යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය.
ඒ අනුව, මින් ඉදිරියට ඇමෙරිකාවෙන් යුක්රේනයට කිසිදු හමුදා ආධාරයක් නොලැබෙනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඇමෙරිකා ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින්, කැනඩාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් වන, බෙල්ජියම, ක්‍රොඒෂියාව, එස්තෝනියාව, ෆින්ලන්නය, අයර්ලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය ජර්මනිය ඒකමතිකව තීරණය කර ඇත්තේ යුක්රේනයට හැකි පමණින් සහාය පළ කරන බවය.
පළාත් පාලන ඡන්දයට සල්ලි තිබෙන බවත් සල්ලි ඉල්ලා අධිකරණ ගාණේ යන්නේ නැතුව නිදහසේ වැඩ කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට දැන් හැකියාව ඇති බවත් රාජ්‍ය පරිපාලන
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ‘වාහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින්’ බත්තරමුල්ල පොල්දූව හන්දියේ මේ වන විට විරෝධතාවක නිතරව සිටියි.
ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බැවින් රට තුළ ඉන්ධන බෙදා හැරීමේ කිසිදු ගැටලුවක් පැන නොනගිනු ඇත
අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙවර පවත්වනු ලබන පොසොන් උත්සවය ජුනී මස 07 වැනි දින සිට ජුනී මස 13 වැනිදින දක්වා පැවැත්විමට පොසොන් උත්සව කමිටුව තීරණය කොට ති
සංස්කෘතික ප්‍රකාශනයන්හි විවිධත්වය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යුනෙස්කෝ (2005) සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීමට කැබිනට් අනුමැති
තෝරා ගත් දිස්ත්‍රික්ක වල ජනගහන පාදක පිළිකා ලේඛනගත කිරීමේ වැඩසටහන හරහා පිළිකා පිළිබඳ ආවේක්ෂණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
යුක්රේනයට හමුදා ආධාර දීම නවත්වනවා - ට්‍රම්ප්
ආච්චි Tuesday, 04 March 2025 08:54 AM
සෙලෙන්ස්කියා මෝඩයා බව මම කලිනුත් කිව්වා නෙව. දැල් සැපද සෙලෙන්ස්කියො? ඔය අනික් රටවල් ආධාර දෙන්නෙ රුසියාවට බයේ මිස බොට ආදරේට නෙවෙයි කියලවත් තේරුම් ගන්න උකුණු ඉහක් තරමක් මොල කළඳක් තියේද බාං බොට?
vis8 Tuesday, 04 March 2025 08:56 AM
ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනෙකුත් ලෝක නායකයින්ට මෙන් නොව කොඳු ඇට පෙළක් ඇත. ඔහු චීනයට පිටුපසින් සිටින ඔහුගේම රට සංවර්ධනය කිරීමට අවධානය යොමු කරයි. එක්සත් ජනපදය නේටෝව නිසා අනවශ්‍ය යුද්ධවලට සහය දක්වයි. ට්‍රම්ප් මෙය නැවැත්තුවා: හොඳයි!
AB Tuesday, 04 March 2025 09:14 AM
යුක්‍රේනයට හමුදා ආධාර දීම නවත්වන බවට ප්‍රකශ කර ඇත. යුක්‍රේනයට හමුදා සහ මූල්‍යමය ආධාර ලබාදීමට යුරෝපිය රටවල් සහ කැනඩාව කැමැත්ත පළකර ඇත. එසේ උවත් යුරෝපිය රටවල් කනදවද ඇතුළුව මේ වනවිට පවතින යුද්දය අවසන්කිරීම සදහා අවශ්‍ය මුලික කටයුතු සදහා කටයුතු කරමින් තිබේ. ප්‍රංශ ජනපති කියාසිටියේ පළමුව මාසයක කාලයක් සදහා යුද්දය තාවකාලික නැවැත්වීමක් අවශ්‍ය බවකි. කෙසේ වෙතත් බ්‍රිතන්‍ය ඇතුළු සියලු රටවල් ඇමෙරිකානු සහය සාම ගිවිසුමකට අවශ්‍ය බව ප්‍රකශ කර තිබේ. යුක්රේනයේ පවතින minerals deposits සදහා ඇමෙරිකාව සමග විවිසුමක් අත්සන් කිරීමට සෙලෙන්ස්කී අකමැති උවද එසේ නොකළහොත් ඔහුට ඇමෙරිකානු සහය නොලැබෙන බව ඔහු දනී. ඇමෙරිකාව සමග minerals deposits සදහා ගිවිසුම් ගතවීම මත යුක්රේනයට හමුදා ආධාර පමණක් නොව මුල්‍යමය ආධාර සහ ආරක්ෂාව පිළිබද තහවුරුවීම ලැබේ. ඇමෙරිකාව සමග යුක්රේනය minerals deposits සදහා ගිවිසුම් ඉදිරි සති දෙක තුල සිදුවීමට නියමිත බව කියවේ.
de silva berlin Tuesday, 04 March 2025 11:44 AM
ඒකාධිපති හිට්ලර් මුළු ලෝකෙටම තර්ජනයක් වෙනකොට ඇමරිකාව ගත්තේ ඔහුගේ පැත්ත නොවේ , සෝවියට් රුසියාව ඇෆ්ගනිස්තානේ බලෙන් ආක්‍රමණය කලවිට ඇමරිකාව ගත්තේ රුසියාවේ පැත්ත නොවේ ,ඉරාකේ කුවේට් රට ආක්‍රමණය කල විට ඇමරිකාව ගත්තේ ඒකාධිපති සදාම් හුසේන්ගේ පැත්ත නොවේ , නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව විසින් මෙතෙක් කල් රැකගෙන ආපු සාරදර්ම පසෙක දමමින් ඒකාධිපති පුටින්ට අනුග්‍රහය දක්වමින් , තමන්ගේ මිතුරන් වන කැනඩාව , මෙක්සිකෝව,සහ යුරෝපේ විරසක කරගෙන යන මාර්ගයේ ඔහුට පැවැත්මක් නැත.
de silva berlin Tuesday, 04 March 2025 11:56 AM
සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙක් තවත් රාජ්‍ය නායකයෙක් බැහැ දකින්න ආවහම , දිවිපාර්ෂික සාකච්ඡා මාධ්‍ය ඉදිරියේ කරන සිරිතක් නොමැත ,නමුත් ට්‍රම්ප් මේ සියලු සාර දර්ම කඩ කරමින් මාධ්‍ය ඉදිරියේ සෙලෙන්ස්කිට පරිභව කරනු ලැබුවේය. යුක්රේනයේ තිබෙන ඛනිජ සම්පත් වල ඓතිය යුක්රේන ජනතාවට මිස ඇමරිකාවට හෝ රුසියාවට නොවේ. ට්‍රම්ප් සහ පුටින් ක්‍රියා කරන ආකාරය ලෝකය බලා සීටී අද ලෝකයේ යම්කිසි අධ්‍යාපනයක් ඇති බහුතරය මෙම ක්‍රියාවලිය අනුමත නොකරති , මේ ක්‍රියාවලිය රුසියන් ජනතාව කොහොම දැක්කත්. ඇමරිකන් ජනතාව සහ යුරෝපිය ජනතාවෙන් 80% මේක අනුමත නොකරති. රුසියාව සහ ඇමරිකාව එකතුවෙලා බලෙන් යුක්රෙනේ යටත් කරත් නිදහසේ ඛනිජ ද්‍රව්‍ය හාරන්න ඔවුන්ට ඉඩ ලැබෙන්නේ නැත. යුරෝපේ සහ ලෝකයේ අනෙක් රටවල සහය ලබන යුක්රේන හමුදාව අනිවාර්යයෙන් ගරිල්ලා යුද්ධයක් ඔවුන්ට විරුද්ධව ආරම්භ කරන නිසා බොහෝ දෙනෙක් මියයනු ඇත
de silva berlin Tuesday, 04 March 2025 12:35 PM
මේ ප්‍රශ්නය දිහා දේශපාලන කෝණයකින් බලන්න එපා මානුෂිය කෝණයකින් බලන්න , දැන් අපි සියලුදෙනාටම වැටහෙනවා රුසියාව යුක්රෙනේ ආක්‍රමණය කලේ දුර්ලභ කනිජ සම්පත් ලබාගැනීමට මිසක් වෙන ප්‍රශ්නයක් නිසා නොවන බව , මෙවැනි ආක්‍රමණයක් සිදුවන විට එයට විරුධව සටන් කිරීම රාජ්‍ය නායකයකුගේ යුතුකම සහ වගකීම වන බවත් සියලු දෙනාම සිතට ගන්න ඕනේ , සමහරු මෙම ප්‍රශ්නයේදී පුටින් සහ ට්‍රම්ප් වීරයන් ලෙසත් ජනාධිපති සෙලෙන්ස්කි මෝඩයෙකු හෝ දුෂ්ටයෙක් ලෙස හැදින්වීම අනුමත කළ නොහැක , බෝම්බ පුරවාගෙන පැමිණි බුල්ඩෝසරයට තම ජීවිතය නොතකා පහර දුන් රණවිරු ගාමිණී කුලරත්න වීරයා අදත් අපි ආදරයෙන් සිහිපත් කරන්නේ එම නිසාය , ඔහුටත් බුල්ඩෝසරයට පනිනේ නැතුව තම පන බේරාගෙන පලා යන්න ඕනේ තරම් ඉඩ තිබුන නමුත් ඔහු එහෙම කලේ නැහැ , යුරෝපේ ජනතාවට සෙලෙන්ස්කි වීරයෙක්
අරවින්ද මොණරවිල Tuesday, 04 March 2025 12:56 PM
අනිවාර්යයෙන්ම, සුන්දර රටක් බටහිර රටවල් වල උවමනාවට විනාශ කෙරුවා මේ ගොන් තඩියව පන්නලා දාන්න යුක්‍රේනයේ ජනතාව දැන්වත් පෙරට එන්න ඕනා !
de silva berlin Tuesday, 04 March 2025 01:27 PM
අරවින්ද මොනරවිල මේ යුද්දේ ආරම්භ කලේ යුක්රෙනේ ඛනිජ සම්පත් කොල්ල කන උවමනාව මත පුටින් ප්‍රමුඛ රුසියාව මිස ජනාධිපති සෙලෙන්ස්කි හෝ යුරෝපේ අනිත් රටවල නොවන බව ?, පුටින් යනු වීරයෙක් නොවේ හිට්ලර්ගේ ජාතියේ දුෂ්ට , මිලියන ගණනක ජිවිත විනාශ කරපු ඒකාධිපතියෙක් බව ඔබට වැටහෙන්නේ නැතිද ? ලෝකයේ කුඩා රටවල් තම ආසන්නයේ තිබෙන බලවත් රටවල් වලට යටත්ව ජිවත් වෙන්න ඕනෙද ? මේකද ඔබේ මතය ?