යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරියාවේ කේ.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
උතුරු කොරියානු සෙබළුන් 11,000 ක්, රුසියාවට ගොස් සිටින්නේ, රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වීමටය. පසුගිය නොවැම්බර් 4 වැනිදා සිට උතුරු කොරියානු සෙබළුන්, රුසියන් සෙබළුන් සමඟ එක් වී, යුක්රේන සෙබළුන් සමඟ ගැටෙයි.
රුසියාව සහ යුක්රේනය සේම, රුසියාව සහ උතුරු කොරියාව ද එකිනෙකට මායිම් වෙයි. උතුරු කොරියාව ඇමෙරිකන් සම්බාධක හේතුවෙන් ලොවෙන් හුදෙකලා වී සිටී. ඇමෙරිකාව සම්බාධක පනවා ඇත්තේ උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ යහපත් සබඳතා පවතී. ඇමෙරිකාව යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, රුසියාවට සම්බාධක පැනැවීමක් ද කර ඇත.
යුක්රේන හමුදා සටන් වැදීමට, රුසියාව අවි ආයුද සහ පතුරම් මිලදී ගන්නේ උතුරු කොරියාවෙනි. කොරියානු නායක කිම් ජොන් උන්, සිය සෙබළුන් යුක්රේනයට යවා ඇත්තේ පුටින් සමඟ පවතින මිත්‍රත්වය නිසාය.
කියුබානු මහකොමසාරිස් ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (26) දින තරුණ කට
බීමත්ව රියපැදවීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්
දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.
නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකි
මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා