"කලාව මිනිසාගේ මනස සුවපත් කරයි. කලාවේ යෙදීමෙන් රස විදීමෙන් සුන්දර මිනිසෙකු බිහිවේ. එලෙස සුන්දර මිනිසෙකු බිහිවීමෙන් සුන්දර රටක් බිහිවේ. එනිසා කලාව කියන දේ අත්‍යවශ්‍යම කාරණයක්" මෙවැනි කලාත්මක සිතක් ඇති කලාවට ප්‍රවිශ්ට වීමට රුචිකත්වයක් දක්වන නව පරපුරේ දක්ෂයෙකු සමඟයි අද දවසේ කතා බහ.
ඩිලාන් මියුරංග කියන්නේ කවුද කියලා අපි මුලින්ම කතා කරමු?
හඳුන්නෙත්තිලාගේ ඩිලාන් මියුරංග කියන්නේ හැම කෙනෙක් එකක්ම සුහඳව කටයුතු කරන සරල මනුස්සයෙක්. මම මේ වෙද්දී කොළඹ සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව අධ්‍යාපනවේදී (ගෞරව) උපාධිය හදාරමින් ඉන්නවා. මේ දවස්වල උපාධියේ අවසන් මාස කිහිපය තමයි යන්නේ එනිසා මේ දවස්වල මූලිකත්වය ලබා දෙන්නේ මගේ උපාධියේ කටයුතු සඳහා. ඊට අමතරව මම කලා කටයුතු, නිරූපණ කටයුතු වල නිරත වෙනවා. කලාව තුළ නිරතවීම තුළින් මම ආත්ම තෘප්තියක් ලබනවා. මම කැමති දක්ෂ නිරූපණ ශිල්පියෙක් වෙන්න. මම ඒ සම්බන්ධයෙන් වැඩිදුර හදාරමින් ඉදිරියට යනවා.
කලාවට, නිරූපණයට ප්‍රවිශ්ට වෙන්නේ කොහොමද?
පොඩි කාලේ ඉඳන් තිබුණ හීනයක් තමයි කලාවට හා නිරූපණයට ප්‍රවිශ්ට වීම. මගේ පවුලේ අය කලාවත් සමඟ සම්බන්ධවෙලා කටයුතු කරපු පිරිසක් නෙමෙයි. නමුත් මගේ කලා ගමනට ඒ හැමෝම සහය දක්වනවා. ඒ වගේම කලාවට මූලික අඩිතාලම ලැබෙන්නේ මගේ පාසලෙන්. මගේ පාසල යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විද්‍යාලය. පාසලෙන් ලැබුණු පන්නරය නිසාම තමයි මම අද කලාවට සම්බන්ධවෙන්න කැමැත්තෙන් ඉන්නේ. මම පාසලේ කලා කටයුතු වලට නිතරම සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. තූර්ය වාදක කණ්ඩායමේ නායකයා වෙලා තියෙනවා. පාසල් වේදිකා නාට්‍යවල ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. පාසලේ දී නර්තනය සම්බන්ධයෙන් යම් හැදෑරීමක් කර තියෙනවා. මේනකා පුරසිංහ ගුරුතුමිය තමයි මුලින්ම මාව යොමු කරන්නේ. ඊට අමතරව ශ්‍යමලි ගුණසිංහ ගුරුතුමිය මට සහය වුණා. පාසල් අධ්‍යාපනයෙන් පසුව විවිධ ආයතන හරහා වැඩිදුර හැදෑරීමක් කරලා තියෙනවා.
කලාවට ප්‍රවිශ්ට වෙන්න සූදානමින් ඉන්න කෙනෙකු විදිහට ලබාගත් ජයග්‍රහණ සම්බන්ධයෙනුත් කතා කරමු?
මම පසුගිය වසර වල ජනප්‍රිය නාලිකා වල අවුරුදු කුමරා අවසන් දෙළොස් දෙනාට තේරුණා. මේ වසරේ ජාතික යොවුන් අවුරුදු කුමරා සහ වසත් සිරිය කුමරා යන අංශ දෙකේම ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබූවා. මේ ලබපු ජයග්‍රහණය වගේම රසිකයින්ගෙන් ලැබුණු ජනාදරය මගේ කලා ජීවිතයේ ඉදිරි ගමනට උත්තේජනයක් කිව්වොත් මම නිවැරදි.
කලාවේ දිගු ගමනක් යන්න කලාව සම්බන්ධයෙන් හැදෑරීමක් තිබීම වැදගත් ද?
ඔව්, තමා කරන දෙයෙහි හතර කොණ සම්බන්ධයෙන් අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. අඳුරේ අතපත ගෑමකින් දිගු ගමනක් යන්න බැහැ. නිසි හැදෑරීමක් සහිතව ගියාම ඒ ගමන සාර්ථක කරගන්න පුළුවන්.
ඔබේ අනාගත අභිලාෂයන් ගැනත් මතක් කරමු?
කලාවට මම හරිම ආදරෙයි. කලාවේ නිරත වෙන්න මම හරිම ආසයි. මම කැමති දක්ෂ රංගන ශිල්පියෙක්, දක්ෂ නිරූපණ ශිල්පියෙක් වෙන්න. මම ඉදිරියේ දී හොඳ නිර්මාණයක් තුළින් කලාවට ප්‍රවිශ්ට වෙන්න බලාපොරොත්තු වෙනා. ඒ වගේම ප්‍රේක්ෂකයාට ප්‍රියමනාප කලාකරුවෙකු වගේම නිහතමානී කලාකරුවෙකු වෙන්න තමයි මගේ අපේක්ෂාව.
කලා ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට දෙන්න තියෙන පණිවිඩය සහ මේ ගමනේ ඔබට සහය වූ පිරිස් ගැනත් මතක් කරමු?
මමත් නවකයෙකු නිසා නව අදහසක් තවකෙකුට දෙන්න බැහැ. මම කියන්නේ තමා පිළිබඳ විශ්වාසයෙන් කරන දේ හරියට, කැපවීමෙන් කරොත් අවසානයේ සාර්ථක ගමනක් යන්න හැකියාවක් ලැබෙනවා කියලා මම හිතනවා. මුලින්ම මම මාව විශ්වාස කරගෙන මේ ගමන යනවා. ඒ නිසා මුලින්ම මම මට ස්තූතිවන්ත වෙනවා. ඊට අමතරව මගේ පවුලේ සියල්ලටම, පාසලේ සියලුම ගුරුවරු විශේෂයෙන්ම සෞන්දර්යය ගුරුවරු, විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු වගේම මුල ඉඳන්ම මගේ ලඟටම වෙලා මාව දිරිමත් කළ මාව අඟය කළ මගේ යාහළුවන්ට, මට වචනෙකින් හරි උදව් කළ හැමෝටමත් පිරිස මට වටිනවා. ඒ හැම කෙනෙකුටම මගේ ස්තූතිය පුද කරනවා.
අදහස් දැක්වීම : ඩිලාන් මියුරංග
සටහන : මනීෂා වීරසිංහ
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
රංගනයෙන් නිරූපණයෙන් දස්කම් දක්වන යොවුන් අවුරුදු කුමරා