(ගයාන් සූරියආරච්චි)
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.
ඒ අනුව විමර්ශනවල අවම ප්‍රගතියක් පෙන්වනු ලබන භාණ්ඩාරගාර බැදුම්කර නිකුතුව, පාස්කු ප්‍රහාරය, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම, 2007 වසරේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් මහතාගේ අතුරුදන්වීම, 2023 දෙසැම්බර් මාසයේදී වැලිගම පොලිසිය විසින් කළ වෙඩි තැබීමකදී වැලිගම පොලිසියේ කොස්තාපල්වරයකු මියයාම සම්බන්ධ විමර්ශන අවම මට්ටමක පවතනි බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දී ඇත.
තවද 2005 වසරේ තාරකී ශිවරාම් නොහොත් ධර්මරත්නම් ශිවරාම් නැමැති මාධ්‍යවේදීයා බම්බලපිටිය ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, යාපනය ප්‍රදේශයේදී ලලිත් කුමාර සහ කුගන් මුරුගනාදන් යන පුද්ගලයන් දෙදෙනා අතුරුදන් කිරීම යන විමර්ශන කටයුතු ද ඉතා කඩිනමින් අවසන් කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇති බවද තල්දූව මහතා කීය.
රට ආනදෝලනාත්මක තත්ත්වයකට තුඩු දුන් නොවිසදුණු අපරාධ පිළිබදව මහජන ආරක්ෂක ආමත්‍යංශය අවධානයට ලක්කරමින් සිදුකළ විමර්ශනවලට අනුව ප්‍රගතිය අවම මට්ටමක පවතින පරීක්ෂණ පිළිබදව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලබාදී ඇති උපදෙස්වලට අනුව මෙම විශේෂ විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
යටගිය අපරාධ උඩට ගනී
විපරමා Sunday, 13 October 2024 02:32 PM
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ සිදුවූ සුදු වෑන් ඝාතන අතුරුදහන් ගැන ජනතාව දන්නවා. රටේ යුක්තිය නීතිය සාධාරණය පවා විනාශ කරපු කැළෑ නීතිය රජ කරවපු කාලයක්. මේ හැම ඝාතනයක්ම පිටුපස බලලෝභී, බඩගෝස්තරවාදී, කාලකන්නි, දූෂිත, දේශපාලුවන් ඉන්නා බව රහසක් නොවෙයි...
නලින් Sunday, 13 October 2024 02:47 PM
දුන් පොරොන්දු ඉටුකරන්නේ නෑ කියලා කෑගහපු අය, දැන් පළිගන්න පටන් අරන් කියලා කියන්න ලෑස්ති වෙන්න එපා...
Ravi Sunday, 13 October 2024 03:21 PM
තාජුඩීන් නැද්ද?
පොඩිඑකා Sunday, 13 October 2024 03:30 PM
අර මල් කුක්කා ඇඬුවේ ඔය ටික කරගන්නනේ...! දහඅටපාලිය පටන්ගත්තා විතරයි මල්ලි.., යක්කු ටික එකපාර නටන්නේ නෑ... හොඳේ...!