(ඩයනා උදයංගනී)
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘යාස්’ සුළි කුණාටුවේ සහ නිරිත දිග මෝසම් තත්වයේ බලපෑමෙන් අද (25) දිනයේත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක, 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අතුල කරුණානායක මහතා පැවසීය.
සෙසු පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති වන බව අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.
‘යාස්’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් හෙට (26) දිනයේදී ඉන්දියාව දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කරුණානායක මහතා කීවේය.
දිවයින හරහා පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් සුළං හැමිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරුමැද සහ වයඹ පළාත්වලත් කෑගල්ල, වව්නියාව, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 පමණ දක්වා වැඩිවිය හැකි බව ද ඔහු පැවසීය.
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙහි නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘යාස්’ සුළි කුණාටුව චණ්ඩ වේ:රටපුරා මහ වැසි