(රේඛා තරංගනී ෆොන්සේකා)
මම ප්‍රතිකාර ලබා ගැනීමට ගියේ රෝගියකු ලෙසයි. වෛද්‍යවරයකු ඒ ආකාරයෙන් රොගියකුට සලකාවි යැයි මම කිසිසේත්ම හිතුවෙ නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ හත්වැනිදා හවස කොළඹ ලංකා හොස්පිටල්හී මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ශේප කිරීම සම්බන්ධයෙන් අප කල විමසීමට පිළිතුරු සපයමිනි.
අමාත්‍යවරයා මෙසේ ද කීය.
මෙම සිද්ධිය වූ දිනට සති තුනකට පෙරදී වෛද්‍යවරයා චැනල් කළා. ඒ අනුව ලැබුණු අංක තුන යටතේ ඔහුව හමුවීමට රෝහලට ගියා.
එම අවස්ථාවේදී තමාගේ රෝගි සටහන්පත් කවුන්ටරය වෙත බාරදී විනාඩි හතලිස්පහක පමන කාලයක් තමාගේ වාරය එනතුරු රෝහලේ රැදී සිටියා.
එම අවස්ථාවේදී එහි සිටි හෙදියක් තම බිරිඳ අමතමින් පසෙකට කැඳවාගෙන ගියා ඇය තමාගේ රෝග තත්ත්වයක් පිළිබඳ බිරිඳව දැනුවත් කිරීමට කැඳවාගෙන යන්නට ඇතැයි සිතුවා.
හෙදිය මුණගැහී තමා වෙත ආ බිරිඳ අපි යං තාත්ති යැයි පවසමින් තමා ඉදිරියට පැමිණීමත් සමඟ සිදු වූයේ කුමක්දැයි සිතා ගත නොහැකිව ඔහු තම බිරිඳගෙන් ඒ පිළිබඳව විමසා සිටි බව අමාත්‍යවරයා පැවසීය.
එම අවස්ථාවේදී වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන හෙදිය තමාව දැනුවත් කළ බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව වෛද්‍යවරයා හමු වී ඒ ආකාරයෙන් කටයුතු කළේ මන්දැයි තමා විමසා සිටි අතර එහිදී ඔහු පවසා ඇත්තේ දේශපාලනඥයන්ට තමා ප්රතිකාරක නොකරන බව යැයි අමාත්‍යවරයා පැවසීය.
තමාට මුදල් නැවත රැගෙන යන්නට වෛද්‍යරයා පැවසූවත් එම මුදල් ද තමා ලබා නොගත් බව පැවසීය.
සිද්ධිය පිළිබඳව තමාට යම් කනගාටුවක් ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා මීට පෙර අවස්ථා දෙකකදී ඔහුගෙන් ලබාගත් කාරයන්හීදි ලබා දුන් ඖශධවලින් දැණුන අපහසුතාවයකට ප්‍රතිකාර ලබා ගැනීමට මා වෛද්‍යවරයා හමුවට ගියා.
අවසානයේ දී එකී සංකූලතාවන් ට ප්‍රතිකාරකාර නොලබාම තමාට රෝහලෙන් පිට වෙන්නට සිදු වූණා.
වෛද්‍යවරයාගෙන් සිදුවූ අකටයුත්ත පිළිබඳව තමා මාධ්‍යට කතා නොකර සිටි බව සඳහන් කළ අමාත්‍යවරයාවරයා අදාළ වෛද්‍යවරයා යූ ටියුබ් වෙත හඬ පට නිකුත් කරමින් තමා හීරෝ වන න්‍යායකින් කටයුතු කරනු දක්නට ලැබුණා.
රෝගියකු පීඩාවට පත්කොට වෛද්‍යවරයකු එසේ හීරෝ කෙනකු වීම පිළිබඳව කණගාටුවක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයාවරයා ඒ හඬපටයෙන් පසු ඒ පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය තමාගෙන් විමසන විට එයට උත්තර දීම දැන් තමා සිදු කරන බව පැවසීය.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘රෝගියකු අපහසුතාවයට පත් කළ වෛද්‍යවරයා හීරෝ වෙලා‘‘
කිරිපුතා Sunday, 08 May 2022 04:22 PM
දේශපාලකයින්ට නොසැලකීම වෙනම දෙයකි. වෛද්‍යවරයා ඒ කළ වැඩේ න්‍යාය ධර්මවලට පටහැනි දෙයක්... වෛද්‍යවරයාට විරුද්ධව නීතිමගට බැසීමේ හැකියාව ඇතැයි විශ්වාස කරමි. තුවාල ලැබූ ත්රස්තවාදීන්ට පවා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු නොපසුබටවෙති.
රටවැසිSunday, 08 May 2022 05:56 PM
එංගලන්තයේ වෛද්‍ය සංගමය මේ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නට තීරණය කර ඇත. වෛද්‍ය වෘත්තියට කළ අපහාසයට.. ඒ " හිපෝක්රටිස්-ලෝ " දිවුරුම් දීම කඩපු නිසා.. එය සෑම වෛද්‍යවරයෙක්ම කුමන රටේ සිටියත් පිළිපැදිය යුතු නීතියකි...!
Rata PerataSunday, 08 May 2022 07:43 PM
එංගලන්තයේ දේශපාලනය කරන කෙනෙක් එක්ක සංසංදනය කරලා දෙනවද ප්ලීස්...?
රටවැසිSunday, 08 May 2022 08:46 PM
සෑම වෛද්‍යවරයෙකුම ජීවිත කාලයටම වෛද්‍ය සංගමයේ සාමාජිකත්වය ලබාගෙන වැඩ කළ යුතුයි. එයට අංකයක් දෙනු ලැබේ.. ඒකට කියන්නේ " ජීඑම්සී " අංකය කියලා. ඒ අංකය ඇතුල් කළවිට සුදුසුකම ලැබුව විශ්ව විද්‍යාලය, වර්ෂය, කොපමණ කලක් වෛද්‍ය සේවයේ රැඳී ඉන්නවද කියලා එයින් දන්වයි. එය වර්ෂයකට වරක් අලුත් කරගත යුතුයි. වැරැද්දක් කළා නම් සාමාජිකත්වය අයින් කරලා දමයි. ඉන්පසු නැවත විභාගයකට පෙනී සිට සමත් වී වෛද්‍ය සංගමයේ සාමාජිකත්වය ලබාගත යුතුමයි. ඒත් අවුරුදු 5 ක් යනතුරු ඒ කළ වරද වෛද්‍යවරයාගේ දත්තවල තිබේ..!
කමල් Sunday, 08 May 2022 05:59 PM
න්‍යායධර්ම වලින් කෙල පැමිණියෙක්ද ඔබතුමා? වෛද්‍ය න්‍යායධර්ම නොදැන කරපු දෙයක් කියලාද හිතන් ඉන්නේ...? මෙතුමා විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙක්. මෝඩයෙක් නොවේ. වෛද්‍යවරයෙක්ට රෝගීන් ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා තියෙනවා. ළිං මැඩියන් වගේ තමන් හිතන දේම විතරයි හරි කියලා හිතාගෙන ඉන්නකොට ඔය වගේ අදහස් එනවා. මෙහෙම නිවුස් දකිනකොට. රටේ ලෝකෙ ගැන දන්නේ නැත්තන් ඉගෙන ගන්න...
රටවැසිSunday, 08 May 2022 07:32 PM
කමල් මහත්තයෝ වෛද්‍යවරයෙක්ට රෝගීන් ප්‍රතික්ෂේප කළහැකි අවස්ථා කොහෙත්ම නැත...! ආගම, කුලය, බලය, ජාතිය නොබලා බෙහෙත් කරන්නට ඒ අය දිවුරා ඇත..! එය සක්සුදක්සේ ඔප්පු වුණා. යුද්ධය කාලේ ඉස්පිරිතාලවල දොස්තරවරු බෙහෙත් කළ විදියෙන්.. තුවාල වුණු කොටියන්ටත් බෙහෙත් කළා බව ඔබට අමතකද? ළිඳේ ඉන්න මැඩියා කවුද කියලා වැටහෙනවා කමල් දාගෙන ඉන්න ඇස් කණ්ණාඩි කාච දැක්ක ගමන්ම...!
mahindaSunday, 08 May 2022 06:17 PM
මහජන මුදල් මංකොල්ල කද්දී ඒ මහජන මුදල්ද කියලා හිතුවද?
කිත්සිරිMonday, 09 May 2022 11:31 AM
මනුෂ්‍යයා කියන්නේ මිනිස්කම් හඳුනන, තියෙන කෙනාටයි. එතකොට මෙතනදී අදාල වෙන්නේ නෑ..
wicky Sunday, 08 May 2022 04:29 PM
මනුස්සකමින් බලන්න බැහැ දේශපාලුවන් දිහා... එයාලා සැපට කරන්ට් කැපෙන්නේ නැතුව... තෙල් ප්‍රශ්න, එතකොට ගෑස් ප්‍රශ්න මොකුත් නැතුව ඉන්නකොට, දොස්තර ඉඳලා ඔය ඔක්කෝම ප්‍රශ්න. මට අවස්ථාවක් ලැබුණා නම් මාත් ඔය දේශපාලුවන්ට කරන්නේ ඕකම තමයි. එයාලට VIP දාගෙන පාරෙ යනකොට ඕවා හිතුණද නැහැනේ... නේද? වරප්‍රසාද ගන්නකොට... මම නම් දොස්තර කරපු වැඩේ අගය කරනවා.
කසුන් Sunday, 08 May 2022 04:31 PM
මෙතැනදී වෛද්‍යවරයා හැසිරී ඇති ආකාරය ඉතා පහත් සහ වෛද්‍යවරයෙකුට කොහෙත්ම නොගැලපේ... දේශපාලකයා කොතරම් අවුල් වුණත් මෙතැනදී ඔහු රෝගියකු පමණයි. කුඩු වෙළෙන්දන්, හොරුන්, මංකොල්ලකාරයින්, මිනීමරුවන් කොතරම් මේ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්නවද? යුද්ධය කාලේ ත්රස්තවාදීන්ට ප්‍රතිකාර කල උතුම් වෛද්‍යවරුන් හිටපු රටක් මේක...! අපි කොහාටද මේ යන්නේ...?
ghiSunday, 08 May 2022 06:06 PM
වෛද්‍යවරයා රෝගියෙකු බැලීම ප්‍රතික්ෂේප කළ පමණින් ඔහු පහත් ක්‍රියාවක් කර ඇතිදැයි කියන්නේ මොන පදනමකින්ද?. මේක සාමාන්‍ය දෙයක්. ඔබට මැජික් එකක් වුණාට. මෝඩ මානසිකත්වයෙන් මිදුණාම ලෝකය ගැන ඕනෑතරම් දේවල් තියනවා ඉගෙන ගන්න.
Rocky Sunday, 08 May 2022 04:56 PM
ඔබතුමා ගිහින් තියෙන්නේ වැරැදි තැනටයි..!
Siri Sunday, 08 May 2022 04:59 PM
ඇයි මේ ගොල්ලන්ට රජයේ රෝහලකින් ප්‍රතිකාර ගන්න අමාරු?
වර්ණකුලසූරිය Sunday, 08 May 2022 05:03 PM
ජනතාවට ප්‍රතිකාර කිරීමට ඇති සියල්ල විනාශකර මඩි තරකර ගත් මෙවැනි අයට උගන්නපු පාඩම ජනතාවගේ පැත්තෙන් අපි අගය කරමු. බෙහෙත් නැතිව ගෙදර යන ජනතාවට ඇතිවෙන වේදනාව පාලකයින්ටද දැනෙන්න කළ මේ ක්‍රියාව ඇත්තටම වීරකමකි...
Helaya Sunday, 08 May 2022 05:05 PM
අපිත් හිතුවේ නෑ, ඔබලා රටට මෙහෙම හෙනයක් කරයි කියලා. බෙහෙත් නෙවෙයි දෙන්න ඕනි. ජයවේවා ඩොක්ටර්..!
ජලිත Sunday, 08 May 2022 05:07 PM
මහජන මුදල් සොරකම් කරන, කප්පම් ගන්න, හොර ඔප්පු සාදා ඉඩම් අත්පත් කරගන්න, කොමිස් ගිලින, අහිංසකයින්ට ගොන්පාර්ට් දාන දේශපාලකයින් කවුරු වුණත් ඉක්මණින්ම යනවා නම් තමා රටට, ජනතාවට සෙතක් වෙන්නේ..
යෝගා Sunday, 08 May 2022 05:15 PM
මෙච්චර පහත් තත්වයකට දොස්තර කෙනෙක් වැටෙයි කියලා හිතුවේ නෑ...
විපරමා Sunday, 08 May 2022 06:22 PM
ජනතා නියෝජිතයින් කියන දූෂිත දේශපාලුවන් ඊට වඩා අන්තයි. ජනතාවගේ ලේ, දහඩිය, මහන්සිය උරාබීපු ලේ මාපිල්ලු...
අප්පුහාමි Sunday, 08 May 2022 06:35 PM
එතුමාට තමන්ගේ වාහනයට ඉන්ධන ගන්න තිබුණා නම් ඔහොම නොවෙයි කියලා හිතෙනවා. කොහොම නමුත් මහාචාර්යතුමාට තිබුණා ප්‍රසන්නට බෙහෙත් කරලා අවසානයේ රටේ තත්වයත්, තමන්ට එදා ඇතිවුණු අසීරුතාවත් ඇමැතිවරයාට කියාදීලා ඒවාට විසඳුමක් ඉක්මණින් ලබාදෙන්න ඉල්ලීම කරන්න තිබුණා.. එහෙම වුණා නම් රටටත් සෙතක් වෙන්න තිබුණා.
Shan Sunday, 08 May 2022 05:26 PM
ඇයි ගම්පහ ඉස්පිරිතාලයට ගියේ නැත්තේ? ආ... ඒවායේ බෙහෙත් නැහැනේ..
ඉන්දික Sunday, 08 May 2022 05:33 PM
බලන් ඉන්න. ඉස්සරහට පාරට බහින්න වෙන්නේ නෑ...
හසන් Sunday, 08 May 2022 05:56 PM
ඔබතුමා රජයේ රෝහලකින් බෙහෙත් ගත්තා නම් ඉවරයිනේ...
Willow Drive Sunday, 08 May 2022 05:57 PM
විශ්ව විද්‍යාල සිසුන් සහ ඇදුරන් ගැන ඉතාමත් පහත් කොට කථාකරපු එකේ ප්‍රතිඵල අත්විඳින්නේ...!
Chrishthik Sunday, 08 May 2022 06:02 PM
දැන් මන්ත්‍රීලා කරන්නේ මිනිසුන් පහසුතාවයට පත්කරන දේවල්ද?
අරගල රාළ Sunday, 08 May 2022 06:09 PM
මේ වෙලාවේ පුළුවන් හැම විදිහකින්ම රජපවුලයි, ඔවුන්ව රකින කේවට්ටයින් ටිකයි මර්දනය කළ යුතුයි. සමාජයෙන් කොන් කළ යුතුයි. කනබොන තැන්වලින් පවා වාරණය කළ යුතුයි. එහෙම නැතුව අවුරුදු 74 ක් ඔඩුදුවපු තුවාල සනීප කරන්න බෑ.
bird eye Sunday, 08 May 2022 06:10 PM
ජරා වැඩේ කරලා පොර වෙන්න ගිය එක ඊට හපන් අමන වැඩක්...
සරත් Sunday, 08 May 2022 06:14 PM
පශු වෛද්‍ය වරයෙක් නෙවෙයිනේ...!
Senaka Sunday, 08 May 2022 06:21 PM
ලංකාවේ මිනිස්සු තනිකරම කරන්නේ පිස්සු..
Rakitha Sunday, 08 May 2022 06:36 PM
වෛද්‍ය වෘත්තියට නොගැලපෙන පහත් වැඩක්. දොස්තරලා රජයත් එක්ක තරහින් ඉන්නේ... පර්මිට් එක නැති නිසා මිස මිනිසුන්ට ආදරේට නෙමෙයි.
ranjith Sunday, 08 May 2022 06:43 PM
දේශපාලකයෝ දැන්වත් තේරුම් ගන්න වෙනවා එයාලගේ ක්‍රියාකලාපය නිසා ගරු බුහුමන් ලැබිය යුතු කොටසක් නොවන තත්වයට පත්වෙලා.
DK Sunday, 08 May 2022 06:46 PM
අහිංසක නිරායුධ අරගල කරුවන්ට කදුළු ගෑස් ගහන්න... බැටන් පොලු පහරවල් දෙන්න අණ කරපු, ඉඩම් මංකොල්ල කමින් රාජ්‍ය සේවකයින්ට තර්ජනය කරපු මෙවැනි දේශපාලුවන්ට දෙන්න ඕනෑ දඩුවම් මෙහෙම නෙමෙයි...
Sisil Sunday, 08 May 2022 07:04 PM
ප්‍රසන්න රණතුංග ගිහිල්ලා තියෙන්නේ වැරදි දොස්තර මහත්තයෙක් ළඟට. ඔයා පශු වෛද්‍යවරයෙක් හොයාගෙන යන්න. මහාචාර්ය ජයවර්ධන මහතා ප්‍රසන්න රණතුංගට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ඉතාමත්ම සාධාරණයි.
MVH Sunday, 08 May 2022 07:09 PM
බල්ලෝ කකුල කෑවට... ඔබ බල්ලගේ කකුල කන්න යන්න එපා...!
සමිත Sunday, 08 May 2022 07:10 PM
වෛද්‍යවරයා ඉතා නිවැරදි දෙයක් කර තිබෙන්නේ... ඔහු කියලා තියෙන්නේ එන්න රජයේ රෝහලට මම ප්‍රතිකාර කරන්නම් කියලා.. ඔබට මගේ ආචාරය...!!!
සනත් බණ්ඩාර Sunday, 08 May 2022 08:45 PM
මේ වෛද්‍යවරයා රජයේ රෝහලක වැඩ කරන්නේ නැහැ. ඔහු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ භෞතික අංශයේ කථිකාචාර්ය වරයෙක් පමණයි.
Nuwandika Sunday, 08 May 2022 07:11 PM
මේකෙ කමෙන්ට් දැක්කාම ආයෙත් අප්පච්චි මහරජාණෙනි කියලා රාජපක්ෂ කෙනෙක් ජනාධිපති වුණොත් මම නම් පුදුම වෙන්නේ නෑ...
Piyal Sunday, 08 May 2022 07:17 PM
මේ දොස්තර මහත්තයා වීරයෙක්...
Kanthi Sunday, 08 May 2022 07:22 PM
කවුරු හදිස්සියේම මියගියහොත් මිනීපෙට්ටි සාප්පුවල ඉන්න අයත් මිනීපෙට්ටියක් දෙන්න ප්‍රතික්ෂේප කළොත් මාර වැඩේ තමයි වෙන්නේ...
mp Sunday, 08 May 2022 07:25 PM
වෛද්‍යවරු සැමවිටම මනුෂ්‍යයෝ නොවෙති. අමනුෂ්‍යයෝද සිටිති...
Rajith Sunday, 08 May 2022 07:41 PM
ඔහු රෝහලක වැඩකරන්නේ නැහැ.
Pradeep Sunday, 08 May 2022 07:58 PM
පුද්ගලික චැනලින් එකක මෙවැනි දෙයක් කරන්න ඔහුට සම්පූර්ණයෙන්ම අයිතිවාසිකම් ඇත.
පී. විජේසූරිය Sunday, 08 May 2022 08:02 PM
දේශපාලකයින් බොහෝමයක් සදාචාර සම්පන්න නැහැ. එය වෙනම කතාවක්... මෙතන ඉන්නේ රෝගියෙක් හා වෙෙද්‍යවරයෙක්... සටන් බිමේදී තුවාල ලැබූ සතුරාත් කර තබාගෙන ගිහින් ජීවිත බේරපු වෙෙද්‍යවරු හිටිය රටක් මේක... මට හිතෙන්නේ මෙතුමා දැන්නම් සිද්ධියට කණගාටු වෙනවා ඇති. ඉලක්කවලට යන අයට දෙපැත්ත පේන්න නැහැ. කියන්නේ මේවාට තමයි. කණගාටුයි. අතිශයින්ම කණගාටුයි.
Sas Sunday, 08 May 2022 08:06 PM
සමහර දේශපාලකයින් ත්රස්තවාදීන්ටත් වඩා අන්තයි...
Sampath Sunday, 08 May 2022 08:14 PM
ඇයි රජයේ රෝහලකට ගියේ නැත්තේ?
පුරවැසියා Sunday, 08 May 2022 08:33 PM
මහත්තයා ලෙඩෙක් නං ගෙදරට වෙලා විවේකයෙන් ඉන්න. පාර්ලිමේන්තුවට තවත් ලෙඩ්ඩු ඕන නැහැ.
Duminda Siriwardena Sunday, 08 May 2022 08:40 PM
වෛද්‍යවරුන් වැඩ වර්ජන කරලා අහිංසක රෝගීන් දරුණු ලෙස පීඩාවට පත් කරවනවා. එවැනි අවස්ථාවක රටේ ඉන්න ව්‍යාපාරිකයෝ කිව්වොත් අපේ කඩවලින් වෛද්‍යවරුන්ට බඩු විකුණන්නේ නැහැ. ප්‍රවාහන අංශය කිව්වොත් අපේ වාහනවලින් වෛද්‍යවරුන්ට ප්‍රවාහනය දෙන්නේ නැහැ. පෙට්‍රල් ෂෙඩ්වලින් කිව්වොත් වෛද්‍යවරුන්ට තෙල් දෙන්නේ නැහැ...
රනේ Sunday, 08 May 2022 08:41 PM
මන්ත්‍රීලාටත් දුක දැනෙන්න දෙන්න ඕනෑ. මහජනතාවත් ඔබව ප්‍රතික්ශේප කරනවා... ඇමතිතුමාලා දැන්වත් දැනගන්න.
මැක්ස් Sunday, 08 May 2022 08:48 PM
ගිලනුන්ට උවටැන් කරන්නා මට උපස්ථාන කරන්නේය... වැනි අතිශය මානුෂීය දහමක් දේශනා කළ උත්තමයකු සරණ ගියා යැයි කියන අය නේද මේ අමානුෂීය දොස්තර කෙනෙකුට හුරේ දාන්නේ...?
Mama Sunday, 08 May 2022 08:52 PM
සැබෑ රෝගියෙකි, රෝගය නම් අධික තණ්හාව හේතුවෙන් රටම විනාශය කර ඇද දමා ඇත.
sampath Sunday, 08 May 2022 09:09 PM
මේක පිළිගන්න පුළුවන් තත්වයක් නම් නෙවෙයි..!
ලක්මල් ගලප්පත්ති Sunday, 08 May 2022 09:30 PM
මහජනතාව විසින් ආරම්භකරන ලද අරගලයට අද වනවිට විවිධ විද්වතුන්, කලාකරුවන් හා වෘත්තිකයන් ඇතුළු බොහෝ පිරිස් සහාය දක්වමින් සිටී. නීතිවේදීන් විසින් අරගලයට සහාය වන්නන් වෙනුවෙන් නොමිලයේ නීති ආධාර ලබාදෙමින් සිටියි. මාධ්‍යවේදීන් ජනතා අරගලයට එක්වෙමින් කටයුතු කරයි. කලාකරුවන්, අරගලකරුවන් දිරිමත් කරමින් වීදි බැස ඇත. මහනාහිමිවරුන් විහාරස්ථාන දේශපාලකයන්ට තහනම් කලාප බවට පත්කර ඇත. සියල්ලන් තමතමන්ගේ උපරිම සහාය විවිධ ආකාරයෙන් ලබා දෙන්නාක් සේම මෙම වෛද්‍යවරයාද සිදුකරන ලද්දේ එම කටයුත්තමයි. තමන් සමීපයට ආ සතුරාට වැරදි ඖෂධයක් ලබාදී සදහටම නිහඬ කරවීමේ හැකියාවද මෙම වෛද්‍යතුමන්ට තිබියදී, එසේ නොකොට රෝගියාට ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම උත්තම ක්‍රියාවකි. අනෙක් පසින්, මෙවන් විද්වතුන් විසින් ලබාදෙන පණිවුඩය අපවන් සාමාන්‍ය ජනයා දහසක් විසින් ලබාදෙන පණිඩුඩයකට වඩා ප්‍රබලයි. එවන් පණිඩිඩ තුළින් මෙම සමාජ අරගලයේ නිරත පිරිස් තව තවත් ධෛර්යමත් වනවාක් මෙන්ම, තවමත් නිදා සිටින පිරිස් අවදි කරවීමට හැකියාව ලැබෙනු ඇත.
pakeer Sunday, 08 May 2022 09:30 PM
දැන් තේරුම්ගනිල්ලා, නුඹලගේ මෝඩ රැඟුම් බලන්නේ නැහැ කියලා තවත්. මේවා කරන්න තිබුණේ මීට අවුරුදු 50කට විතර ඉස්සර. මුලින්ම මේ වැඩේ පටන් ගත්තේ VIP ගුවන් තොටුපළෙන්.. දැන් තමයි ට්‍රැක් එකට ගන්න වෙන්නේ. නියම වියත් මගේ වැඩ දැන් බලාගනිල්ලා.
Kumara Sunday, 08 May 2022 09:40 PM
අපි අලුත් රටක් හදමු...
Saththaya Monday, 09 May 2022 06:49 AM
අපිට හිතන්න තියෙන්නේ ,මෙම ක්‍රියා දාමය, හිතක්, පපුවක් නැති දේශපාලුවන්ට... ජීවිතය කියන්නේ මොකද්ද කියලා සිහි කැඳවීමක් ලෙස. දේශපාළුවත් හිතන්න ඕනෑ.. ඔවුන් ජීවිත කීයක් අසරණ කරලාද කියලා... ඔවුන්ගේ කොල්ලකෑම් නිසා... ලංකාවේ මොවුන් ජනතාවගේ ලේ උරාබීලයි ඉන්නේ... අනුන්ගේ ජීවිත ගැන හිතුවාද? ඒ නිසා දොස්තර මහතාට සිදුවෙනවා ඔවුන්ව ප්‍රතිප්ෂේප කරන්න සමාජය වෙනුවෙන්... දැන් මිනිසුන් බෙහෙත් ටික නැතුව, කන්න බොන්න නැතුව ඉන්න එක සාධාරණද? ඔවුන්ටත් බෙහෙත් නැති වෙන්න ඕනෑ තේරෙන්න...
ranjith Monday, 09 May 2022 10:01 AM
ඔය වගේ අකරතැබ්බයක් වෙන්න ඕනේ ඇහැරෙන්න. දේශපාලකයින්ගේ නොයෙක් පළිගැනීම් හමුවේ සාමාන්‍ය ජනතාව අසරණ තත්වයට පත්කරලාමත් ඔවැනි වේදනාවක් තමයි දැනෙන්නේ. ඔයාලටත් තේරෙනවා ඇති දැන් හොඳ අත්දැකීමක් මිනිස්සුන්ට යහපතක්ම කරන්න සිතාගන්න.
siri Monday, 09 May 2022 10:02 AM
ඔහෙලත් හීරෝ වෙලානේ හිටියේ... දැන් සනීපද?
චමින්ද Monday, 09 May 2022 10:13 AM
ඩොක්ටර්ට බනින්නේ ඇයි? එතුමා කිව්වානේ ජාතික රෝහලට යන්න කියලා.. ඩොක්ටර් විතරද වීරයා වෙලා තියෙන්නේ? තමනුත් ගම්පහ පැත්තේ කප්පම් රජෙක් කියනවා නේද? ඒ වගේම ඔබ පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ සක්විති රජෙක් වගේ කියලා කථාකරන කොට පේනවා. උගතුන්, බුද්ධිමතුන් හෙලා දැක්කාම ඔහොම දේවල් වෙනවා. තමන්ගේ නූගත්කමත් පේනවා. ශරීරය වැඩේ, මොළය නොවැඩේ කියලා කතාවක් අහලා තියෙනවා.
Ajantha2 Monday, 09 May 2022 10:37 AM
‘‘අපි යන් තාත්ති‘‘ ඇමැතිගේ දරුවද රෝහලට ඇවිත් තියෙන්නේ...?
විජය Monday, 09 May 2022 11:00 AM
එතකොට මෙයා පීඩිත මිලියන 22 ක ජනතාව අපහසුතාවයට පත්කළේ මොන හිතකින්ද? රඹුක්කන සිද්ධියේදී කියපුවා අමතකයිද?
sujeewa Monday, 09 May 2022 11:17 AM
මේ වගේ අදහසකටත් ඩිස්ලයික් දාන්න කට්ටිය ඉන්නවා කියන්නේ මේ ඩිස්ලයික් කාරයින් අනිවාර්යයෙන්ම වෙනම න්යායපත්රයක්ට වැඩ කරන කණ්ඩායමක්. මේ කියන වෛදයවරයා සැබෑම ප්‍රතිපත්තිගරුක අයෙක් නම් ඔහුගේ චර්යාව තුළ පළමුව ඇති කර ගත යුතු ප්‍රතිපත්තිය වන්නේ කිසි දා චැනලින් නොයමි.. යන්න හෝ චැනලින් වලදී තමා හට ගාස්තුවක් අය නොකරමි යන්නයි. එවිට අවම වශයෙන් මුදල් නොගන්නා නිසා තමාට අවශ්‍ය අයට පමණක් ප්‍රතිකාර කරනවා යන්නවත් කිව හැකියි. අනෙක් අතට මුදල් ගෙවා පැමිණ සිටියදී ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ අයට විරුද්ධව හා එම රෝහලට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ගයකට වුවද යෑමට හැකිවිය යුතුයි. දේශපාලකයින් ප්‍රතික්ෂේප කිරීමට පෙර මෙවැනික්රම වෙනස් කළ යුතුයි...
Mahesh Monday, 09 May 2022 11:21 AM
එල්ලා මරන්න ඕනෑ අයට මෙහෙම හරි දඬුවම් ලැබෙනවා නම් හොඳයි.
Neranja buddini Monday, 09 May 2022 11:58 AM
ඔබට වුණු අසාධාරණය ගැන කතා කරනවා. ඔබෙන් මේ රටට කොච්චර අසාධාරණකම් වෙලා තියෙනවාද? ඉපදෙන්න ඉන්න දරුවන් පවා ණයකාරයින් කරපු ඔබලාට සමාජයෙන් සාධාරණයක් ඉල්ලන්න පුළුවන්ද? රෙද්දක් ඇඳගෙන සියලුම දේශපාලුවන්ට මේ රටෙන් බෙහෙත් නොදී ප්‍රතික්ෂේප කරන්න ඕනෑ. අහිංසක මිනිස්සුන්ට සල්ලි නෑ. ඔය ලොකුලොකු හොස්පිටල්වලට යන්න රජයේ රෝහල්වල බෙහෙත් නෑ. ඒ මිනිස්සු දුක් විඳිනවා.. ඔබලාත් විඳවන්න ඕනෑ...
Kumar Monday, 09 May 2022 01:21 PM
පේන හැටියට නම් මේ දොස්තර ශල්‍ය වෛද්‍යවරයෙක් නෙමෙයි..
Jc Monday, 09 May 2022 03:56 PM
මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංගට විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබෙන්නේ නම් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ දක්වා එවැනි පැමිණිල්ලක් වෛද්‍ය සභාව වෙත ලැබී නොමැති බවයි. කෙසේවෙතත් වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ අදාළ සිද්ධිය පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැක්කේ එම වෛද්‍යවරයා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ අයෙක් නම් පමණක් බවයි. යම් හෙයකින් එවැනි විමර්ශනයකදී අදාළ වෛද්‍යවරයා එලෙස ආචාර ධර්ම කඩකරමින් ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව තහවුරු වුවහොත් වෛද්‍යවරයාගේ ලියාපදිංචිය අවලංගු කිරීමටත්, සේවය අත්හිටුවීමටත් හැකියාව පවතින බවයි, එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.