(ඩයනා උදයංගනී)
එළඹෙන 2023 යල කන්නයේ වී වගාව සඳහා පොහොර ලබාගැනීමට ගොවීන් වෙත මූල්‍ය සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
හෙක්ටයාරයකට රුපියල් 20,000ක් බැගින් වන සේ උපරිම වශයෙන් හෙක්ටයාර දෙකක් සඳහා ගොවීන්ට මෙම මූල්‍යාධාරය ලබාදීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එමෙන්ම මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 300ක මුදලක් ලබාදීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය.
මීට පෙර මේ සඳහා රුපියල් කෝටි 1000ක මුදලක් වෙන්කර තිබූ අතර, එය කෝටි 1,300ක් දක්වා වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙලෙස ලබාගන්නා වී වලින් නිෂ්පාදනය කරන සහල් කිලෝ 10 බැලින් මාස දෙකක කාලයක් සඳහා අඩු ආදායම්ලාභී පවුල් ලක්‍ෂ 28,50,000 කට ලබාදීමට නියමිත බව ද ඇමතිවරයා කීවේය.
ගාලු කොටුවේ රෑම්පාට් විදියේ කොටසක් ගිලා බැසිමට පටන්ගෙන ඇතැයි ගාලු උරුමය පවසයි.
ඇමරිකාවේ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පක්ෂ නායකයන් අතර විශේෂ හමුවක් හෙට (10) පෙරවරුවේ පැවැත්වේ.
අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින් නිලධාරී යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුත
අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂකවරයා සහ ඔහුගේ සාහිකාව රුපියල් 2,000 ක අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේදි අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ නිලධාරින්
දිවයිනේ අධිවේගී මාර්ග සහ මහාමාර්ග පද්ධතිය තුළ වන රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් ජනතාව සහ රියදුරන් දැනුම්වත් කිරීමේ ‘මාර්ග ආරක්ෂාව සහ රියදුරු පුහුණ
වාර්ෂිකව මෙරට සම්පූර්ණ රුධිර ඒකක 450,000 ක් පමණ එකතු කරනු ලබන ජාතික රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල ඉමහත් පිලිගැනීමට සහ ගෞරවයට පාත්‍ර වී ඇති බ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
යල කන්නයට පොහොර ගන්න ගොවීන්ට සහනාධාරයක්