IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


යුද සමයේ කොටි ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කර පවුල්වලට බාර දීලා

(තිළිණි ද සිල්වා)
 
ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති කාල සීමාවේදී එල්.ටී.ටී.ඊ. යේ සිටි ළමා සොල්දාදුවන් 594 දෙනාම මේවන විට පුනරුත්ථාපනය කර නැවත ඔවුන්ගේ පවුල් සමඟ එක් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති බව නිව්යෝක් හී එක්සත් ජාතීගේ ශ්‍රී ලංකා නිත්‍ය නියොජිත මොහාන් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.
 
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ළමුන් හා සන්නද්ධ ගැටුම් පිළිබඳ රැස්වීමකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා මේ බව සදහන් කළ බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් වැඩිදුරටත් කීය.
 
බලහත්කාරයෙන් බඳවා ගැනීම නිසා  අධ්‍යාපනය අඩාල වූ මෙම පිරිස කෙරෙහි විශේෂ අවධානයක් කරමින්, හිටපු ළමා සොල්දාදුවෝ බොහෝ පිරිසක් පසුගිය කාලවලදී ජාතික මට්ටමේ විභාගවලට සහභාගී කරවූ බවත් ඉන් ළමුන් 11 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිට, ඉන් තිදෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ බවද හෙතෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පෙන්වා දුන්නේය.
 
එසේම මේ පිරිසෙන් තවත් බොහෝ දෙනෙකු වෘත්තීය පුහුණුව ලබා රැකියාවන්හි නිරතව සිටින බව ද පීරිස් මහතා මෙහි දී කීවේය.
 
එබැවින් ගෙළ වටා සයනයිඩ් කරල පැළදී දරුවන් පුනරුත්ථාපනය කර ඵලදායී හා යහපත් පුරවැසියන් බවට පත් කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ කාර්යයක් බවද එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (1)

යුද සමයේ කොටි ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කර පවුල්වලට බාර දීලා

chandana Wednesday, 03 February 2021 03:51 PM

දේශද්‍රෝහී මංගලලාටයි, රනිල්ලාටයි ඕක කියනවට වඩා විකාර වැඩ තිබුණනේ. මම කියන්නේ නීත්‍යානුකූල හමුදාවට වඩා ත්‍රස්තවාදීන් නිවැරදියි, අහිංසකයි කියන්න ඕනෑ වුණානේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 172 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 64 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 129 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 134 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 10 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 716 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 63 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 444 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site