(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)
හඳපාන්ගොඩ සමෘද්ධි බැංකුවෙන් සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම සඳහා යමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් බැංකුව ඉදිරිපිට දීම තරුණයෙකු පැද වූ යතුරුපැදියක ගැටීමෙන් මියගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ අරකාවිල අංක 41 ලිපිනයේ පදිංචිව සිටි මල්ලිකා ආරච්චිගේ ලිලා හංසවතී නැමැති 68 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකි.
මියගිය කාන්තාව පාදුක්ක සිට හඳපාන්ගොඩ දක්වා ධාවනය වන බස් රථයේ නැග සමෘද්ධි බැංකුව ඉදිරිපිට බස් නැවතුමෙන් බැස බැංකුව දෙසට යාම සඳහා ප්‍රධාන මාර්ගය හරහා මාරු වීමේදී හඳපාන්ගොඩ සිට පාදුක්ක දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියේ ගැටී මෙම අනතුර වී ඇති බව පොලීසිය කියයි.
සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලද කාන්තාව 1990 සුවසැරිය ගිලන් රථය මගින් හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය හතරකට පමණ පසු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
සිදුවූ අනතුරෙන් යතුරු පැදිකරු වන හඳපාන්ගොඩ කුරණ පදිංචි 19 හැවිරිදි තරුණයකු තුවාල ලබා ඇති අතර ඔහු ඉංගිරිය රෝහලේ වාට්ටු අංක එකේ ප්‍රතිකාර ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලිකව රෝහල වෙත ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර තරුණයාට රියදුරු බලපත්‍රයක් නොමැති බවට අනාවරණය වී අතර පියාට අයත් යතුරු පැදිය ඔහු පදවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට