(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
නාරම්මල පහමුණේ ප්‍රදේශයේ දී කාර් රථයකින් යතුරුපැදි දෙකක් යටකර යතුරු පැදිකරුවෙකු කපාකොටා ඝාතනය කළ පුද්ගලයෙකු පොලිසියට බාරවී ඇතැයි නාරම්මල පොලිසිය කියයි.
තම බිරිදගේ අසභ්‍ය ඡායාරූප එවමින් තමන්ට අපහාස කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කළ බව පොලිසියට බාරවූ පුද්ගලයා පොලිසියේදී පාපොච්චාරණය කර ඇත.
කලක සිට තිබූ මෙම ආරවුල හේතුවෙන් ගැටුම ඇතිවී තිබෙන බවට පොලිසිය සදහන් කරයි. කාර් රථයෙන් පැමිණි පුද්ගලයාට සහ යතුරුපැදි වලින් පැමිණි අය හැකිනම් හමුවන ලෙස එකිනෙකාට අභීයෝග කරගෙන ඇති අවස්ථාවක අද සවස 4.30 ට පමණ රඹාවැව නාරම්මල මාර්ගයේ පහමුණේ ප්‍රදේශයේ දී එකිනෙකා හමුවී ඇත.
එම අවස්ථාවේ දී මෝටර් රථයේ පැමිණි පුද්ගලයා යතුරුපැදිය යටකර දමා තමා සමග ආරවුල ඇති පුද්ගලයාව කපා කොටා මරාදමා ඇත. යතුරු පැදිවල පැමිණි තවත් දෙදෙනෙකු පලාගොස් ඇති බවද පොලිසිය කියයි.
කාර් රථයෙන් පැමිණි පුද්ගලයා පහමුනේ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35 ක අයෙකි. මියගිස් ඇත්තේ වයස අවුරුදු 39 ක කිලින්පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජානක වත්තේගෙදර මහතා ඊයේ සවස ස්ථානය පරීක්ෂා කර බලා මියගිය අයගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා යැවීමට පොලිසියට නියෝග කළේය.
මියගිය පුද්ගලයා ගේ සිරුර කටුපොත රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප
නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යතුරුපැදිකරු යටකර කපාකොටා මරා දමයි
Perera Wednesday, 03 March 2021 05:54 PM
නීතියේ ආධිපත්‍යය පිරිහෙනකොට මිනිස්සු නීතිය අතට අරන් තමන්ට යුක්තිය ඉෂ්ඨ කරගැනීම වැළැක්විය නොහැක.
සෙනෙවිරත්න Wednesday, 03 March 2021 07:04 PM
මේවා දුරදිග යන එකට සම්පූර්ණයෙන් වගකීම පොලීසිය බාර ගතයුතුයි.
BamunuarachchiSaturday, 06 March 2021 02:23 AM
මිනිස්සු පටන් ගන්නා කුපාඩි වැඩ ( කුපාඩි වැඩ කියන්නේ නරක වචනයක් නොවෙයි අනංග වැඩ කියන තේරුමයි තිබෙන්නේ. කුපාඩි. හැදෙන්නේ ඉංග්‍රීසියෙන් කුපිඩ් හෙවත් අනංගයා කියන වචනෙන්) වලට පොලිසිය මුල්වෙන්නේ නැහැ. කුපාඩි වැඩ වනකර ගත්තාම පොලිසියට අත දමන්න වෙනවා.
Ruhunu Wednesday, 03 March 2021 08:20 PM
ලංකාවට ගිය කලක්...!!!
රාජුන් Wednesday, 03 March 2021 09:16 PM
රටක නීතියක් නැතිවුණාම, තම තමන් නීතිය අතට ගන්න එක අහන්නත් දෙයක්ද?
Raveendra Thursday, 04 March 2021 01:56 AM
නියඟලා පැළ රෝපණය කර ඖෂධීය බෙලි අස්වැන්නක් බලාපොරොත්තු වන්නේ කෙසේද?
Bamunuarachchi9 Thursday, 04 March 2021 02:11 AM
මට නම් වැඩේ සාධාරණයි.. අනික් අයට කොහොමද දන්නේ නැහැ. මේවා උසාවි ගිහිල්ලා විසඳන්න පුළුවන් ඒවා නොවෙයි. විසඳෙන්නේ මෙහෙමයි.
RaveendraThursday, 04 March 2021 04:00 PM
ඇත්තෙන්ම මේ පරයන් එම දඬුවමට අයිතිවාසිකම් ලබපු කාලකන්නි. අපරාදේ අනිත් දෙන්නටත් ඇඩ්‍රස් නැති වෙන්නම දෙන්න තිබුණු අවස්ථාව නැතිවීම...
ලක්ෂිත Thursday, 04 March 2021 02:28 AM
කොරෝනා අස්සේ ගෑනු ප්‍රශ්නත් දාගෙන..
මෝ Thursday, 04 March 2021 02:54 AM
මේකේ වැරැද්දක් පේන්නේ නෑ. ඔය වගේ අය හරියට ඉන්නවා. මේ වගේ දඬුවම් ලැබිලාවත් ඔය විදියේ අසික්කිත වැඩ කරන අය පාඩම් ඉගෙන ගත්තොත් හොඳයි...
janahitha Thursday, 04 March 2021 03:46 AM
උසාවියේදී මෙම ඝාතනය නොකළ බව කියන්න පුළුවන්. මියගිය පුද්ගලයාගේ ක්‍රියාකලාපය ඉතාම පහත්... ඔහු මිය ගියේ එම නිසා විත්තිකරුට නීතියේ සහාය ලබාදිය යුතුය. මේවාට නීතියෙන් පිළිසරණක් නැති බව සිතන නිසා මිනිසුන් මෙවැනි දේට පෙළඹෙනවා.
බණ්ඩා Thursday, 04 March 2021 05:32 AM
මම පැහැදිලිව කියනවා. දිගු කාලීන යුද්ධ, කල කෝලාහල, මිනීමැරුම් සහිත සමාජය විසින් දැන් දැන් ප්‍රතිඵල වශයෙන් මෘගයන් වැනි මිනිසුන් බිහිකරමින් ඉන්නවා. මේ තත්වය වහාම පාලනය නොකළොත් රටම ලේ විලක් වේවි. මානසික ලෙඩ, පී.ටී.එස්.ඩී, අවපාත තත්වයන් මිනීමරුවන්, අපරාධකරුවන් බිහි කරනවා. ජාත්‍යන්තර උදව් ඕනේ වේවි...!!!
fairoos Thursday, 04 March 2021 08:04 AM
අම්මෝ කියනකොටත් ඇඟ හිරිවැටෙනවා... දැන් මිනිස්සුන්ට ආතතිය වැඩිවෙලාද? නැතිනම් මොලේ අවුල්ද දන්නේ නැහැ...
Srinath Thursday, 04 March 2021 08:41 AM
අරුන්ව මරන්න වටිනවා තමයි. පව් නිකන් මනුස්සයෙක් ජීවිතේ කාලකන්නි කර ගත්තා. ලංකාවේ නීතියෙන් පිළිසරණක් තියෙනවා නම් මිනිස්සු මෙහෙම කරන්නේ නෑ නේ. නීතිය බල්ලට ගියාම මිනිස්සු නීතිය අතට ගන්නවා. අර පැනලා ගිය බල්ලන් දෙන්නාවත් මරලා නොදැම්මොත් තව මිනිස් ජීවිත කාලකන්නි කරාවි...
beau Thursday, 04 March 2021 09:38 AM
කාලකණ්ණි කරන වැඩ... හොඳ පාඩමක්...
පිටිගල මිලානෝ Thursday, 04 March 2021 10:14 AM
චිකාගෝ.... චිකාගෝ....!
kapila Thursday, 04 March 2021 11:48 AM
අපේ සමහර උදවිය ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩගන්නේ හරියට වඳුරට දැලි පිහිය හම්බ වුණා වගේ තමයි.
සුමේධ හිමි Thursday, 04 March 2021 01:55 PM
ඔය වගේ අසික්කිත වැඩ කරන්නේ බයියන්. ඔවුන්ට ස්මාර්ට් ෆෝන් එකක්, ඉන්ටර්නෙට් තියෙන පරිගණකයක් අහුවුනොත් මොනවා හරි ජරා වැඩක් කරලා සතුටු වෙනවා. පැනලා ගිය පිස්සන් දෙන්නටත් වැඩක් දිය යුතුයි.
ravinThursday, 04 March 2021 05:59 PM
එහෙමයි අපේ හාමුදුරුවනේ...!!!
RaveendraFriday, 05 March 2021 05:56 AM
අවසරයි අපේ හාමුදුරුවනේ..!!! "බයියන්" ලෙස සඳහන් කලේ කිනම් ජන කොට්ඨාශයක්ද යන්න දැන ගැනුමට කැමැත්තෙමු. මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව ඔබ වහන්සේ ගිහියන් වන අපට වඩා හොඳින් ප්‍රගුණකර ඇතැයි අප තරයේ විශ්වාස කරන්නෙමු. එනමුත් ගිහියන් වන අප යමක් දෙස මධ්‍යස්ථව සිතීමට හොඳින් හැකියාව ඇති බව සඳහන් කරන්නෙමු. ඒ අප කිසිදු කාලකන්ණි පක්ෂයක පක්කලියන් නොවන බැවිනි. අප කිසිවක් දෙස රටේ තිබෙන "කාලකන්නි" රතු, කොළ, නිල් පක්ෂවලට ගැති නොවී අදහස් ප්‍රකාශ කරන්නේ එ නිසාවෙනි. සරලව පවසන්නේ නම් අප ඒ කිසිඳු පක්ෂයකින් යැපෙන්නන් නොවන බැවිනි. චීවරයට අප සිත්තුළ ඇත්තේ ඉමහත් වූ භක්තියකි. ගෞරවයකි. පූජ්‍ය පක්ෂයේ පරම වගකීම මෙන්ම යුතුකව සමාජය යහමගට ගෙනඒමට අනුශාසනා කිරීම, උපදෙස් ලබාදීම ලෙස නූගත් අප තරයේ විශ්වාස කරන්නෙමු. ලෝකයේ පක්ෂග්‍රාහි පුරවැසියන් සිටිනා කිනම් හෝ රටක් දියුණු වී ඇද්ද නැද්ද යන්න සොයා බැලීමේදී ශ්‍රී ලාංකීය අප මොනතරම් මෝඩ තකතීරුවන්ද යන්න අපටම වටහා ගැනුමට අමුතුම ඥාණයක් අවශ්‍ය නැති බව අප විශ්වාස කරන්නෙමු. අපගේ මෙම මෝඩ අදහස්වලින් ඔබ වහන්සේට කිසිඳු අපහසුතාවයක් නොදැනුණා යයි අප විශ්වාස කරන්නෙමු.
BamunuarachchiSaturday, 06 March 2021 02:27 AM
හාමුදුරුවනේ, ඔබේ සිල්වත්කම, සංවරකම කොපමණද කියා අපිට මොනවට පැහැදිලි වෙනවා. දන් වේලක් ලැබුණාම බයියන්ගෙන්ද කියා සොයා බලනවාද?
banda Thursday, 04 March 2021 10:01 PM
මේ අයට හම්බවෙලා තියෙන්නේ නියම දඬුවම. පැනලා ගියපු දෙන්නටත් එහෙම වෙන්නයි ඕනෑ.
pakeer Friday, 05 March 2021 03:56 AM
නියම දඬුවම... ගෑණු නම් මෝඩයි. ආදරෙයි කිව්වාම සේසතම දෙනවා. එහෙම කියලා ඒ අයව මරන්නයි, පින්තූර පෙන්නන එකයි තියෙන්නේ. කැතම කැත වැඩක්. මහ හෙණ ගහන අපරාධ... අත්අඩංගුවට ගත්ත එක්කෙනාව ඉක්මණින් බේරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.