(සිතුම් චතුරංග)
යාපනය ශික්ෂණ රෝහලේ දී හදුනා නොගත් උණ රෝගී තත්වය හේතුවෙන් තිදෙනකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර අැති බවත් එය ජනතාව බියවිය යුතු නැතැයි යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා පවසයි.
රෝගීන් මියයෑම සහ අදාළ රෝගී තත්වය හදුනා නොගත් මාරාන්තික උණ රෝගයක් වන බවට ඇතැම් පිරිස් ප්‍රචාරණය කළද එම උණ රෝගය මී උණ විය හැකි බවට වැඩි ඉඩක් පවතින බව යාපනය රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
සත්‍යමූර්ති මහතා පැවසූවේ මාරාන්තික හදුනානොගත් රෝගයකින් යාපනයේ තිදෙනෙක් මියගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් තහවුරු කර නොගෙන ප්‍රචාරයන් සිදුකොට ඇති බවත් එයින් ජනතාව භීතියටපත්ව අැති බවත්ය .
අදාළ රෝගය මී උණ රෝගය විය හැකි බවට වැඩි ඉඩක් පවතින බවත්, ජනතාව කිසිදු අනවශ්‍ය ආකාරයේ බෝවන රෝග බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
යාපනය දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 45 ත් 28 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් තිදෙනෙකු උණ රෝගී තත්වයක් මත යාපනය ශික්ෂණ රෝහලේදී පසුගිය දිනවල මියගොස් සිටියහ.
මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් රසායනාගාර පරීක්ෂාවන් සදහා යොමුකර අැති අතර එම පරීක්ෂණවලින් අනතුරුව රෝග තත්වය කුමක්ද යන්න නිශ්චිතවම කිව හැකි බවත් රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ විය
ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතා මුදල් රැස්කර රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කර ඉන්දියාවට පලා ගොස් සිටියදී යළි මෙරටට පිටුවහල් කළ මරදානේ අඹ
හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි දැනුමක් දීමේ අරමුණින් ’’ගිනි ආරක්ෂක පෙරහුරු වැඩසටහනක් ’’ බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී අද (27) පස්වරුවේ
කොළඹ කොටුව සහ අඹේපුස්ස දුම්රිය ස්ථානය අතර ක්‍රියාත්මක වූ මෙරට ප්‍රථම දුම්රිය සේවාව ආරම්භ කර වසර 160ක් පිරීම නිමිත්තෙන් කොටුව දුම්රිය ස්ථානයේදී ආගමිකවත
අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් අද (27) සිට ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක් හෙවත් රුපියල් කෝටි 2200 ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන නිවාස ව
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක්