(පද්මසිරි ගාර්දියවසම්)
රන්න බටඅත ගොවිපළ අසලදී අද (11) රාත්‍රි 7 ට පමණ කැබ් රියක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හුංගම පොලිසිය පැවසීය.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට පොලිසියට අනුයුක්තව සේවය කළ අන්ද්‍රාහැන්නදිගේ මංජුල ප්‍රියනාත් නමැති 54 හැවිරිදි පොලිස් සැරයන් වරයාය.
ඔහු අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .
පොලිස් සැරයන් වරයා යතුරුපැදියෙන් රන්න දෙස සිට හුංගම දෙසට ගමන් කරමින් සිටියදී හුංගම දෙස සිට රන්න දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථයේ ගැටී ඇතැයි පොලිසිය පැවසීය .
කැබ් රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් යතුරුපැදියේ ගැටී ඇතැයි පොලිසිය පැවසීය .
ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන්වරයාගේ දේහය රන්න ග්‍රාමීය රෝහලේ තැන්පත් කර තිබේ .
කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. හුංගම පොලිසියේ රථවාහන අංශය අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් උඩුනුව
පොළොන්නරුව බැඳි වැව ප්‍රදේශයේ පුද්ගලික සංචාරක හෝටලයක 11 වැනිදා රාත්‍රියේ පැවති ෆේස්බුක් සාදයක නීති විරෝධීව රැගෙන විත් තිබූ දේශීය සහ විදේශීය මත්පැන් බ
පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග පළ
රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි කිරීම සහතික, සහ තවත් වටිනා සහතික පත් සකස් කර දෙන බවට පවසා මුදල් ලබාගෙන කූට ලෙස සකස් කරන ලද බලපත්‍ර සහ සහතික පත් තොගයක්
කොළඹ වරාය නගරයේ ගුවන් පාලම ආසන්නයේදී යුද හමුදාපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් මර්ගයේ මැද සවිකර තිබූ විදුලි පහන් කණුවක ගැටී රියැදුරු ඇතුළු හමුද
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුවඅද අද(12) වනවිට ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන් මරුට