන් කරන වෙලාවේ නිදාගෙන ඉඳලා, දැන් නින්දෙන් නැගිටලා කියනවා අත උස්සනේ නැහැයි කියා. අපිට තමයි මේ බයිලා කියන්නේ.

:       1       44

Prabha Friday, 24 September 2021 01:06 AM

මෙයාල මේ පිරිමහගන්න හදන්නේ පෞද්ගලික කෝන්තර

:       1       3

Sriland Friday, 24 September 2021 02:54 AM

අත ඉස්සුවත් නැතත් වැඩක් නැහැ කෝටි ගානක එන්නත් ගෙනාවෙත් ඇමරිකාවෙන්, බොරුව එපා ජනතාවට

:       0       3

සෑම් Friday, 24 September 2021 05:38 AM

ආය අත උස්සලා දෙන්න දෙයක් නැහැ

:       0       4

Demuni Uduwara Friday, 24 September 2021 05:54 AM

අපව රවටන්න එපා

:       0       3

දාස Friday, 24 September 2021 05:55 AM

ඇමති කමින් දොට්ට දානව කිව්ව ගමන් මේ අය අත උස්සනව විඳින සැප නැතිවෙයි කියල. කාටද ඔය බොරු කථා කියන්නෙ.

:       0       4

ජනතාව Friday, 24 September 2021 07:24 AM

හරි දේ හරි වෙලාවට නොකොලොත් ඡන්දෙදි ජනතාවගෙන් සමාවක් නැති බව දැනගන ඉන්නවා නම් ලොකු දෙයක්.

:       0       1

ජයන්ත Friday, 24 September 2021 02:36 PM

හැමදේටම අතඋස්සලා දැන් කියන කතා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 18ක මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 42 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 1943 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 1994 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 4947 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3109 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 415 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 264 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1703 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site