(යොහාන් භාසුර)
දුම්රිය නීති උල්ලංඝණය කරමින් දුම්රිය තුළ යාචක වෘත්තියේ සහ වෙළෙදාමේ යෙදුණු පුද්ගලයන් 15ක් පසුගිය සති දෙක තුළ භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම පුද්ගලයන්ට යාචක වෘත්තියේ සහ වෙළෙදාමේ යෙදීම සඳහා දුම්රිය සීමාවට ඇතුල්වීම තහනම් කරමින් අධිකරණය තහනමක් පැනවූ බවත් මෙම පුද්ගලයන් අවස්ථා දෙකකදී මුහුදුබඩ මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේදී භාරයට ගත් බවත් බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ඇතුළු නිලධාරීහූ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාචකයන්-වෙළෙදුන් 15කට දුම්රිය තහනම් කරයි
sampath Monday, 12 December 2022 05:32 PM
ව්‍යාජ යාචකයින්ට මිනිස්සු රැවටෙන්නේ නැතිව සිටිය යුතුයි.. මේක මහා පරිමාණ ජාවාරමක්... මේ අය අල්ලලා පුනරුත්ථාපනයකට යොමු කළ යුතුයි. මිනිස්සුන්ට කරදර කරමින් අප්රසන්නතාවයක් ඇතිකරමින් මිනිස්සු සූරාකනවා සංවිධානාත්මකව...
Krishan Monday, 12 December 2022 05:53 PM
දුම්රිය තුළ මෙන්ම කොටුව දුම්රිය ස්ථානය තුළද යාචකයින් හා වෙළෙන්ඳන් නිසා මගින් අසීරුතාවයට පත්වේ. යාචකයින්ට මුදල් නොදුන් විට බැනවැදීම් කරමින් යයි... දුම්රිය ආරක්ෂක අංශ තවදුරටත් ක්‍රියාත්මකවීම් අවශ්‍යයි. උදේ පාන්දර දුම්රියත් එකයි. අතර මැද හා සවස දුම්රියන්හි මගීන්ට කරදරවන ආකාරයෙන් යාචකයින්ගේ හැසිරීම හා ගමන් කිරිම සල්ලි නොදුන්විට බැණවැදිම් කරයි. සමහරු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බව පෙනීයයි. පොලිසිය හා දුම්රිය ආරක්ෂක අංශ එක දිනක හෝ දෙකක් ලංකාව පුරා සියළු දුම්රියන් පරීක්ෂා කිරිම් තුළින් ඔවුන් අත්අඩංගුවට ගෙන සුළු දඩයකට නොව ලොකු දඩයක් නියම කළ යුතුයි. සිරදඬුවම් ලබාදීම තුළින් මර්දනය වෙනු ඇති..
සමිත සේනක අලුත්ගමගේ. Monday, 12 December 2022 06:04 PM
කෝච්චියේ කිටි කිටියේ සෙනඟ පිරිලා. ඒ අතරින් වෙළෙන්ඳන් හා යාචකයින් රිංගා යනවා. පුදුම හිරිහැර වලට තමයි මගීන් මුහුණ දෙන්නේ.
ජයන්ති Monday, 12 December 2022 06:38 PM
පසුගිය පොහොය දවසේ ටිකට් නැතුව ගියා කියලා අවුරුදු 75 ක පමණ උපාසිකාවක් ටිකට් පරීක්ෂාකළා.. අත් අඩංගුවට අරගෙන තිබුණා. එම අයට මේ ටිකට් නැතුව යන යාචකයෝ නිසා ටිකට් අරගෙන දුම්රියේ යන මගීන්ට වෙන්නේ ලොකුම හිරිහැරයක්... මෙම යාචකයින් නිසා දුම්රිය පාඩු ලබන්නේ නැද්ද? අසරණ උපාසිකාව වගේ අයගෙන් පමණක්ද පාඩුවෙන්නේ කියලා සාමාන්‍යාධිකාරීට නොතේරෙන්නේ මොකද දන්නේ නැහැ.. ටිකට් පරීක්ෂා කළ අයට සපෝට් කරනවාදැයි සොයන්න ඕනෑ...
ajith Monday, 12 December 2022 06:21 PM
යාචකයින්-වෙළඳුන් 15කට නොව සියල්ලන්ටම දුම්රිය සහ බස්රිය ගමන් කරනා අවස්ථාවන් හිදී වෙළඳාම් සහ යැදීම් තහනම් කළයුතුවේ.
විපරමා Monday, 12 December 2022 06:28 PM
හොඳ වැඩක්. යාචකයෝ සහ වෙළෙන්දෝ මගීන්ට වෙලාවකට පුදුම හිරිහැරයක්...