( රොමේෂ් මධුෂංඛ)
යාපනය නගරයේ පල්ලියක් ආසන්නයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමඟ ඩෙටනේටර් තොගයක් සොයාගත් බවට යාපනය පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි.
යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව යාපනය පල්ලියක් ආසන්නයේදී සඟවා තිබියදී මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
එහිදී පාර්සලයක ඔතා සඟවා තිබූ පුපුරණද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 3 ක ප්‍රමාණයක් සහ විදුලි නොවන ඩෙටනේටර් 10 ක් තිබී පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන් විසින් සොයාගනු ලැබීය.
අදාල පුපුරණද්‍රව්‍ය තොගය සඟවන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඒවා යම් විනාශයක් සඳහාද එසේත් නැතිනම් මසුන් ඇල්ලීම සඳහා යමෙක් රැගෙනවිත් සඟවන්නට ඇත්දැයි යන්න පිළිබඳව සෙවීම සඳහා විශේෂ පරික්ෂණයක් ආර්ම්භ කොට ඇති බවටද යාපනය පොලිස් විශේෂ කාර්යබළකාය වැඩිදුරටත් පවසයි.
පොලිස් විශේෂකාර් බලකායේ කලාපඅණදෙන නිලධාරී හා ප්‍රාදේශීය අණදෙන නිලධාරීවරුන්ගේ උපදෙස් හා අධීක්ෂණයන් මත යාපනය පොලස් විශේෂකාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක අශෝක් කුමාර් මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාපනයේ පල්ලියක් අසලින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක්