(මදුශානි අබේසිංහ)
නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ පැවති යුද කාලවකවානුව තුළ වැසීගිය සිංහල පාසල් දහතුනෙන් එකම පාසලක්වත් විවෘත කර ගැනීමට පැවැති කිසිදු රජයකට නොහැකිවීම කනගාටුවට කරුණක් බව මඩකළපු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී,කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
යුද වකවානුව තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව විශාල වශයෙන් ගම්බිම් හැර ගියද යුද්ධය නිමාවෙන් පසු යළිත් ඔවුන්ගේ දරුවන් සමඟ තම නිජබිම් වලට පදිංචියට පැමිණියද ඉඩම් සම්බන්ධ ගැටලු රැසක් පවතින බවත් එලෙස පැමිණෙන සිංහල ජනතාව සඳහා සිංහල පාසලක් නොමැතිවීම විශාල ගැටලුවක් බවද දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
යුද්ධය නිමා කර, සාමය උදා වී වසර දාහතරක් ගත වුවද නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය යටතේ නැගෙනහිර පළාතේ එකම සිංහල පවුලක්වත් පදිංචි නොකිරීම කනගාටුවට කරුණක් බවත්, මෙම තත්වය යටතේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවගේ මෙන්ම දැන්ට සිටින පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, තමන් ඇතුළු පරිත්‍යාගශීලීන්, දානපතින්, මැදිහත්වීමෙන් කල්කුඩා සිංහල පාසලක් සිදු කරගෙන යන බවත්, එමෙන්ම පුන්නකුඩා ගම්මානයේ පෙරපාසලක් පමණක් සිදුකරන බවත්, මෙම තත්වය අවබෝධ කරගෙන නැගෙනහිර පළාතේ වැසීගිය පාසල් 13 එකක්වත් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල පාසල් ආරම්භක කිරීමට හෝ දැනට ජීවත්වන සිංහල ගම්වාසීන් උදෙසා කිසිදු සහන වැඩපිළිවෙළක් අයවැයෙන් ප්‍රකාශ නොවූ බවත්, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුකර නැගෙනහිර පළාතේ, මඩකලපුව සිංහල ජනතාවගේ ඉඩම් අයිතීන්, අධ්‍යාපන, සෞඛ්‍ය, පානීය ජලය සහ විදුලිය පහසුකම් මෙන්ම අනෙකුත් අයිතිවාසිකම් ලබාගැනීමට පූර්ණ අවධානය යොමු කරන ලෙසත් දැනට සිංහල ජනතාවට විවිධ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් මෙන්ම ඇතැම් නිලධාරීන්ගෙන් බොහෝ අඩත්තේට්ටම් සිදුවන බවද දේවාලංකාර නාහිමියන් 15 වෙනිදා මඩකලපුව කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළහ.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යුද්දයෙන් වැනසුණු මඩකළපුවේ සිංහල පාසල කැලේට යයි
සමන් විමල් Wednesday, 15 November 2023 09:08 PM
සුලු ජාතික චන්ද බලාගෙන තමයි අය වැය ඉඉදිරිපත් කරල තියෙන්නේ වතුකරයේ ජනතාව කොළඹ මුස්ලිම් ප්‍රජාව උතුරේ ද්‍රවිඩ ප්‍රජාව ආදියට බෙදලා තියෙන්නේ . අය කිරීම බහුතරය තුලින් .
මැක්ස් Wednesday, 15 November 2023 09:13 PM
මහින්ද රාජපක්ෂ වැනි ප්‍රතාපවත් නායකයකු පමණක් නොව රනිල් වික්‍රමසිංහ වැනි සුළු ජාතිවාදීනට මනාපයක් ඇති නායකයකුත්, අනුර කුමාර වැනි වෙන්ඩ ජනාධිපතිලාත් දෙමළ ජාතිවාදී නායකයනට ඇති බය පක්ෂපාතකම මෙම කනගාටුදායක තත්වයට හේතුවයි.
සමන් Wednesday, 15 November 2023 09:16 PM
ඔබවහන්සේලාට අහිංසක සිංහලයන් රැකගැනීමට දරන වෙහෙසට ගොඩක් පිං. සිංහල දේශපාලුවන්ට ඕව ඔ්න නැහැ. ඩොලර්වලට කෑදර NGO කපුටො දැන් ඔබවහන්සේටත් බනිවි අර සුමන හාමුදුරුවන්ට වගේ...
සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 15 November 2023 10:17 PM
හරිම කණගාටුයි. දැන්වත් රජය මැදිහත් වී ඒවා නැවත ස්ථාපිත කර ඔහුන්ට සාධාරණය ඉටුකරන්න.
රංබොඩ Wednesday, 15 November 2023 10:46 PM
දැන් ඉන්න කෙනා නම් මේං කියලා සිංහල පාසල විවෘත කරලා දෙයි. හමුදාව දිලා සිංහල මිනිසුන් ට ඒ පැත්ත තහනම් කරන්නත් පුලුවන්
Bamunuarachchi Wednesday, 15 November 2023 11:28 PM
මේ වඩුග පාලකයා දෙමළුන්ට උතුරත් හම්බයින්ට නැගෙනහිරත්, ඉන්දියානු වතු දෙමළුන්ට රට මැදත් පාවා දීල මකබෑවෙන්නයි හදන්නේ. අපේ හාමුරුවනේ හම්බයින්ට සිංහලයින්ගේ ගම්බිම් අයිති කරගන්න ඉඩ තියෙන්න එපා. සිංහල ජනතාව මීට විරුද්දව නැගිට්ටවන්න.
Rev Somarathana Thursday, 16 November 2023 02:21 AM
ඉදිරි සැලසුම් අපට දන්වා එවන්න.
පියල් විරසිංහ Thursday, 16 November 2023 07:35 AM
අපිත් හිතුවෙ යුයුද්ධයෙන් පස්සේ හොදටම කාලා බිලා ඉන්න රටක් අති වෙයි කියලා. ගිරිවාපත්තුවේ පවුලේ කට්ටිය නම් කලා බිලා රජ සපට ඉන්නවා .
Rattu Thursday, 16 November 2023 09:29 AM
ඔබවහන්සෙලාගෙ ඇස්වලට විතරයි ජාතියෙ වැනසිම පෙනෙනෙ. පිනගෙ ඇස්වලට පෙනෙන්නෙ දෙමල චන්ද විතරයි.
Bamunuarachchi Friday, 17 November 2023 05:47 AM
ගිරුවා පත්තුවේ එවුන් යුද්දේ නැවැත්තුවාට උඹලට කවන්න බැඳිලා නැහැ.