IMG-LOGO

2025 මාර්තු මස 01 වන සෙනසුරාදා


යුක්රේන ජනපතිට එන්න කියලා: දෙහි කපයි

යුක්රේනයේ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, ඇමෙරිකාව සමඟ ගිනිසුමකට අත්සන් තැබීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ධවල මන්දිරයට පැමිණියේය.

ධවල මන්දිරයට පැමිණි යුක්රේන ජනාධිතිවරයා උණුසුම් අයුරින් පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.

පසුව, ධවල මන්දිරයේ ඔවල් කාර්යාලයේ දී ට්‍රම්ප් සහ සෙලෙන්ස්කී අතරේ සාකච්ඡා පැවැත්වුණු අතර, ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ඊට එක් විය.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වී සිටින අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී, සෙලෙන්ස්කි, ට්‍රම්ප් සහ ජේ.ඩී. වැන්ස් උණුසුම් වාදයකට පැටලුණාහ.

බයිඩන් පරිපාලනය දිගින් දිගටම අවි ආයුධ සහ මුදල් දෙමින්, යුක්රේනයට ආධාර කිරීමෙන් රුසියන් යුක්රේන යුද්ධය ඔඩුදුවා ඇති බවත්, තෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වළක්වමින්, තමන් හඳුන්වා දී ඇති සටන් විරාම සාම වැඩපිළිවෙළට එක් වන ලෙසත් ට්‍රම්ප් සහ වැන්ස් දෙදෙනා සෙලෙන්ස්කිට බල කරන්න වූහ.

සෙලෙන්ස්කී කරුණු පැහැදිලි කිරීමට උත්සාහ ගත්තත්, මට උපදෙස් දෙන්න ඔබට අයිතියක් නැතැයි කියමින්, ජනපති ට්‍රම්ප්, සෙලෙන්ස්කී කී කිසිවකට ඇහුම්කන් දීමට ඉදිරිපත් වූයේ නැත.

අවසානයේ ට්‍රම්ප් සෙලෙන්ස්කී සහ ඔහු සමඟ පැමිණ සිටි යුක්රේන නියෝජිත කණ්ඩායම ධවල මන්දිරයෙන් නෙරපා දැමීමටත්, ඇමෙරිකාවෙන් වහා පිටවන ලෙසත් දැනුම් දුන් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

තමන් සමඟ එකට එක කීමට උත්සාහ ගැනීමෙන් සෙලෙන්ස්කී තමන්ටත්, ඇමෙරිකන් පුරවැසියන්ටත් අගෞැව කළේ යැයි ට්‍රම්ප්, සෙලෙන්ස්කීට දොස් නගා ඇත.

මේ අතර, ධවල මන්දිරයේ ඔවල් කාර්යාලයේ දී ට්‍රම්ප් සමග එකට එක කියමින්, ට්‍රම්ප්ට අපහාස කළ සෙලෙන්ස්කී 'මෝඩයකු' බව රුසියාව පවසා ඇත.

(අල් ජසීරා)



අදහස් (0)

යුක්රේන ජනපතිට එන්න කියලා: දෙහි කපයි

ඔබේ අදහස් එවන්න

දියත

යුක්රේන ජනපතිට එන්න කියලා: දෙහි කපයි
2025 මාර්තු මස 01 908 0

යුක්රේනයේ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, ඇමෙරිකාව සමඟ ගිනිසුමකට අත්සන් තැබීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ධවල මන්දිරයට පැමිණියේය.


වෛද්‍යවරුන්ගේ දීමනා අඩු කිරීම සාධාරණ නෑ
2025 පෙබරවාරි මස 28 817 0

වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ මූලික වැටුප ඉහළ දැමීම සාධාරණ වුවද සෙසු දීමනා අනුපාතය අඩු කිරීම සර්වසාධාරණ නොවන බවත් ඒ පිළිබඳව ආණ්ඩ


ඉන්ධන මිලේ වෙනසක් නෑ
2025 පෙබරවාරි මස 28 412 0

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල මාර්තු මස වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.


අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම කුමන්ත්‍රණයක්ද හොයනවා
2025 පෙබරවාරි මස 28 751 4

අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම තුළ යම් කුමන්ත්‍රණයක් තිබේයැයි හඳුනාගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.


ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි
2025 පෙබරවාරි මස 28 238 0

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 78කින් පාර්ලිමේන්තුවේදී අද (28) පස්වරුවේ සම්මත විය.


දේශබන්දු අත්අඩංගුවට ගන්නැයි නියෝග
2025 පෙබරවාරි මස 28 1742 0

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හයදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍ර


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 57 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 354 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 488 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site