IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


යාල කැලෙන් පළුගස් කැපූ කොන්ත්‍රාත්කරු අල්ලයි

(අමිල සම්පත්)

යාල වන සංරක්ෂණ පේරක කලාපයේ රොටවැව සහ ජූල්පතාන වැව අතර තිබූ ඉපැරණි පළුගස් කපාගෙන යමින් සිටි පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකු අත්අංගුවට ගත් බව ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරි කපිල ජෝතිමුනි මහතා සඳහන් කරයි.

මේ වන විට විශාල කඳන් 20 ක් පමණ කපාගෙන ගොස් ඇතැයි වනසංරක්ෂණ කාර්යාලය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු කොන්ත්‍රාත්කරුවකු බවත් ඔහු මේ දිනවල  පොලිසියක නේවාසිකාගාරයක් ඉදිකරමින් සිටින බව වාර්තා වෙයි. සැකකරු මෙම ගස් කපා ඇත්තේ එම නේවාසිකාගාරයේ ප්‍රයෝජනය සඳහා දැයි සැකකරුන බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.

මෙම සිද්ධිය ඊයේ රාත්‍රී 10 ට පමණ වාර්තා වූ බවත් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අද උදෑසන කළ මෙහෙයුමේදී ප්‍රධාන සැකකරු කඳන් කීපයක් සමග තිස්සමහාරාම වලගම්පත්තුව ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව බීටු නිලධාරි කපිල මහතා සඳහන් කළේය.

එම සැකකරුවන් පලුගස් කපා විශාල කඳන් රැගෙන ගොස් ඇති අතර රැගෙන යෑමට නොහැකි වූ කඳන් දමා ගොස් ඇති ආකාරය එහි ගිය අපට  දැක ගැනීමට හැකි විය.

මේ පිළිබඳව කිරින්ද පොලීසියෙන් අප කළ විමසීමකදී එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැතැයි ද නේවාසිකාගාරය ඉදිකරන්නේ කොන්ත්‍රාත්කරුවකු බවත් කිරින්ද පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති රුවන් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරි ගයාන් ප්‍රසන්න මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ කරුණු  වාර්තා වී නොමැති බවත් ඒ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවත් කියාසිටියේය. 



අදහස් (1)

යාල කැලෙන් පළුගස් කැපූ කොන්ත්‍රාත්කරු අල්ලයි

jagath Tuesday, 07 December 2021 05:00 PM

දේපළ රාජසන්තක කළ යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 82 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 348 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 239 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4203 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 351 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 810 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site