IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


යුදගනවි ඇමෙරිකානු සමාගමකට දීමට එරෙහි පෙත්සසමටවිරෝධතා ගොනු කරන්න දිනයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ  රජයට අයත් සියයට  හතලිහක  කොටස්  නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු  සමාගමකට ලබා දීමට කැබිනට්  මණ්ඩලය  ගෙන ඇති තීරණය බලරහිත  කරන්නැයි  ඉල්ලා ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ලබන මස 06 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන්නැයි පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයා , අමාත්‍ය මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට අද (29) නියෝග කළේය 

අගරදගුරු මැල්කම් කාදිනල්  රංජිත්  හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය  ඇල්ලේ ගුණවංශ ,සමගි ජන බලවේගය , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද  (29) පෙරවරු 9.45 ට සලකා බැලීම ඇරඹිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන්   ,  විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්. ටී.බී.දෙහිදෙනිය  යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැදවිණි 

එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන්⁣ට මෙම නියෝග කළේය.

පෙත්සම සම්බන්ධයෙන් ප්‍රති විරෝධතා ඇත්නම් ඒවාද ලබන 13 වැනිදා හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනු කරන්නැයි ද පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කෙරිණි.

ඒ අනුව ගොනු වී ඇති පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම ලබන 16 සහ 17 දෙදින සිදු කිරීමට ද පංච පුද්ගල විනිසුරු මඩුල්ල දින නියම කරන ලදී.

අගරදගුරු මැල්කම් කාදිනල්  රංජිත්  හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය  ඇල්ලේ ගුණවංශ හිමියන්,  සමගි ජන බලවේගයේ  මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ,  වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ  ලේකම් රන්ජන් ජයලාල්  යන මහත්වරුන් විසින් මෙම පෙත්සම්  ගොනු කර සිටිති.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු  කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් වරයා, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපතිවරයා, ලංකා විදුලි බල මණ්ඩලය,  එහි සභාපතිවරයා, ලංකා  ඛනිජ තෙල් සංස්ථාව,  එහි කලමණාකරණ අධ්‍යක්ෂවරයා,වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම,  ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි   සමාගම  නීතිපති වරයා  ඇතුළු  54දෙනෙකු  මෙහි  වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් අද දින  නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු වන ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා පෙනී සිටීම විශේෂත්වයකි.



අදහස් (0)

යුදගනවි ඇමෙරිකානු සමාගමකට දීමට එරෙහි පෙත්සසමටවිරෝධතා ගොනු කරන්න දිනයක්

ඔබේ අදහස් එවන්න

දියත

තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 85 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 409 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 655 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 68 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 139 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 1076 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27539 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20768 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 657 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site