(සුජිත් හේවාජුලිගේ )
ආරක්ෂාව අවශ්‍ය නොවන යම් යම් පුද්ගලයන්ගේ සහ ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් ඒ පුද්ගලයන්ගෙන් සහ ස්ථානවලින් ඉවත් කර පොලිස් ස්ථානවලට වහාම අනුයුක්ත කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දුන්නේය.
යම් යම් පුද්ගලයන්ට ආරක්ෂාව අවශ්‍යදැයි තක්සේරුවක් කරන ලෙසටද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ආරක්ෂාව අවශ්‍ය නොවන පුද්ගලයන්ට සහ ස්ථානවලට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් නිලධාරීන් විශාල වශයෙන් ලබා දීම නිසා පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ හිඟයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
මන්ත්‍රීවරුන් මෙසේ පෙන්වා දුන්නේ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.
මේ අතර වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තු වලට අමතරව අතිවාස කාල සීමාව සඳහා අයකරනු ලබන ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදල සංශෝධනය කිරීම සඳහා ආගමික හා විගාමික පනත යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සෑදූ නියෝග වලට මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය (25) වැනිදා
රැස්විය.
මේ අතර, මත්ද්‍රව්‍ය වැටලීම්වලට සම්බන්ධ නිලධාරීන් අගය කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරු කාරක සභාවේදී පෙන්වා දුන්හ. ඒ අනුව සෑම පොලිස් කලාපයකින්ම මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ නිර්දේශ ලබා ගනිමින් නිලධාරීන් අගය කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන දයාසිරි ජයසේකර, අකිල එල්ලාවල, මධුර විතානගේ, චන්දිම වීරක්කොඩි, මහින්දානන්ද අලුත්ගමගේ, අසංක නවරත්න, තිසකුට්ටි ආරච්චි, රාජිකා වික්‍රමසිංහ, ඉසුරු දොඩංගොඩ, කුමාරසිරි රත්නායක, වීරසුමන වීරසිංහ සහ සහන් ප්‍රදීප් විතාන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රැකවලු ඉවත් විය යුතු තැන් ටිරාන් කියයි
රවින්ද්‍ර Tuesday, 30 May 2023 07:15 PM
කාරක සභාවෙ කට්ටිය දැක්කම, හිනා පැන්නා යකු . . මහින්ජානන්දෙ, තිස්සමොට්ටාරච්චි, සහන් ප්‍රදීප් (ආකිමිඩීස්) යන මහත්වරුන් ලු.
සසර Wednesday, 31 May 2023 07:01 AM
දේශපාලන පුවත් වලට වෙන් කල අවකාශය වෙනුවට පුංචි දරුවෙකුගෙ දක්ශතාවන් දැම්මා නම් එයින් ඔහුගේ මෝරාල් අප් වෙයි.
Rohan Wednesday, 31 May 2023 10:43 AM
මේ කාරක සභාවට පත්වෙලා ඉන්න සභිකයින් දිහා බැලූ විටදී, ජනතාවට හැඟී යන්නේ, මෙහෙව් රටකද අපි ජීවත්වන්නේ කියායි...
Uthpalawarna Hakmanage Wednesday, 31 May 2023 04:13 PM
සී.ඩී.වික්‍රමරත්න ඉන්නකම් කුඩු අල්ලන ඒවට රිවෝට් දෙන්නෙ නෑ.