IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රාගම කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරෙයි - වීඩියෝ

(තිස්ස කොටින්කඩුව)

රාගම ශික්ෂණ මහ රෝහලේ  කොරෝනා වාට්ටුවේ ඇදන් රෝගීන්ගෙන් පිරී ඇතැයි වාර්තාවෙයි.

මේ හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය පොදු පහසුකමි සීමා වී ඇතැයිද ප්‍රතිකාර ලබන රෝගීහු සඳහන් කරති.

බොහෝ රෝගින් වාට්ටුවල තැනින් තැන ගැටලු රැසක් මැද බිම නිදා ගනිමින් මහත් අපහසුතාවයකින් ප්‍රතිකාර ලබා ගැනිමට සිදුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.

පසුගිය දිනෙක  මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්ද 26 වාට්ටුව මැද බිම තබා තිබූ බව ඔවුහු කීහ.

මේ පිළිබදව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර මහතා ගෙන් විමසා සිටිමේදි ඔහු පවසා සිටියේ,කොවිඩි 19 වසංගත 4 වැනි රැල්ලත් සමග රාගම ශීක්ෂණ රෝහලේ කොරෝනා වෛරස ආසාදිතයන් සදහා ඇතුල් කර ගන්නා වාට්ටු දෙකේ ඇති ඇදන් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රෝගින් එම වාට්ටු වලට ප්‍රථිකාර ගැනිම සදහා දෛනිකව ඇතුළු වන බවය.

උද්ගතව ඇති බැරැරුම් තත්ත්වය පාලනය කිරිම සදහා මේ වන විට ඇදන්  236කින් සමන්විත වාටිටු 10ක් දැනට රෝහලේ පවත්වා ගෙන යන බවද සදහන් කළ අධ්‍යක්ෂක වරයා ඊට අමතරව රාගම ශික්ෂණ රෝහල යටතේ පාලනය වන  කදාන ප්‍රාදේශිය රෝහලේ  ඇදන්  114 සමග වාට්ටු තුනක්ද,සිදුව ඇදන් 600 කින් යුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද විවෘතව ඇති බවය.

මේ වන විට රෝගින් රාගම,කදාන සහ සිදුව කොරෝනා මධ්‍යස්ථානයේ රෝගින් 1020 ප්‍රථිකාර ලබමින් සිටින අතර රාගම ශික්ෂණ රෝහලේ ඇදන් වලට වඩා රෝගින් ප්‍රමාණයක් සිටිම හේතුවෙන් සමහර රෝගින්ට ඔක්සිජන් පවා ලබා දිමට සිදුව ඇත්තේ බිම දිගා කොට බවය.   

කොරෝනා ආසාදිතයන් සදහා මේ සතිය තුළ රාගම ශික්ෂණ රෝහලේ ඇදන් 28 කින් යුත් තවත් වාටිටුවක් ආරම්භ කිරිමට නියමිත බවද අධ්‍යක්ෂක වරයා පවසයි.

මේ වන විට තම කාර්ය මණ්ඩලයේ වෛද්‍ය වරුන් ඇතුලු සියලු සේවක සේවිකාවන් දැඩි කැප විමකින් සේවයේ නියතුව සිටින බව සදහන් කළ අධ්‍යක්ෂක වරයා දැනට කාර්ය මණ්ඩලයේ වෛද්‍ය වරුන් දෙදෙනෙකු ඇතුලු හෙදියන් 10 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇති බවද හෙතෙම පවසා සිටියේය.

රාගම ශික්ෂන රෝහලේ ශාල්‍යකර්ම,හර්ද රෝගින් හා වකුගඩු රෝගින් සදහා ප්‍රතිකාර,මාතෘ සායන වැනි අනෙක් අත්‍යවශය සේවාවාවන් කර ගෙන යන අතර තුර කොරෝනා ආසාදිතයන්ටද ප්‍රතිකර ලබදෙන බව අමතක නොකල යුතු කරුණක් බවද අධ්‍යක්ෂක වරයා සදහන් කරයි



අදහස් (22)

රාගම කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරෙයි - වීඩියෝ

රංග තේනුවර Wednesday, 04 August 2021 06:46 PM

මේ අයට හරියට සේවාව ලබාදෙන්න බැරි නම් හමුදාවට රෝහල් පරිපාලනය බාරදීමට කටයුතු කරනා මෙන් අප අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු...

:       302       98

Raveendra Wednesday, 04 August 2021 07:37 PM

හමුදාවට දුන්නම ඇඳන් සහ ඉඩකඩ ඉබේ පහළ වෙනවද මහත්මයා? රටම හමුදාවට දීලා තියෙන්නේ දැනුත්...

:       39       403

වසන්තිThursday, 05 August 2021 07:28 AM

මේ වාගේ " මොලේ උඩ වාඩිවෙන " අයගේ උපදෙස් ක්‍රියාත්මක කිරීම නිසා තමා අපේ රට විනාශ වෙන්නේ.

:       144       152

සෙන්පති නිදිකුම්බාThursday, 05 August 2021 09:25 AM

හැමදේම හමුදාවට දෙන්නේ ඇයි මහත්තයෝ?

:       29       68

NishanThursday, 05 August 2021 03:14 PM

එයාට රටේ පරිපාලනය ගැන දැනුමක් නැති නිසා... එයා පරණ හමුදා නිලධාරියෙක් නිසා... එයා දන්නේ හමුදාව දාලා වැඩ ගන්න එක විතරක් නිසා...

:       0       0

VithanaThursday, 05 August 2021 03:11 PM

පරිපාලනයද? වෙදකමද? ඇයි වෙදකම හමුදාවට දෙන්න නොකියන්නේ? ඒක හමුදාවට දීලා කරගන්න බැරි බව දන්නා නිසා නේද...?

:       0       0

fairoos Wednesday, 04 August 2021 07:20 PM

සර් ළඟදි පත්තර එහෙම බැලුවැයි...?

:       9       127

VithanaThursday, 05 August 2021 03:09 PM

සර් විතරක් නෙවෙයි, පවුලම පත්තර විතරක් නෙවෙයි, අන්තර්ජාලයවත් බලන්නේ නෑ... එයාලට බනින ඒවා බලන්න බැරි නිසා...

:       0       0

N herath Wednesday, 04 August 2021 07:24 PM

හොඳයි, හොඳයි මිනිසුන්ම පත්කරගත්ත ආණ්ඩුව කර අරිනවා. මිනිසුන් බැට කනවා.. සර් පට්ට ෆේල්...

:       70       381

Sanhida Wednesday, 04 August 2021 08:07 PM

දැන් කරන උද්ඝෝෂණ වල ප්‍රතිඵල එන්නේ තව සති 3 කින් විතර. ලංකාව, නවදිල්ලිය වගේ වෙලා තියෙයි. මේ වෙලාවේ ඔය ‍රැල්ල පටන් ගත්තු අයට සාපවෙනවා.

:       0       0

Rohana Wednesday, 04 August 2021 08:13 PM

මෙයාල ඕනැම අභියෝගයක් ජයගන්න පුලුවන් කියලනෙ බලය ගත්තෙ. ඔය අභිවෝග ජයගන්න හැටිද? මරු…..

:       0       0

chathura Wednesday, 04 August 2021 09:02 PM

ඔක්කොම නිකන් දීමේ ප්‍රතිඵල තමයි මේ... කිසිම දියුණුවක් ලබා ගත නොහැකි, රජයෙන් කීයක් හරි ලැබෙනකන් බලාගෙන ඉන්න රෝහල්වල මෙවැනි දේවල් සිදුවීම වළක්වන්න බැහැ.. දියුණු රටවල් වලත් දුප්පත් මිනිස්සු නැතිවා නොවේ. නමුත් රක්ෂණ ක්‍රම වේදයකට හැමෝම සුව පහසු ජීවන රටාවක් ගෙවනවා. අපි නිකන්වත් හොයලා බලන්නේ නැහැ දියුණු රටවල් වල තියෙන ක්‍රමවේදය මොකක්ද කියලා.. නිකන් දීමෙන් කවදාවත් රටක් දියුණු වෙන්නේ නැහැ කියලා තේරෙනකම්, මේ දුක අපි හැමෝටම විඳින්න වෙනවා.

:       0       0

ranjith Thursday, 05 August 2021 06:01 AM

1977 ට පස්සේ පාලනය කරපු සියලු දෙනාම අසමත් .රට දුප්පත් කමේ අඩියටම පත් උනා. දැන් ඉතින් සංචාරකයෝ එනකම් ,විදේශ රැකියා වල සල්ලි එනකම් ,බලාගෙන ඉන්නවා. කෙළවරක් නැතුව ණය ගන්නවා .රට කොහේටද මේ යන්නේ .

:       0       4

priyantha Thursday, 05 August 2021 09:53 AM

සර් ෆේල් කියා කියා තව රට වටේ පෙළපාලි යමවු .නියමයි ..

:       237       167

VithanaThursday, 05 August 2021 03:08 PM

ෆේල් අයට පාස් කියන්නද කියන්නේ? සර් වෙලාවට රට වැහුවේ නැති නිසයි මේ විනාශය වුනේ.... වෙලාවට රට වැහුවෙත් නෑ. වෙලාවට එන්නත් ගෙනැල්ලා දුන්නෙත් නෑ...

:       0       0

Jude perera Thursday, 05 August 2021 10:06 AM

එතකොට අපි නෙමේද හොඳටම කරලා තියෙන්නේ

:       1       86

Don perera Thursday, 05 August 2021 12:20 PM

රටේ මෝඩ ජනතාවක් ඉන්නකම් රට මෙහෙම තමයි

:       1       54

බද්රානි Thursday, 05 August 2021 01:12 PM

"නිදහස් අධ්‍යාපනය නොමිලේ" කියලා සද්දේ දැම්මට, "නිදහස් සෞඛ්‍ය සේවය නොමිලේ" කියලා කියන්න අපේ රටේ ජනතාවගේ කටවල් ඇරෙන්නේ නැහැ. රෝගීන්ව මෙලෙස ඇඳන් යටට හා කොරිඩෝ වල ගාල් නොකර, තාවකාලික ඇඳක් ලබා දෙන්න රෝහල් පරිපාලනයට නොහැකිද? රෝගීන්, මුදලට විකිනෙන තැනකයි, මුදල මත රෝගීන්ට අත්වී ඇති ඉරණමයි අතර වෙනස දැන් වත් පැහැදිලිද? අපරාදේ, අර නෙලුම් කුළුණ වත් රෝහල පේන මානයේ තිබුනා නම්, ඇඳක් යට ඉඳගෙන කෙඳිරිගාමින් හෝ කුලුනේ පත්තුවෙන ලයිට් ටික දෙස බලා ගෞරාන්විත රෝගී ජනතාවක් ලෙස අපට ආඩම්බර වෙන්න තිබුනා? අන්න එතකොට තමයි හිතෙන්නේ, නෙලුම් කුළුණු සෑම නගරයකම ඉදිකළා නම් කොතරම් සුන්දරද කියලා???

:       59       25

Pathum Thursday, 05 August 2021 02:07 PM

මේ රජය තව මාස තුනකින් රට සුර පුරයක් කරනවාමයි

:       0       0

Vithana Thursday, 05 August 2021 03:06 PM

කලට වේලාවට රට ලොක්ඩවුන් කළා නම් මෙහෙම වෙන්නේ නෑ. කලට වේලාවට එන්නත් ගෙනැල්ලා දුන්නා නම් මෙහෙම වෙන්නේ නෑ. එන්නත් ගේන්න සල්ලි නෑ කිව්ව ආණ්ඩුව ඩොලර් මිලියන 375ක සැප කාර් 228 ක් ගෙන්වන්න එල්.සී. ඇරියා. එන්නත් ගෙන්වනවා වෙනුවට පැණියක් ප්‍රමෝට් කළා. කළගෙඩි නැටුම් නැටුවා. දැන් මුලු රටම මළගමක් වෙලා.

:       0       0

Vithana Thursday, 05 August 2021 03:12 PM

පරිපාලනය හඳෙන් ගෙනත් දෙන්නද? ආණ්ඩුව දැනගන්න එපැයි වැඩිපුර ගොඩනැගිලි දෙන්න ඉස්පිරිතාල වලට....

:       0       0

janahitha Thursday, 05 August 2021 03:13 PM

නිදහස් අධ්‍යාපනය, නෙලුම් කුළුණු මේකට අදාළ නැහැ. භයානක උවදුරක්... ප්‍රතිකාර කරන්න විදිහක් නැහැ. බෙහෙතක් නැහැ. ප්‍රතිකාර කරන හෙද හෙදියන්ද මරණයට පත්වෙනවා. හැමටම බුදු සරණයි. හැමෝම පරිස්සම් වෙන්න. දේශපාලනය ගැන පසුව කතාකරන්න පුුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1484 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1313 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2062 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2384 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 564 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1136 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35892 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site