යේමනයේ දකුණු දිග ඒඩ්න් නගරයේ ගුවන්තොටුපලට එල්ලවූ ප්‍රහාරයකින් 22දෙනකු පමණ මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති.
අලුතින් පිහිටුවන ලද සංධාන රජයේ බලය බෙදා ගැනීම සම්බන්ධව සෞදියේ පැවති සාකච්ඡා අවසන්වී නව කැබිනට් මණ්ඩලය ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් සුළු මොහොතකට පසු මෙම ප්‍රහාර එල්ලවී ඇත.
තුවාල ලැබූවන් අතර සහන සේවකයින් සහ නිලධාරීන් ද සිටින අතර අග්‍රාමාත්‍ය මේන් අබ්දුල්මාලෙක් මහතා පවසා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති බවයි.
මෙය හවුති කැරළිකරුවන්ගේ බියගුලු ත්‍රස්ත ක්‍රියාවක් බව යේමන රජය චෝදනා කරයි. නමුත් මෙතෙක් එම කණ්ඩායම ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැත.
පිපිරීම් ආරම්භ වීමත් සමග ඇමතිවරුන් පිළිගැනීම සඳහා ගුවන්තොටුපලේ රැස්ව සිටි පිරිසක් පලායන අයුරු වීඩියෝ දර්ශන මගින් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ අවම වශයෙන් පිපිරීම් දෙකක්වත් සිදුවූ බවයි. රොයිටර් පුවත් සේවයට ආරක්ෂක අංශ පවසා ඇත්තේ ෂෙල් වෙඩි ප්‍රහාර තුනක් එල්ලවූ බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.
නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යේමනයේ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් 22ක් මරුට
අයතුල්ලා කුමෙයිනි Thursday, 31 December 2020 01:22 PM
මේක ඉරානයේ වැඩක්... වහාම ඉරානය ආක්‍රමණය කරන්න.