IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


යතුරුපැදිය ගවයකුගේ ඇඟේ හැපී යතුරුපැදිකරු මරුට

 

(ක.ග.කරුණාරත්න)

වැලිකන්ද,සෙවණපිටිය ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් ගවයකුගේ ඇඟේ හැපී මහවැලි ඉසෙඞ්-ඩී ඇළට පෙරැළීයාමෙන් සිදුවූ අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි.

මිය ගිය අයගේ සිරුර පොලීසිය සහ ප්‍රදේශවාසීහු එක්ව අද (7) ගොඩගනු ලැබ තිබේ.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ කුලියාපිටිය,මඩකුඹුරමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එස්.පී.දුෂාන් මධුශංඛ නැමැති තරුණයෙකි.

මිය ගිය අය වැලිකන්ද,මලින්ද ප්‍රදේශයේ බැකෝ යන්ත්‍රයක ක්‍රියාකරුවෙකු ලෙස රැකියාව කර ඇතැයි පොලීසිය පවසයි.

මොහු විසින් පදවාගෙන පැමිණි යතුරු පැදිය මාර්ගයේ සිටි ගවයෙකුගේ ඇඟේ හැපී අනතුරට ලක්ව මහවැලි ඇළට පෙරැළී ගොස් තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශන  වලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (3)

යතුරුපැදිය ගවයකුගේ ඇඟේ හැපී යතුරුපැදිකරු මරුට

Hafeel Monday, 07 September 2020 05:13 AM

සතුන් ඇති කිරීම පිළිබඳව නිසි ක්‍රම වේදයක් සහ නීතිය අනුගමනය කලයුතුයි.

:       0       9

බද්රානි Monday, 07 September 2020 08:40 AM

අනේ, ඒ ගවයාට හානියක් වෙලා නැත්නම්, ඒ ඇති.. සංවරව මහපාරේ ගමන් කරන අහිංසක ගවයෙකුටවත් යන්න බැහැනේ මේ ලංකාවේ...

:       0       0

wedage Monday, 07 September 2020 10:01 AM

මෙම මාර්ගයේ අනතුරු සලකුණු තියෙනවා.. ගවයින් පාරහරහා පනින බවට... දවසක් මම දැක්කා කොළඹ සිට පැමිණි සීඝ්‍රගාමී දුම්රිය, එම දුම්රිය මාර්ගය හරහා ගවයින් පනින විට දුම්රිය නවතාගත්තා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 528 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 945 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 469 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1271 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 714 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3079 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1889 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site