(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ යුරෝපා කොමිසමේ දූත පිරිසක් අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.
ජී. එස්.පී ප්ලස් සහනය දීර්ඝ කරනවාද නැද්ද යන්න පිලිබදව කරුණු අධ්‍යනය සදහා අදාල දූත පිරිස මෙරටට පැමිණ සිටින අතර ඒ අතරතුර එම පිරිස විපක්ෂ නායකතුමා හමුවිය.
ජී. එස්. පී ප්ලස් සහනය අපේ රටට විශාල ශක්තියක් බවත්, එය අඛණ්ඩව අපේ රටට ලබා දීම සඳහා අවශ්‍යකරන සහයෝගය ලබා ලබාදෙන ලෙසත් සජිත් පේමදාස මහතා එහිදී ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.
කොරෝනා ව්‍යසනය සහ වර්තමානයේ මුහුණ දෙන ගැටළු පිළිබඳව එහිදී දෙපාර්ශවය අතර දිර්ඝලෙස සාකච්ඡාවට ගැණුනු අතර ශ්‍රිලංකාව ඉදිරියට ගෙනයෑම උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා අදාල නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටි බවත් විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.
මෙම අවස්ථාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සමඟි ජනබලවේගයේ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුරෝපා සංගමයේ නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි
Chandima Wednesday, 29 September 2021 04:08 PM
සංචාරකයෝ එවන්න එපා... ලංකාවෙන් බඩු ගන්න එපා. අපිට බලේ එනකල් එක අබ ඇටයක්වත් දෙන්න එපා කියන්න අැති...
ganegodaWednesday, 29 September 2021 05:23 PM
විපක්ෂයේ ඉඳගෙන මුළු ලෝකයටම දොස් කියපු පොහොට්ටුවන්ට එහෙමම සිද්ධ විය යුතුයි .අපි ගතු කියන්න නොගියත් යුරෝපය එව්වා හොඳටම දන්නවා .ඒකට තමයි අපේ රටේ , ඒ රටවල තානාපතිලා ඉන්නේ
Raveendra Wednesday, 29 September 2021 04:17 PM
මාගේ දුගී, දුප්පත්, සදාදරණීය ජනතාව වෙනුවෙන් මම කියපු ගමන්ම ඒ ඔක්කොම එකඟ වුනා GSP ප්ලස්ද, මයිනස්ද දෙන්නේ...? අදම මම මේකට වොයිස් "කට්" එකක් දෙන්න ඕනේ දෙලොවටම ඇහෙන්න...
චන්දන Wednesday, 29 September 2021 04:17 PM
උඩ බලන් කෙළ ගහන්න තියෙන ඉඩකඩ වැඩියි...
මාමWednesday, 29 September 2021 04:34 PM
උඩ බලාගෙන කෙල ගැහුව වෙන්නෙ බොරු කෙලියොත් ලමයො.
ලමය Wednesday, 29 September 2021 04:32 PM
සත්‍ය ඔවුන්ට හෙලිකරන්න. හිරගෙවල් වලට පැනලා යකානටන ඇමැතිලා ඉන්න රටක් කියන්න...
ganegoda Wednesday, 29 September 2021 04:50 PM
හිඟා නොකා.. හිඟා කකා ජීවත් වෙන අපිට අනිත් රටවල්වල උදව්, උපකාර කොයිතරම් වටිනවද?
සංදීප Wednesday, 29 September 2021 05:32 PM
මින් ඉදිරියටත් ජාත්‍යන්තරව පිළිගත් මූල්‍ය ආයතන වලට අපගේ මාතෘ භූමිය පිළිබඳව තොරතුරු එවන්නම්.... එතෙක් අපි කකුලෙන් ඇද ඇද සිටින්නම්.
SUNIL MILANO Wednesday, 29 September 2021 06:40 PM
ගනේගොඩ වගේ නැති මෙලොවටත් නැති... තමන් ඉපදුණ මව්බිමට කෙළවෙන හැටි බලා සතුටුවෙන අපතයින් කොතෙකුත් ඇත...