IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


යොහානිගේ ‘‘මැණිකේ මගේ‘‘ හෙට නවදිල්ලියේ

කෝටි 12 කට අධික ලොව පුරා සංගීත ශ්‍රාවකයන් උන්මාදයෙන් නැටවඋ යොවුන් පුර හඳ අද (30) නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ධනකුවේරයන් වෙසෙන ගුරුග්‍රෑම් අහසේ බැබලෙනු ඇත.

ඒ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කොට සයිබර් අවකාශය හරහා දැනටමත් කෝටි 12 කට අධික සංගීත ශ්‍රාවකයන් පිරිසක් උන්මාදයට පත් කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මෙනෙවියගේ ප්‍රථම ඉන්දීය සංගීත සංදර්ශනය ආරම්භවීම හේතුවෙනි.

ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙයි.

ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයන් එක රැයකින් අති ක්‍රමණය කොට ජාත්‍යන්තර වේදිකාවක සංගීත රසිකයන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා ඇයට කිසිම වෙහෙසක් දරන්නට සිදු නොවීම ආශ්චර්යයක් ලෙසට විචාරකයෝ හඳුන්වති.

ඇගේ සංගීත කණ්ඩායම නවදෙනකුගෙන් යුත් තාරුණ්‍යයේ සුපිපි තරු නව දෙනෙක් අයත් වෙති.

සංගීත අධ්‍යක්ෂණය චමත් සංගිත්, ගේය පද රචනා දුලාන් ඒ.ආර්.එස්. සහ රැප් ගායක සතිශාන් රත්නායක සහ යොහානි ඇතුළු තවත් 5 දෙනෙකි.

යොහානි දිලෝකා ද සිල්වා සංගීත සංදර්ශනය පවත්වන ගුරුග්‍රෑම් නගරයට පැමිණෙන සංගීත රසිකයන් පිරිස අති විශාල වනු ඇති බවට සංවිධායකයෝ විශ්වාස කරති.

දැනටමත් ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයෙකු ඒ.ආර්. රහුමාන්ගේ ගීතයක් අභිබවා යූටියුබ් නාලිකාවේ 6 වැනි ස්ථානයට යොහානි සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය පැමිණ තිබේ.

මෙම සංගීත ප්‍රසංගය හෙට (30) දින සවස 6 ට පැවැත්වීමට නියමිත අතර මේ සඳහා අවශ්‍යවන ප්‍රචාරක කටයුතු රූපවාහිනී, පුවත්පත් දැන්වීම්, ටිකට්පත් අලෙවිය වැනි කටයුතු භාරදී තිබෙන්නේ එම කටයුතු පිළිබඳ හසල දැනුමක් ඇති ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වූ බුක්මයි ෂෝ නමැති සමාගමය.

බොලිවුඩ්හි තරු ඇතුළු ඉන්දීය සිනමාවේ දැවැන්තයන් සංගීත ශිල්පීන් ඇතුළු විද්වතුන් විශාල පිරිසක් මෙම සංගීත සංදර්ශනය නැරඹීම සඳහා පැමිණෙනු ඇතැයි සංවිධායකන් අදහස් පළකරති.

ඉන්දියාවේ ප්‍රධාන නගරයට කිට්ටුවෙන් පිහිටි හයිද්‍රාබාද්හිදී ඔක්තෝබර් 3 සවස 6 ට ඊළඟ සංගීත සංදර්ශනය පැවැත්වෙනු ඇත.

මෙම සංගීත සංදර්ශනවලින් පසුව යොහානි ගේ අනාගතය කුමන අතකට පෙරළේද යන්න විශ්වාස කළ නොහැකි තරමට භාරතයේ සංගීත ශ්‍රාවකයෝ උන්මාදයට පත්වී සිටිති.

විශාල සමාගම් ඇය වෙනුවෙන් ඉදිරියට පැමිණ ඇති අතර දැනටමත් ලෝකයේ රටවලින් ඇයට ඉල්ලීම් ගලා එන අතර වැඩි වශයෙන්ම ඒවා කළමනාකරණය කර හොඳ ප්‍රමිතියෙන් යුතුව සඳහා ඇය ඒවා කළමනාකරණය කිරීම ඉන්දියාවේ තවත් ප්‍රකට සමාගමකට පවරා තිබේ.

ඇයගේ සංගීත ප්‍රසංගය වෙනුවෙන් ආකර්ශනීය පෝස්ටරයක් නිර්මාණය කර ඇත.

යොහානි පසුගිය මානුෂික මෙහෙයුමේදී 55 වන සේනාංකයට අණදුන් මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගේ වැඩිමහල් දියණිය වේ.

ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ උපාධිධාරිණියකි. ඕස්ට්‍රේලියානු සරසවියක ශාස්ත්‍රපති උපාධියද හිමිකරගෙන සිටින්නීය.

රත්නපාල ගමගේ

ස්විස්ටර්ලන්තයේ සිට

 



අදහස් (4)

යොහානිගේ ‘‘මැණිකේ මගේ‘‘ හෙට නවදිල්ලියේ

siri Wednesday, 29 September 2021 08:03 PM

සියලු සුබ පැතුම්....!!! ජයවේවා...!!!

:       0       0

බද්රානි Wednesday, 29 September 2021 10:03 PM

ඉන්දියාව වගේ රටක කළමනාකාරිත්වයකට පවරපු එක ඉතාම බුද්ධිමත් තීරණයක්... එහෙම නැතිනම් මේ ලංකාවේ හොර, තක්කඩි ඔබව විනාශ කරලා තමයි පස්ස බලන්නේ... මට හිතෙන විදිහට නම් ඔබ අයිති විය යුත්තේ, වැදගත් ජනතාවක් වෙසෙන රටකටයි. හැකිතාක් ඉක්මණින් මේ ගෝත්‍රිකයින්ගෙන් දුරස් වෙන්න...

:       0       0

ලමය Thursday, 30 September 2021 05:54 AM

ආරංචිය නම් මෙම ලාබාල දක්ෂ ගායිකාවට අපේ ගායක ගායිකාවන් කිසිවෙක් සුභ පතා නැතිබවයි.මෙය ඇත්තක් නම් කොයිතරම් කනගාටු තත්වයක්ද.

:       0       0

Nimal Thursday, 30 September 2021 09:35 AM

ඔබට අපේ සුබ පැතුම් !

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1627 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 323 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 649 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4178 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 568 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3138 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site