IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


යුද හමුදා මූලස්ථානය ජනපති සුරතින් විවෘත කරයි

ශ්‍රී  ජයවර්ධනපුර කෝට්ටේ  පිහිටි  ආරක්ෂක  සේනා  මූලස්ථානයට  අයත්   යුද හමුදා  මූලස්ථානය   විවෘත කිරීම  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (8) සිදුකෙරිණි.

මෙම  අවස්ථාවට  ආරක්ෂක  රාජ්‍ය අමාත්‍ය   රුවන් විජයවර්ධන , යුද හමුදාපති  ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ  හමුදාපතිවරු ආරක්ෂක අංශ නිලධාරීහු ඇතළු පරිසක් සහභාගී වූහ.

(ඡායාරූප  -   චතුර එස්. කොඩිකාර) 

 

 



අදහස් (18)

යුද හමුදා මූලස්ථානය ජනපති සුරතින් විවෘත කරයි

Missaka Friday, 08 November 2019 08:23 AM

මොනවා කිව්වත්, කාට බැන්නත් ලස්සනට තියෙනවා...!

:       262       1119

Sahan Friday, 08 November 2019 08:30 AM

ව්‍යාපෘතිය ඉවර කරන්න වසරක කාලයක් තමයි තිබ්බේ. හොඳට වැඩේ ගියා. ඇත්තටම ගොන්වැඩේ කලේ.. 2015 වේ ආණ්ඩුව. ප්‍රොජෙක්ට් එක නවත්වලා අවුරුදු 1.5 -2ක් ගියා නැවත පටන්ගන්න. කොන්ත්‍රාත්කරුවෝත් වැලේ වැල් නැතිව, ලාභ තිබුණු ජොබ්එක පාඩුවට ඉවර කළා. රවී කරුණානායක ගෝඨාභය වෙන්කරලා තිබුණු සියලු මුදල් අපහු ගත්තා. ඒකනිසා තමයි ආණ්ඩුවට පාඩු වුනේ... නැතිව විකුණපු එකේ වරදක් නොවේ... මේ ප්‍රොජෙක්ට් එක හින්දා කොම්පැනි 5-6ක් අධික අලාභයක් ලැබුවා. ඒ කාලය වැඩිපුර ගිය නිසා. ඒවාට වන්දි 2015 ආණ්ඩුව ගෙවිය යුතුයි...

:       513       1597

Darshana Friday, 08 November 2019 09:08 AM

ගෝඨාභය වැඩක් කලොත් ගතියට තියෙයි...

:       418       1246

Chanak los angelesFriday, 08 November 2019 05:49 PM

ඒක හරි.. ඒ බව ඔප්පු වෙනවා... කර ඇති දේවල් එළියට ඇදලා ගන්න තිබෙන අමාරුව බැලුවාම..

:       218       105

sirimal Friday, 08 November 2019 09:23 AM

හොඳට තිබ්බ අටුව කඩල‍ දාල නේද මේ පුටුවක් හදාගෙන තියෙන්නේ ?

:       1053       223

SujeewaFriday, 08 November 2019 12:36 PM

කොළඹ නගරය යනු අප රටේ වාණිජමය අගනුවරයි. 1978දී එවකට සිටි ජනාතිපති JR පාර්ලිමේන්තුව කෝට්ටේට ගෙනගොස් රටේ පාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුරය බවට පත් කලේ කොළඹ නගරයේ තදබදය අඩුකිරිමටයි. සරත් ෆොන්සේකා මහතාට හමුදා මූලස්ථානයටම පැමිණ බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමට හැකිවුණේ කොළඹ නගරයේ ඇති සංකීර්ණභාවය නිසාය. "කඩේ යන" සිරිමල්ට නම් මේවා තේරෙන්නේ නැතිවාට, සාමන්‍ය ජනයාට එය තේරුම් ගියේ ඉපදුණු දා සිටමය. අවුරුදු 70ක් පැවැති රජයන්ට නොතේරුණු කරුණක්, ගෝඨාභය මහතාට කළ හැකිවීම ගැන එතුමාට ජනතා ප්‍රසාදය හිමිවන අතර, කඩේ යන සුළුතරයේ "කොමෙන්ට්" වලින් අප සැලෙන්නේ නැත. ඇමරිකාවේ ධවල මන්දිරය ඇත්තේ වොෂින්ටන් නගරයේය. යුද හමුදා මූලස්ථානය වන පෙන්ටගනය ඉදිකළේ වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ටන් නගරයේය.

:       119       538

රජින්ද Friday, 08 November 2019 09:39 AM

ගෝඨාභය හමුදා මූලස්ථානය නැති කළා, අරක කළා, මේක කළා කියලා ඇතැම් අය නාහෙන් ඇඬුවා. මේ වගේ දැවැන්ත නිර්මාණයකදී ඊට මූලික වෙච්ච පිරිසට ආරාධනා නොකර කොහෙවත් ඉන්න අය ඇවිත් මේක විවෘත කිරීම කොයිතරම් නම් සදාචාර සම්පන්නද? ගරු ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිතුමා ඇතුළු අනෙකුත් යුදවිරුවෝ ගැන නෙමෙයි මම මේ කියන්නේ... ජනාධිපතිවරනෙට දවස් 8ක් තියාගෙන මෙවැනි ජාතික තලයේ වටිනාකමක් තියෙන්න නිර්මාණයක් විවෘත කිරීම මැතිවරණ නීති කඩ කිරීමක් නොවේද?

:       142       699

චමින්දSaturday, 09 November 2019 12:07 PM

රජින්ද, අතිගරු ජනාධිපතිතුමා මැතිවරණයට ඉල්ලන්නේ නැත්නම්, මැතිවරණ වේදිකාවකට යන්නේත් නැත්නම්, ස්වාධීනව සිටිනවානම් එවන් කෙනෙක් මෙවැනි විවෘත කිරීමක් කළාම එය මැතිවරණ නීති උල්ලංඝණයක් කියන්නේ මැතිවරණ පනතේ මොන වගන්තිය යටතේද කියා කරුණාකර පැහැදිලි කරන්න?

:       0       1

sajeewa Friday, 08 November 2019 10:03 AM

මේ ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය බලාගන්න පුළුවන් දෙයක් අරලියගහ මන්දිරයෙන් පෙනෙනවා. මම පහුගිය වසර 6 ක් තිස්සේ උදේ සවස අරලියගහ මැදුර ඉදිරිපිටින් යන කෙනෙක්. මහින්ද පරදිනකොට එටිසලාට් ගොඩනැගිල්ලට ලඟම අරලියගහ මන්දිරය තුල ලොකු ගොඩනැගිල්ලක් ඉදිකර වැඩ 98% ඉවර කර තිබුණා. ඒ වනවිට ඒ සඳහා පලංචි ගසා තිබුනේ. වසර 6 ක් තිස්සේ එම ගොඩනැගිල්ලේ වැඩ ඉවර නොකලා පමණක් නොවෙයි අර යකඩ පලංචි අද දක්වාම එලෙසම පවතිනවා. තමන්ගේ නිවාස වත් හරිහැටි පාලනය නොකරන පාලනයක් අපව බලාගනීද ?

:       109       638

bul Friday, 08 November 2019 10:11 AM

මෙහි නිර්මාතෘවරයා වන ගෝඨාටද ආරාධනා කරන්න තිබුනා.

:       112       920

Chanak los angelesFriday, 08 November 2019 07:11 PM

නිර්මාතෘවරයා රටට ආදරයෙන් කළ දෙයක් නොවේ. මිල කිරීමට නොහැකි කොළඹ හමුදා මූලස්ථානය කුණුකොල්ලයට චීනයට විකුණලා ඒ මුදල් වලින් මෙය කරවා කොටසක් සාටක සාක්කුවට ඔබාගෙන... ඒ වගේ මුදල් සුදු කරවා කැලිෆෝනියා වල ගෙවල් අරගෙන ... වහලුන්ට මේවා ගැන වැටහීමක්ම නැහැ..

:       212       222

Chanaka Sunday, 10 November 2019 08:46 AM

හමුදා මූලස්ථානය අප දන්නා තරමට විකුණා ඇත්තේ බිලියන 8කට වඩා වැඩි මුදලකට. 2012 වසරේදී එය තිබුණු රජයේ ඇස්තමේන්තු අගය විය. හමුදා මූලස්ථානය තිබුණු ස්ථානයේ අද ඇත්තේ ලොව ප්‍රධානතම හෝටලයකි. එ් නිසා ලංකාවට පැමිණෙන සංචාරකයින් සහ අනෙකුත් හෝටල් නිසාවෙන් සංචාරක ප්‍රජාවට වන සේවාව අතිඉමහත්ය. එම විකුණුම් මිලෙන් සම්පූර්ණ නව හමුදා මූලස්ථානය සෑදීමට තරම් හැකියාව තිබුණත් පවතින රජය විසින් කරගෙන ගිය අහේතුක හේතුන් නිසාවෙන් ලාංකික අපගේ මුදල් වැයවිය. මෙවන් හමුදා මූලස්ථානයක අවශ්‍යතාවය ඉතා ඉමහත්ය.. සහ එවැනි මූලස්ථානයක් සෑදීමට තරම් මුදලක් රජයට දැරීමට අමරුයි. එමනිසා හමුදා මූලස්ථානය විකිණීම සහ නව ත්‍රිවිධ හමුදා මූලස්ථානයක් සැදීම ඉතා යෝග්‍ය බව සඳහන් කරමි. පිටරටට වී නිවාඩුවට පමණක් අවුරුදු ගණනාවකින් ලංකාවට ඇවිත් අපේ රටේ දේවල් ගැන කතාකරන්නේ කොහොමද? ලංකාවේ ඉන්න අපිට ගෙම්බෝ වගේ ඉන්නද ඔයාලට ඕනේ... ඔබ පිටරට ගියේ ඔහේ හොඳ නිසානේ... අපි අපිට පුළුවන් විදියට රට හදා ගන්නම් මේ පළාතේවත් එන්න එපා. ගෝඨාභය කියන්නේ අපිට බොහෝ දේ කරදුන් මහතෙක්... බොරුවට මඩ ගහන්න එපා. සල්ලි මංකොල්ල කෑවා නම් හෙළි කරන්න ඔබ ඉන්නේ... දන්නා තරමින් රටට හිතැති චරිතයක්...

:       1       0

chandana Friday, 08 November 2019 10:39 AM

එදා මහා පාවා දීම කළේ නැත්නම් ඔය වැඩේ ඉවරවෙන්නේ මීට අවුරුදු ගානකට කලින්. ඔයිට වඩා සුපිරියට. ආප්පයක් රටකට කළ විනාශය.

:       157       319

sarojini Friday, 08 November 2019 05:22 PM

අද බුද්ධික පතිරණ කියන්නෙත් වසන්ත කියන දේම තමයි. අද සජිත් කරේ තියාගෙන යන්නේ..., සජිත්ව ඉල්ලපු බුද්ධිකවත්, වසන්තවත්, අඩුම ගානේ හරින්වත් නෙවෙයි.. ඔවුන්ට කුරුඳු පොලුවලින් ගැහුවා මංගල ඇතුළු නඩය...

:       108       477

Chathuri Friday, 08 November 2019 08:44 PM

ජනාධිපති සුරතින් විවෘත කරන්නේ නැතිව කොහොම කරන්නද?

:       0       1

ලුම්බිණි Saturday, 09 November 2019 04:12 AM

කවුරු මොනවා කළත් හමුදා මූලස්ථානය තිබුණු ඉඩම හෝටලයකට විකුණපු එක නම් වැරදියි.

:       205       7

lasithSaturday, 09 November 2019 06:12 AM

තිබුණු හමුදා මූලස්ථානයේ බොහෝ කොටස් තවම එතැන තියෙනවා. ගියොත් දකින්න පුළුවන් හරියට පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක වගේ...

:       0       51

PA - RA Sunday, 10 November 2019 02:57 AM

මෙවන් දේවල් නිර්මාණය කළ ඔහු මග හැර සියල්ලම විවෘත කළේ එතුමා මග හැරයි. අප එය හදුන්වන්නේ අවස්ථාවාදී සහ ගුණමකු කම කියායි. එය අපේ සිංහල කමටත් අවනම්බුවකි. විදේශ රටවල් ලංකාවට ඇගිලි ගසන්නේද මේ කරුණු නිසාමයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

‘කොළඹ නවම් මහා පෙරහැර’ වීදි සංචාරය කෙරේ
2025 පෙබරවාරි මස 12 107 0

කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.


බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි
2025 පෙබරවාරි මස 12 1145 1

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි


කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප
2025 පෙබරවාරි මස 12 507 0

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප


‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘
2025 පෙබරවාරි මස 12 1675 14

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව


ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි
2025 පෙබරවාරි මස 12 716 6

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මුහුදේ ගසාගෙන ගිය 13 කගෙන් 12ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන්
2025 පෙබරවාරි මස 12 667 0

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 124 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 913 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site