IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


යුක්රේනයෙන් සංචාරකයන් ගෙනල්ලා කොරෝනාව ගරානාවක් කරගෙන

(යොහාන් භාසුර)

කඩා වැටුණු ආර්ථිකයක් තිබෙන, කොරෝනා රෝගීන් ලක්‍ෂ 11 කින් 19,000 ක් මියගිය යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා රටත් ජනතාවත් විනාශ නොකරන ලෙස ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

එහිදී විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“යුක්රේනය කියන්නේ මොකද්ද රට. ?”

“යුක්රේනයේ එකොළොස් ලක්‍ෂයක් ලේ කොරෝනා හැදිලා ඉන්නවා. දැනටමත් 19,000 ක් මැරිලා. අපේ ඒකපුද්ගල ආදායමටත් වඩා අඩුයි. යුක්රේනයේ අයට රස්සා නැතුව ජර්මනියට, එංගලන්තයට ගිහිල්ලා පාලම් යට, පාරවල් ඇතුළෙ, බස්වල ගිහිල්ලා පිට් පොකට් ගහනවා. ඒ ආර්ථික වැටිලා. ඒ හිඟන යුක්රේනයෙන් තමයි උදයංග වීරතුංග දැන් 456 ක් විදේශිකයො ගෙන්නුවේ”

“පසුගිය මාර්තු 12 වැනිදා සිට යුක්රේනයේ පාසල් ඔක්කොම තාම වහලා. ජනවාරි මස 8 වැනිදා සිට ජනවාරි 24 දක්වා යුක්රේනය ලොක්ඩවුන් කරන්න ඕන කියලා යුක්රේන අගමැති කියනවා. ලෝකෙ සංචාරකයො ගේන්න රටවල් නැද්ද?”

“රට සහ ජනතාව අනතුරට දාලා උදයංග වීරතුංගට ඕන විදියට මේ රටේ ජනතාවගේ ජීවිත විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. ඒ පාපතර ක්‍රියාවට ඉඩ දෙන්න එපා”
“කවුරුත් දන්නවා උදයංග වීරතුංගව. මොහුව හොයන්න කියලා රතු නිවේදනය නිකුත් කළා. ජාත්‍යන්තර පොලිසිය වරෙන්තු නිකුත් කළා. හැබැයි කොරෝනා මරාන්තික බියෙන් වෙලිලා ඉන්න වෙලාවේ, අවධානය ඒකට තියෙන වෙලාවේ, තමුන්නාන්සේලා ඒ උදයංග වීරතුංගව ලංකාවට ගෙනල්ලා උසාවියෙන් ඇප දීලා නිදහස් කරගෙන දැන් මේ කරන ජාවාරම මොකක්ද? දැන් කොරෝනාව ගරානාවක් කරගෙන තියෙන්නේ”

“අද දහස් ගාණක් අම්මලා තාත්තලා රටට එන්න විදියක් නැතුව සිටියදී උදයංග වීරතුංග කියන පුද්ගලයා තමයි යුක්රේනයෙන් කටිට්ය ගේන්නේ”

“ඒ ගෙනාපු කට්ටිය නිරෝධායන නීති උල්ලංඝණය කරලා හැසිරිච්ච හැටි මුළු රටම දැක්කා”
“උදයංග වීරතුංගට කෝ කොරෝනා නීතිය. මුළු රටම දැක්කනේ උදයංග වීරංතුංග කොරෝනා නීතිය උල්ලංඝණය කරනවා. එක රටක් එක නීතියක් කිව්වා. එක රටක් එක නීතියක් නම් වාහාම උදයංග වීරතුංගව නිරෝධානය කරන්න ඕනේ. දවස් 14 ක් යවන්න ඕනේ නිරෝධානය මධ්‍යස්ථානයට. එහෙම කරන්නෙ නෑ”

“අහිංසක සෆාරි රියදුරන් 28 ක් ගිහින් දැම්මා. දැන් ඔවුන් කියනවා බලධාරීන්ගේ වැරදි තීන්දු තීරණ නිසා යුක්රේනයෙන් ඇවිල්ලා තිස්සමහරාමෙත් කෑවා, යාලත් කෑවා මුළු රටම නැති කරා කියලා”

“දෙවැනි කොරෝනා රැල්ල ඇති වුණේ යුක්රේන ජාතිකයකුගෙන් කියලා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය මේ පාර්ලිමේන්තුවේ විවෘත කිව්වා” යයිද විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

 



අදහස් (7)

යුක්රේනයෙන් සංචාරකයන් ගෙනල්ලා කොරෝනාව ගරානාවක් කරගෙන

SUNOL MILANO Tuesday, 05 January 2021 04:41 PM

යහපාලනයේ ගරානා පාර නැතිව වියරු වැටුණු යටත් විජිත... යහපාලනයේ කිසිම වරදක් නොදුටු ජෙප්පන්ට දැන් වැරැදි පෙනෙන්න පටන් අරගෙන... රට හැදෙන්න නම් නුඹලා අතුගෑවිලාම යා යුතුයි.

:       2       5

CHANDIMA Tuesday, 05 January 2021 05:55 PM

අසව්... අසව්... අරයාට, මෙයාට කඩේ ගිහින් දේශපාලනේ ගරනාවක් කරගෙන ඉන්න කෙනෙක් තමයි මේ කතාව කියන්නේ. පක්ෂය පටන් ගත්තු දවසේ ඉඳන් රටට කළ එක වැඩක් කියන්න බලන්න. පොල් ගස් කැපුවා.., බෝක්කු පිපිරෙව්වා... ඇරෙන්න.

:       3       7

Sajith Perera Tuesday, 05 January 2021 06:19 PM

3% හරක්ට තේරෙන්නේ නැති හැටි... යුක්රේන් ජාතිකයෝ ආවේ සල්ලි තියන නිසානේ නැතුව අපෙන් ඉල්ලන් හෝටල් වල ඉන්නද? වේලෙන හෝටල්වලට එ්කත් පොද වැස්සක්. නුඹලා ඔය කියන රටවල් වලින් කවුරුහරි ගෙනත් පෙන්නන්න. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. බල්ලා පිදුරු කන්නෙත් නැහැ... කන ගොනාට කන්න දෙන්නෙත් නැහැ.

:       2       7

ranja Wednesday, 06 January 2021 02:46 AM

ඇති නැති පරතරය සහෝදරයා. ඔක්කොම දුප්පත් නැහැ. ඔය 456 සල්ලි තියෙන්නේ මිනිස්සුද දන්නේ නැහැ.

:       3       16

කනිෂ්ක Wednesday, 06 January 2021 04:36 AM

ඔබ පවසන පරිදි යුක්රේනය හිඟන රටක් නොවේ. ලොව 74 වන ආර්ථිකය හිමි රටකි. කාර්මික නිෂ්පාදනවලට ප්‍රචලිත රටකි. ඔවුන් යුද, ගුවන් යානා සහ අවි ආයුධ ද නිෂ්පාදනය කරයි. විපක්ෂය වූ පමණින් යම් රටක අභිමානයට හානි නොකරන්න. අපේ රටේද විදේශ සංචාරයේ යන ජනතාවක් ඇත. එ්ත් අප රට පොහොසත් රටක් නොවේ.

:       9       19

RaveendraWednesday, 06 January 2021 05:36 AM

පළමුව අප "දැන් බලයේ සිටින එකදු හෝතඹුවෙකුට කඩේ නොයන්නෝය. එමෙන්ම විපක්ෂයේ ඉන්න එකදු හෝතඹුවෙකුටද කඩේ නොයන්නෝය" . එලෙසම ඔබගේ අදහස් නිවැරදිය. මේ රතු චීත්ත සහෝදර මලයන්ඩිලා ටික උදේ නැගිටින්නේ දියව් දියව් කියමින් හෝ අප ඒකට විරුද්ධයි, මේකට විරුද්ධයි යන "ධනාත්මක සිතුවිලි පොදි බදාගෙන" බැවින් අවශ්‍ය කාරණයට විරුද්ධ වූවන් මිනිසුන් මේ රතු හැට්ටකාරයින්ව තඹේකට ගණන් නොගැනීම අරුමයක් නොවේ...

:       9       11

fairoos Wednesday, 06 January 2021 06:58 AM

උඩ ප්‍රතිචාර බැලුවාම තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ තරම... හැමදාම එක එක පක්ෂවලට කඩේ යන එක තමයි කළේ.

:       5       2

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 729 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 317 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1095 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4325 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2071 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1127 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site