IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


යාල වනය කපා කබානා හෝටල් සංකීර්ණයක් ඉදිකරති

(අමිල සම්පත් ශ්‍රී)

තිස්සමහාරාමය හෝටල් ව්‍යාපාරිකයකු යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපය තුළ අක්කර 40ක් පමණ වන්නාතරය එළි පෙහෙළි   කබානා හෝටලයක්ද ඉදි කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

එම කබානා හෝටල්එ ආසන්නයේ විශාල වැව් බැම්මක් ඉදි කොට වැසි ජලය රඳවා ගැනීමට ද කටයුතු කර තිබේ .

මෙම ප්‍රදේශවල හේන් ගොවිතැනෙහි යෙදෙන පුද්ගලයන්ට වන සංරක්ෂණ නිලධාරීන්  දැඩි නීති පනවා ඇති අතර අඩි 5කට වැඩිය උස කිසිදු ගහක් හෝ අඩුම තරමේ කැත්තකට  මිටක් හෝ කපා ගැනීමට  අවසර නැති මෙම වන වනසංරක්ෂණ පේරක කලාපයේ මහ ගස් මුලින් උගුලා විනාශ කොට දැවැන්ත පරිසර හානියක් කර ඇති ආකාරය එහි ගිය අපට දැකගත හැකි විය.

බිම හෙලා ඇති රූක්ස ගස්වල කඳන් නැත තැන දමා  ඇති ආකාරයක් දැක ගැනීමට හැකිය .

වන අලින් ආහාරයට ගන්නා කඩ කොල්ලන් ගස් විශාල ප්‍රමාණයක් මුලින් ගලවා විනාශ කර ඇති අතර එම ශාඛ ද යොදා ගනිමින් කබානා ඉදිකර ඇත.

මෙලෙස අල්ලා ගත් කැලෑවට මීටර පන්සියයක් පමණ පහලින් සියඹලගස්වැව පිහිටා ඇති අතර එම වැවෙන් කුඹුරු අක්කර 50 පමණ වගාව සිදු කරති. 

එහෙත් එම වැවට වැසි ජලය සැපයෙන ආර හරස් කොට මෙම හෝටල් හිමියා  හිතුමතේ වැවක් ඉදි කිරීම තුළින් සියබලගස්වැවට ජලය සැපයීම සහමුලින්ම නතර වී ඇතැයි ගොවීහු පවසති .

මේ සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,වන සංරක්ෂණ නිලධාරීන් ට කොතෙකුත් පැමිණිලි කළ ද ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගන්නා බව එම ගොවීහු සඳහන් කරති.

මේ පිළිබඳව  හම්බන්තොට වනසංරක්ෂණ අඩවි සහකාර නිලධාරී කපිල මහතාගෙන් දුරකථනයෙන් විමසීමේ දි ඔහු සඳහන් කළේය

ඉදිකරන ලද වැවේ කොටසක් ඉවත් කිරීමට පියවර ගත්තා  වනාන්තර හෙළි පෙහෙළි කිරීම පිළිබඳව මා දන්නේ නෑ .කෙසේ වෙතත් වනසංරක්ෂණ කලාපයට අයත් ප්‍රදේශයක වැව් ඉදිකිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයාට එරෙහිව මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

 

 



අදහස් (28)

යාල වනය කපා කබානා හෝටල් සංකීර්ණයක් ඉදිකරති

පැරකුම් Monday, 27 September 2021 05:01 PM

කවුරුත් කලබල වෙන්න එපා. මොකුත් වෙන්නෙ නෑ. අපේ ගම් පලාතෙ නේ.

:       1       0

සෑම් Monday, 27 September 2021 05:03 PM

අනේ පව් මුන් බලයට ආපු දා ඉඳන් රට වනසනවා

:       0       1

SAMAN Monday, 27 September 2021 05:13 PM

ඒකට ගිහින් කිව්වේ පරිසරය රකිනවා කියලා... කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි..

:       0       52

sena Tuesday, 28 September 2021 05:50 AM

දෙවන ශතවර්ෂයේ කාවන්තිස්ස රජයතුමා ගොඩනගපු තිස්සමහාරාමය 21වැනි සතවර්ෂයේ රාජපක්ෂලාගේ පාලනය යටතේ තමා සියල්ල සිද්දවෙන්නේ... ඉතින් වර්තමාන රට පාලනය කරන රජවරු නොදැන ඔවුන්ගේ අනුදැනුමක් නොමැතිව තිස්සමහාරාම අඩවියේ කිසිවක් සිදුවන්නේද නැත. මේ සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වන සංරක්ෂණ නිලධාරීන්ට කොතෙකුත් පැමිණිලි කළද, ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගන්නෙත් ඒ නිසානේ. නිතර නිතර කැමරාවක් සමග යාල ජාතික වනෝද්‍යානය වෙත පැමිණෙන සජිත් ප්‍රේමදාසට කියලා බලන්න...

:       0       3

ගමරාළTuesday, 28 September 2021 07:05 AM

පරිසර ඇමති හම්බන්තොට මන්ත්‍රී කෙනෙක් වගේ මතකයි දැන් මේක පරිසර හානියක් නොවෙයි කියාද බලමුකෝ නැත්නම් වාර්තාවක් කැදෙව්වා කියාද බලමුකෝ එයට වැඩි දෙයක් බැරි පරිසර ඇමතිවරයා නම් ඔතනට යන්නේනම් නැහැ

:       0       3

MedamulanaTuesday, 28 September 2021 09:51 AM

කැලෑ කන්නද? අපේ පොහොට්ටුවට රට හදන්න දීලා පැත්තකට වෙලා ඉන්න.

:       1       13

නාමල් Tuesday, 28 September 2021 11:44 AM

මේ රට හදන්න කැලේ කපන්න වෙනවා. රට දියුණු කරන්න ඒ ගොල්ලන්ට බාර දීලා තියෙන්නේ ජනතාව... ඔයා පැත්තකට වෙලා බලාගෙන ඉන්න.

:       2       11

jagath Monday, 27 September 2021 05:15 PM

නන්දසේන... දැන් ගෙදර යන්න... ලංකාව දියවෙලාම යයි නැතිනම්..!

:       1       79

Nihal Monday, 27 September 2021 06:27 PM

බුලත් හපයෙක් වනජීවී ඇමැති කිරීමේ ප්‍රතිඵල තමයි මේ...

:       1       62

C.K.Lankaputhra Monday, 27 September 2021 06:29 PM

මේ හැත්ත බුරුත්තටම හෙන නොගහන්නේ ඇයි? මට මේක තේරෙන්නේ නෑ දෙයියනේ...

:       1       51

Prabha Tuesday, 28 September 2021 12:50 AM

මේ වන විනාශය හැටියට ගැහුවොත් ගහන්නේ වැහි නැති හෙන

:       0       35

AntaTuesday, 28 September 2021 04:03 AM

හැමිනේෂන්

:       0       1

බද්රානි Monday, 27 September 2021 06:30 PM

එදා විල්පත්තුව කැපුවේ මුස්ලිම් ජාතිකයෙක් කියලා නැට්ට උස්සාගෙන උඩු බුරපු පිංගුත්තර සුනඛ රැල දැන්, සද්දයක් නැත්තේ, ඒ සුනඛ රැල සිංහල නිසාද? හැබැයි ඒ සුනඛ රැල දන්නේ නැහැ ඒ කාලේ විල්පත්තුව කපන්නත් අවසර දුන්නේ සිංහල දේශප්‍රේමී නායකයින් බව... මෙදා ඔය අවසරය ලබාදී ඇත්තෙත් ඒ එදා අවසර ලබාදුන් හොර, තක්කඩි දේශපාලන පරම්පරාවේ අයම තමයි. ජානවලින්ම එන හොර තක්කඩිකම පරම්පරාවටම තියනවා. ඒක තේරුම් ගන්න බැරි හරක් රැලක් ඔවුන්ට වන්දනාමාන කරනවා...

:       2       65

69lakshayaTuesday, 28 September 2021 12:33 AM

රට ජාතිය කොටින්ගෙන් බේරගත්ත රාජපක්ෂවරුන්ට අපි 3/2 ආණ්ඩු බලයක් දීලා තියෙන්නේ ඕනෑම දෙයක් එතුමාලට හිතැඟි පරිදි කරන්න

:       24       15

සමිත සේනක අලුත්ගමගේ. Monday, 27 September 2021 06:32 PM

වනය කපා එහි හෝටල් ඉදිකරමු. පොළව කොටා එහි වලවල් කපමු. වනයේ සතුන් එක තැනකට කොටුකරමු. මේ සැම නසා අපි පමණක් රජකරමු.

:       2       43

K. Ranaweera Monday, 27 September 2021 06:40 PM

කොහේද මේ..? ඇමරිකාවද?

:       1       27

රශ්මි Monday, 27 September 2021 06:46 PM

අනේ දෙවියනේ, මේ පවුලෙන් අපේ රට බේරා දෙන්න... !!!

:       3       43

දෙයියාTuesday, 28 September 2021 06:11 PM

දැන් කෑගහන්න එපා.. ඒ අය පත්කරන්න නුඹලා ලක්ෂ හැට නවයක්ම කැමැත්තෙන් මනාපේ දුන්නා නේද? පස්සේ විස්ස සම්මත කරන්න තවත් ලක්ෂ ගණනක් ඔවුන්ගෙන් පත්වුණු නඩයකුත් එකතු වුණා නොවැ. ඉතින් එච්චර පිරිසක් කැමැත්තෙන් කල දෙයක් වෙනස් කරන්න අපේ රජු සක්කරයාටවත් බැහැ බොලව්... ඊළඟ වතාවේවත් බත් පැකට් එකට කසිප්පු කාලට වහ නොවැටී මොළය පාවිච්චි කරලා වැඩ කරපල්ලා...

:       0       1

nihal Tuesday, 28 September 2021 01:25 AM

මේවා කරන එවුන්ටත් උන්ව ජාතක කරපු එව්න්ටත් වදපු උන්ටත් මුන්ගෙන් ජාතක වූ දරුවන්ටත් සාප වේවා

:       0       43

Don Tuesday, 28 September 2021 02:23 AM

කව්ද බොලේ ඒ කෙරුමා ?දැන් තියෙන්නේ ගමේ කට්ටියටත් පුළුවන් තරම් ඉතුරු ටික සුද්ද කරලා කොටු කරගන්නයි .පුළුවන් උනොත් අපත් එනවා කෑල්ලක් සුද්ද කරලා කොටු කරගන්න .එතකොට බලමු වනජීවිය මොකද කරන්නේ කියලා

:       0       1

damith Tuesday, 28 September 2021 04:59 AM

අක්කර 50ක් හෙළි කරද්දීත් නොපෙනුන නිලධාරියාව අයින් කරන්න ඕන. පව් අනේ ඔය හම්බන්තොට දේශපාලකයෝ නම් දන්නේ නැතුව ඇති ඕක.

:       0       3

දාස Tuesday, 28 September 2021 05:22 AM

ලොක්කා කට ඇරියොත් කියන්නෙ ටොං පච, අපි ගෙවන්නෙ දැක්මක් අවංක කමක් ගැවිල නැති ,උගත් කමින් හීන, මාන්නයෙන් ඔලුව ඉදිමුව ගත්ත ,පාලකයකු පත්කර ගැනීමෙ පාපයයි. ජිනීවා සම්මේලනයෙදි ලෝකෙට කියනව ලංකාවෙ පරිසරය සුරක්ෂිත කරනව කියල, මේ පවුල බාප්පල, තාත්තල, පුතාල , මේ රට විනාශම කරනව.

:       1       1

ලුම්බිණි Tuesday, 28 September 2021 07:57 AM

මේ හෝටල් ව්‍යාපාරිකයා මේක කරන්නේ අනිවාර්යයෙන් දේශපාලකයකුගේ සහායත් ලබා ගෙන. ඉතින් කාටත් හිතන්න පුළුවන් එම දේශපාලකයා කවුද කියල. අපේ ජාතිය බේරා ගන්න බව කියන මහා සංඝරත්නයත් විද්වතුන් කියා ගන්නා අයත් දැන් වත් මේවගේ දේවල් වලට උදවු කරන දේශපාලකයන් ගෙන් ඈත් උනොත් නරකද?

:       0       2

ඒකනාය​ක Tuesday, 28 September 2021 08:00 AM

දිගින් දිගටම මෙහෙම විනාශ කිරීම් දකින කොට අපට හිතෙන්නෙ මේ රටේ නායකයෙක් නැද්ද කියල. මේ වගේ හැම ජරා වැඩකම පිටිපස්සෙ ඉන්නෙ දේශපාලන ලොක්කෙක් බව ​මේ රටේ කවුරුත් දැන් දන්නවා. ජනාධිපතිතුමාට චන්දය දෙන කොට ඒ කවුරුවත් හිතුවද මේ වගේ විනාශයන් මේ රටට සිද්ධ වෙයි කියල? එතුමා යුද්ධ කළාට රටක් පාලනය කරන්න හැකියාවක් නැති බව නේද පේන්නෙ.?

:       0       1

මුදියන්සේ. Tuesday, 28 September 2021 08:13 AM

මොනවද මේ රටට වෙන්නෙ. ඉතා කණගාටුදායක තත්ත්වයක් නොවේද ?

:       0       2

p.d goonawardena Tuesday, 28 September 2021 09:07 AM

මේවා බලු වැඩ​....අපිත් චන්දේ දුන්නේ ඔහොම වැඩ බලාපොරොත්තුවෙන්නම් නොවේ.....

:       0       2

gamage Tuesday, 28 September 2021 11:04 AM

අපේ සර් ආපු දාට ඔය සෙල්ලම් දාන්න බැරිවෙයි. අපිට ඕනේ කොන්ද කෙළින් නායකයෙක්....

:       0       5

fairoos Tuesday, 28 September 2021 01:05 PM

කෝ අපේ බයියෝ සෙට් එක ?විල්පත්තුව විතරද කපන්න බැරි ?

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2783 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2006 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2880 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2891 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 654 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1300 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36034 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site