IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


“යොහානිට සතීශන්ට විශේෂ ගෞරවයක් ලබා දෙන්න’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ යොවුන් ගායන ශිල්පිනියක වන යොහානි ද සිල්වා සහ ගායන ශිල්පි සතීශන් රත්නායක ගායනා කළ ගීතයක් ලෝකය පුරා බෙහෙවින් ජනාදරයට පත්වෙමින් ලෝක වාර්තාවක් තබා ඇති හෙයින් එම දෙදෙනාට විශේෂ ගෞරවයක් ලබා දෙන්නැයි  තමා යෝජනා කරන බව  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී  නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය.

එම දෙදෙනා ගායනා කළ "මැණිකේ මගේ" ගීතය  ලෝකය පුරා එක් කෝටි දහ අට ලක්ෂයක් දැනට නරඹා ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.

ශ්‍රී ලංකාවේ ගීතයක් ලෝකය පුරා මෙලෙස ඉහළම මට්ටමට  ගිය පළමු අවස්ථාව මෙය බව පැවසූ ජයමහ මහතා එම දෙදෙනාගේ  ගීතය අගය කිරිමේ  පියවරක් ලෙස ඉන්දියාව   විසින්  යොහානි ද සිල්වා  සංස්කෘතික තානාපතිවරියක ලෙස  පත්කරනු  ලබා ඇති  බවත් ප්‍රකාශ කළේය.

මේ දෙදෙනාට මැතිසබයේ ඉහළම ගෞරවය දැක්විය යුතු බව නලින් බණ්ඩාර මහතා මෙහිදී  වැඩිදුරටත් කීවේය.



අදහස් (11)

“යොහානිට සතීශන්ට විශේෂ ගෞරවයක් ලබා දෙන්න’’

ලුම්බිණි Wednesday, 22 September 2021 02:04 PM

මේ ළමයට ඒ වැඩේ කර ගන්න ඉඩ දීලා දේශපාලකයෝ පැත්තකට උනා නම් තමයි හොඳ.

:       4       21

බද්රානි Wednesday, 22 September 2021 02:31 PM

නලින් බණ්ඩාර මහත්තයෝ..., අර ලංකාවේ ඉන්න සමහරක් නින්දිත නලා කාරයින්ට වගේ රාජ්‍ය ගෞරව යෙහානි වගේ දක්ෂ කලාකාරිනියකට අවශ්‍ය නැහැ. ඇය දැනටමත් ලාංකීය හා ලෝක ජනතාවගේ ගෞරවයට හා ආදරයට පත්වී හමාරයි. ලංකාව කියන කුඩා ළිඳ ඇතුලේ සද්දෙට බක බක ගාමින් ලොකුවට හිතාගෙන ඉන්න නලාකාරයින්ට ඔබලාගේ දේශපාලන සම්මාන දෙන්න. එ්ත් කරුණාකර මේ යොහානි කියන තරුණ, දක්ෂ කලාකාරිනියව දේශපාලනීකරණයට ලක්කොට විනාශ කරන්න හදන්න එපා...

:       3       20

ගමරාළWednesday, 22 September 2021 06:53 PM

මෙම මන්ත්‍රීවරයා කියන්නේ ඇයට පාර්ලිමේන්තුවෙන් කිසියම් සැලකිල්ලක් කරන්න කියා මිස මන්ත්‍රීවරයාගේ පක්ෂයෙන් යමක් කළයුතු බවක් නොවේ...

:       0       1

kamal Wednesday, 22 September 2021 02:37 PM

අමරදේව අසපුව ගෙනල්ලාම විශේෂ ගෞරවය ලබා දෙන්න.

:       3       14

Hemantha Wednesday, 22 September 2021 02:56 PM

ඉතා හොඳ යෝජනාවක්.

:       11       11

Raveendra Wednesday, 22 September 2021 02:58 PM

ලංකා මාතාවට ලෝකයා ඉදිරියේ ඉහළට ඔසවා තැබීමට මේ දරුවන් දෙදෙනා කළ මෙහෙවර අප හදවතින්ම අගය කරන අතර ඔවුන්ට කලගුණ සැලකීමද කළයුතු බව කිව යුතුයි. එහි කිසිඳු වැරැද්දක් අප නම් කිසිවිට නොදකින අතර මේ දේශපාලුවා නම් මාන බලන්නේ ගලායන දියපහරින් ලකුණු දමාගැනිමක් බව නම් 100%ක් විශ්වාසයි. ඊළඟ බලු පොරයේදී මමයි යෝජනා කලේ මේ අයට මෙසේ සැලකිය යුතුයි... ඒ නිසා තිරිසන් මට ඔහේලාගේ ඡන්දය දෙන්න යන්න වක්‍රව හෝ කියනු නියතයි.

:       4       14

Ruhunu Wednesday, 22 September 2021 03:15 PM

දක්ෂතාවය සදාකාලිකයි. ජනප්‍රියතාවය තාවකාලිකයි.

:       1       13

කමල් Wednesday, 22 September 2021 04:10 PM

මැතිසබයේ ඉහළම ගෞරවය දැක්විය යුතුයි? ගීතයක් ජනප්‍රිය වීමෙන් මිනිසුන්ට කවර ප්‍රයෝජනයක් ද? ගීතයත් හිස්, ජනප්‍රියත්වයත් හිස්. කාමයේ ආස්වාදයට රැවටුණු මිනිසුන් කාමාස්වාදයෙන් මුසපත් වෙනවා. කාමයේ ආදීනව නොදකින මිනිසුන්ට යථාර්ථයෙන් වටිනා දේ පේනෙන්නෙත් නෑ, නොවටිනා දේ පේනෙන්නෙත් නෑ. වැරදි දෘෂ්ටියෙන් නොවටිනා දේ වටිනා යැයි හිතනවා. ඔයිට වඩා හොඳයි කුඹුරු කොටන ගොවි මහතෙකුට ගෞරවය දැක්වූවා නම්.

:       6       8

ලලිත් අම්බලන්ගොඩ. Wednesday, 22 September 2021 05:00 PM

ඒ පොඩි එකීට පාඩුවේ වැඩක් කරන් ඉන්න දීල,බොල බොලාගෙ වැඩ බලගනිල්ල. පොඩි ඒකී ජාතියේ පිනට පහළ වූ මැණිකක්.ඒ පොඩි එකී දේශපාලනයට ගාව ගන්න එපා.කිසිම කලාකරැවෙක් දේශපාලනයට ගාව ගන්න එපා.ඒ අයට පාඩුවේ කලාවෙ වැඩ කර ගන්න දෙන්න.බොල බොලාගෙ වැඩ කරගනිල්ල.උඹල වගේ නොවෙයි,ඒ පොඩි එකීට ඉන්දියාවට ගිහිං සංදර්ශණයක් දෙකක් කලොත් ලංකාවෙ සම්පූර්ණ ණය ටික ගෙවන්නත් හැකියාව තියෙනව.ඒ නිසා ඒ දරැවට පාඩුවේ ඉන්න දීපල්ලා. අපෝ බොලාගෙ සම්මාන නොදකිං. මේක දැන් ජාතික සම්පතක්.

:       1       8

janahitha UAE Wednesday, 22 September 2021 05:26 PM

සුබ පැතුම්

:       0       1

චන්දන Wednesday, 22 September 2021 07:14 PM

දැක්කා නේද එයාට තියෙන ප්‍රශ්නය . මෙවැනි එවුන් පාර්ලිමේන්තු එවපු එක ගැන සැබැවින්ම කණගාටුදායක යි

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1685 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 761 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 125 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 629 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1137 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 595 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 576 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site